header logo
SLIC
උණුසුම් පුවත්
වෛද්‍යවරියක ලෙස පෙනී සිට මුදල් වංචාකළ කාන්තාවක් අත්අඩංගුවට
Jun 18, 202604:36 PM
වෛද්‍යවරියක ලෙස පෙනී සිට මුදල් වංචාකළ කාන්තාවක් අත්අඩංගුවට
Mobitel 1278

බටහිර සහ ආයුර්වේද වෛද්‍යවරියක ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් පුද්ගලයන් රවටා රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් වංචා කළ නිත්‍යානුකූල නොවන වෛද්‍යවරියක් හොරණ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ගිරිබාව ප්‍රදේශයේ පදිංචිව සිට පසුව හොරණ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 53 හැවිරිදි අවිවාහක කාන්තාවකි.

පොලිස් පරීක්ෂණවලට අනුව සැකකාරිය දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම මෙහෙයවා ඇත.

ඇය ජනතාව මුලා කිරීම සඳහා කුලී පදනම මත සුඛෝපභෝගී මෝටර් රථ ලබාගෙන, ඒවායේ වෛද්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කරමින් විවිධ ප්‍රදේශවල නොමිලේ වෛද්‍ය සායන පවත්වා ඇත.

එමෙන්ම විවිධ රෝග සඳහා විදේශ රටවලින් සුවිශේෂී ඖෂධ ගෙන්වන බව පවසා රෝගීන්ගේ විශ්වාසය දිනාගෙන ඇතත්, ඇය ලබාදී ඇත්තේ මෙරට භාවිතය සඳහා අනුමත නොකළ, ප්‍රමිතියෙන් තොර ඖෂධ බවත් හෙළි වී තිබේ.

එලෙස විදේශයන්ගෙන් ඇණවුම් කළ ඖෂධ බහාළුම් කොළඹ වරායට පැමිණ ඇති බවත්, ඒවා මුදා ගැනීමට මුදල් අවශ්‍ය බවත් පවසා ඇත. පසුව නැවත ලබා දෙන පොරොන්දුව මත වසර එකහමාරක පමණ කාලයක සිට විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් වංචා කර ඇත.

සැකකාරිය විසින් ගම්පහ, මදුරාවල, මිල්ලනිය, බණ්ඩාරගම, හොරණ සහ ඉංගිරිය යන ප්‍රදේශවල සාමාන්‍ය වැසියන් පමණක් නොව, එම ප්‍රදේශවල ප්‍රසිද්ධ විහාරස්ථානවල වැඩවාසය කරන නායක හිමිවරුන් ද රවටා මෙසේ මුදල් ලබාගෙන ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී තිබේ.

ඇයගේ වෛද්‍ය සුදුසුකම් සම්බන්ධයෙන් සැක සිතී පොලිසිය විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් සහ ආයුර්වේද වෛද්‍ය සභාවෙන් සිදුකළ විමසීම්වලදී, ඇය කිසිදු වෛද්‍ය සභාවක ලියාපදිංචි වී නොමැති ව්‍යාජ වෛද්‍යවරියක බව නිල වශයෙන් තහවුරු වී ඇත.

වංචා කරන ලද කෝටි සංඛ්‍යාත මුදලට සිදුවූයේ කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති වුවද, සැකකාරියගේ නමින් ව්‍යාජ සමාගම් දෙකක් ලියාපදිංචි කර ඇති බව පොලිසිය සොයාගෙන ඇත.

එම ව්‍යාජ සමාගම් නාමයන් භාවිත කරමින්, වංචා කළ මුදල් ඩොලර් බවට පත්කර විදේශ රටවලින් භාණ්ඩ ගෙන්වන මුවාවෙන් රටින් පිටකර ඇති දැයි සෙවීමට පොලිසිය පුළුල් පරීක්ෂණ අරඹා තිබේ.

හොරණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා සහ සහකාර පොලිස් අධිකාරී බී.එම්. ඒකනායක යන මහත්වරුන්ගේ උපදෙස් මත, හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික නවරත්න මහතාගේ මෙහෙයවීමෙන් පො.සැ (58653) ජයන්ත, (71385) සංජීව, (71389) අසංක, (60604) සුභසිංහ සහ කා.පො.සැ (2015) දිලීප යන නිලධාරීහු ඉදිරි විමර්ශන සිදුකරති.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි