header logo
SLIC
උණුසුම් පුවත්
ඌණ උපයෝජිත ඉඩම් නව ආයෝජන අවස්ථා සඳහා විවෘත කිරීමට සැලසුම්
Jun 16, 202609:05 PM
ඌණ උපයෝජිත ඉඩම් නව ආයෝජන අවස්ථා සඳහා විවෘත කිරීමට සැලසුම්
Mobitel 1278

රජයේ ඉඩම් ආඥා පනතට සහ ඉඩම් සංවර්ධන ආඥා පනතට අදාළ අවලංගු කළ යුතු චක්‍රලේඛ අවලංගු කරමින් නව චක්‍රලේඛ නිකුත් කිරීමට සහ සංශෝධනයට ලක් කළ යුතු චක්‍රලේඛ වර්තමානයට ගැළපෙන ලෙස සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ලබා දීම සඳහා පත් කළ චක්‍රලේඛ සංශෝධන කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණි.

අද (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති කාර්යාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ ව්‍යවස්ථාපිත කටයුතු අංශයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා, ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති උපදේශක, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්, කෘෂිකර්ම පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ඉඩම්), ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, බස්නාහිර පළාත් ඉඩම් කොමසාරිස්, නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම්, තක්සේරු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන තක්සේරුකරු සහ මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂවරයා (ඉඩම්) කටයුතු කරති.

කමිටුවේ කැඳවුම්කරු ලෙස ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා පත් කරනු ලැබ සිටී.

පවත්නා නෛතික ප්‍රතිපාදන තුළ රාජ්‍ය ආදායම් හිතකර අයුරින් වර්ධනය වන ලෙස බදුකරුවන් අගතියට පත් වීමකින් තොරව බදු අය කිරීමේදී විශ්වාසනීය, ඒකාකාරී සහ නිත්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා දීර්ඝකාලීන බදු ලබා දීමේදී සහ නිදහස් දීමනාපත්‍ර නිකුත් කිරීමේදී අය කරනු ලබන වාර්ෂික බදු මුදල් නැවත සමාලෝචනය කිරීම, දීර්ඝකාලීන බදු ලබා දීම්වලට අදාළ අනෙකුත් චක්‍රලේඛවල වර්තමානයට අදාළ ගැළපුම් සිදු කිරීම, එම චක්‍රලේඛ අවශ්‍යතාවලට සහ නීතිමය ප්‍රතිපාදනවලට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම, චක්‍රලේඛවලට අදාළ නියෝග සංශෝධනය කිරීම සහ නව නියෝග සකස් කිරීම සඳහා නිර්දේශ ලබාදීම මෙම කමිටුවේ කාර්යභාරය වේ.

ඒ අනුව, එම චක්‍රලේඛ සංශෝධනයට අදාළව කමිටුව විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

රජයේ ඉඩම් ඌණ භාවිතය මගහරිමින් කාලයට ගැළපෙන පරිදි නව ප්‍රතිපත්තියක් සකස් විය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ඉඩම් සහ වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති නීති උපදේශක ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රවීන්ද්‍ර පතිරණගේ, ඉඩම් කොමසාරිස් ජනරාල් චන්දන රණවීරආරච්චි, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (ආයතනික කටයුතු) ජේ.ජී.එල්.එස්. ජයවර්ධන, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (ජාතික අයවැය දෙපාර්තමේන්තුව) ඩී.ඒ. අසන්ත ගුණසේකර, ඉඩම් කොමසාරිස් (බදු අංශය) පී.කේ.සී. නිලානි මහින්දඥානම් යන මහත්ම මහත්මීන් ඇතුළු කමිටුවේ සෙසු සාමාජිකයෝද, මුදල් අමාත්‍යාංශයේ සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි