header logo
SLIC
උණුසුම් පුවත්
අත්අඩංගුවට ගත් යෝෂිත ඇපත් අරන් එළියට - සම්පූර්ණ නඩු වාර්තාව
Jun 17, 202607:11 PM
අත්අඩංගුවට ගත් යෝෂිත ඇපත් අරන් එළියට - සම්පූර්ණ නඩු වාර්තාව
EDEX

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම විසින් අද (17) පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමෙන් පසු, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සහ ඔහු ඇප මත මුදාහැරීමට අදාළ සිදුවීම් මෙලෙසය.

යෝෂිත රාජපක්ෂ මහතා පෙ.ව. 9ට පමණ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණියේය.

ඒ, 2006 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදා විධායක අංශය සඳහා ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගැනීමේදී, බඳවා ගැනීම් සඳහා නියමිත සුදුසුකම් සපුරා නොමැතිව, විධායක අංශයේ ශිෂ්‍ය භට නිලධාරියෙකු වශයෙන් බැඳීම සහ එතෙක් පැවැති ක්‍රමවේදයට පරිබාහිරව බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලයවක් සඳහා රජයේ මුදල් වැය කර සහභාගීවීමට අවස්ථාව සලසා ගැනීම යන චෝදනාව යටතේ සිදුකරන විමර්ශනයට අනුව සිදුකළ කැඳවීමකට අනුවය.

එහිදී පැය 2කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අදාළ දූෂණ වරදට ආධාර අනුබල දීම යන චෝදනාව යටතේ ඔහු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව ඔහු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් අමා විජේසිංහ මහත්මිය සමග පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රුවිනි වික්‍රමසිංහ මහත්මිය සඳහන් කළේ, 2016 ජූලි 25 වැනිදා ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවය.

නිසි සුදුසුකම් සහිත ඉල්ලුම්කරුවන් සිටියදී සුදුසුකම් සපුරා නොමැති මෙම සැකකරු නාවික හමුදා පුහුණුවක් සඳහා එංගලන්තයට සහ යුක්රේනයට යැවීම සහ ඊට අවශ්‍ය කටයුතු සැලසීම සම්බන්ධයෙන් ඇය අධිකරණයට කරුණු අනාවරණ කළේය.

"ස්වාමීනි, 2006 වසරේ ඔක්තෝබර් මස සිවිල් පුරවැසියෙකු වශයෙන් සිටි මේ සැකකරු එංගලන්තයේ 'රෝයල් නේවි යං ඔෆිසර්ස් කෝස්' නමැති පාඨමාලාවට සහභාගි වීම සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කරනවා. එම පාඨමාලාවට සහභාගි වීම සඳහා නාවික හමුදාවේ කැඩෙට් නිලධාරියකු වශයෙන් වසර දෙකක පුහුණු කාලය අවසන් කළ දක්ෂ ශිෂ්‍යයෙකු ලෙස තේරී පත්වී තිබිය යුතුයි.

ඒ වගේම ගණිතය සහ විද්‍යාව විෂයන්වලින් අපොස උසස් පෙළ විභාගය සමත් වී තිබිය යුතුයි. නමුත් මේ සැකකරු උසස් පෙළ විභාගය ලියලා තිබෙන්නේ කලා අංශයෙන්.

ඒ අනුව මෙම සැකකරුට අදාළ පාඨමාලාවට සහභාගිවීමට හැකිවන පරිදි සුදුසුකම් වෙනස් කරනවා. ඒ අනුව විද්‍යාව, වානිජ හා කලා අංශවල පෙනී සිට විෂයන් දෙකක් සමත්වීම ප්‍රමාණවත් බවටත් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි හෝ සිංහල විෂයන් සම්මාන සාමාර්ථ ලබා සමත් වී තිබිය යුතු බවටත් සුදුසුකම් වෙනස් කරමින් පුවත්පත් දැන්වීම් පළ කරනවා.

ඉන් අනතුරුව 2006 වසරේ දෙසැම්බර් මස 14 වැනිදා මෙම සැකකරු නාවික හමුදාවට බඳවාගැනීම සිදුවෙනවා. ඔහු සමග ශිෂ්‍ය භටයින් විසිහය දෙනෙකු බඳවාගැනීම සිදුවෙනවා.

මේ සැකකරු වෛද්‍ය පරීක්ෂණවලට ඉදිරිපත් වන්නේ දෙසැම්බර් මස 06 වනදා. ඒ කියන්නේ බඳවා ගැනීමට පෙර තමයි මොහු වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් වෙලා තිබෙන්නේ. ඉන් පසුව 2007 වසරේ ජනවාරි මස පළමුවැනිදා අදාළ පුහුණුවට සහභාගි වීම සඳහා සැකකරු එංගලන්තයට පිටව යනවා.

මෙවැනි පාඨමාලාවකට සහභාගි විය හැක්කේ නාවික හමුදාවේ විධායක අංශයේ දක්ෂතම ශිෂ්‍යයින් ලෙස දක්ෂතා දැක්වූ අයට පමණයි. 1995 වසරේ සිට 2010 වසර දක්වා නිලධාරින් පස් දෙනෙකු මේ පාඨමාලාවට යවා තිබෙනවා. ඒවා ශිෂ්‍යත්ව වශයෙන් තමයි යවලා තිබෙන්නේ.

නමුත් මේ සැකකරු සහභාගි වූ පාඨමාලාව වෙනුවෙන් රුපියල් 6,284,218.61ක මුදලක් රජයෙන් වැය කර තිබෙනවා. මෙම ක්‍රියාව තුළින් රජයට එවැනි මුදලක් පාඩු වී තිබෙනවා. එමගින් අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ දූෂණය නැමැති වරද සිදුකර තිබෙනවා.

මෙම සැකකරු සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ එක්ව මෙම කුමන්ත්‍රණය සිදුකර තිබෙන බව සාක්ෂි වලින් පැහැදිලි වෙනවා".

ඉන් අනතුරුව සැකකාර යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනය ආරම්භ වී තිබෙන්නේ මීට වසර දහයකට පමණ පෙර බව සඳහන් කළේය.

"ස්වාමීනී මගේ සේවා දායකයාට එරෙහිව මෙවැනි චෝදනාවක් එල්ල කරන්න බැහැ. ඕනෑම පුද්ගලයෙකුට පාඨමාලාවකට අයදුම් කරන්න පුළුවන්. සුදුසුකම් තිබෙනවා නම් පමණයි තෝරාගන්නේ. ඒ වගේ මගේ සේවාදායකයාත් මේකට අයදුම් කළා. ඔහුව තෝරාගෙන තිබෙනවා. ඒකට ඔහුට කළ හැකි දෙයක් නැහැ. එනිසා ඔහු පිට වරදක් පටවන්න බෑ. "

දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන්.සිල්වා මහතා නියෝග කළේ සැකකාර යෝෂිත රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙසය.

එමෙන්ම ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමටත් අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පැමිණිල්ල අගෝස්තු මස 4 වැනිදා යළි කැඳවීමට නියමිතය.

https://youtu.be/y1kc83XhEIg
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana