header logo
SLIC
උණුසුම් පුවත්
CID අධ්‍යක්ෂ ශානි තමා කෙරෙහි වෛරයකින් කටයුතු කිරීමේ ඉඩක් ඇති බව හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට දන්වයි
Jun 16, 202608:19 PM
CID අධ්‍යක්ෂ ශානි තමා කෙරෙහි වෛරයකින් කටයුතු කිරීමේ ඉඩක් ඇති බව හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට දන්වයි
Mobitel 1278

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට අද රිට් පෙත්සමක් ඉදිරිපත් කළේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ විමර්ශනය මෙහෙයවීමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ශානි අබේසේකර තමන් කෙරෙහි කිසියම් වෛරයකින් හෝ ද්වේශ සහගත අදහසකින් කටයුතු කිරීමට ඉඩකඩ තිබෙන බව හිටපු ජනාධිපතිවරයා සිය පෙත්සමෙන් පෙන්වාදී තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය ජුනි 03 වැනිදා නියෝග කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමකින් පසුවයි.

එවන් පසුබිමක පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබීය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයා නම්කර තිබේ.

මෙම පෙත්සමෙන් හිටපු ජනාධිපතිවරයා සඳහන්කර ඇත්තේ, ඉකුත්දා මාධ්‍ය මගින් පළ කළ වාර්තා ඔස්සේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය තමන්ට එරෙහිව විදේශ ගමන් තහනමක් පනවා තිබෙන බවට කරුණු දැනගත් බවය.

ඒ අනුව, තම පුද්ගලික නිදහස අහිමිවීමේ හෝ තමන් අත්අඩංගුවට පත්වීමේ අවදානමක් මතුවී ඇති බවට විශ්වාසදායක තොරතුරු ලැබී තිබෙන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පෙන්වා දෙන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම විමර්ශනවලට අදාළව මේ දක්වා කිසිදු විමර්ශන ආයතනයකින් තමන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන නොමැති බවත් සඳහන්කර තිබේ.

රාජපක්ෂ මහතා පවසන්නේ, මෙම විමර්ශනයට අදාළව ඕනෑම අවස්ථාවක ප්‍රකාශයක් ලබාදීමට තමන් සූදානම් බවය.

තමා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ පත්කළ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීමේ පරීක්ෂණ කොමිසම මගින් වර්තමාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට එරෙහිව නිර්දේශ කීපයක් නිකුත්කර තිබූ බව ගෝඨාභය රාජපක්ෂ මහතා පෙත්සමේ දක්වා තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ විමර්ශනය මෙහෙයවීමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ශානි අබේසේකර එහි ප්‍රතිඵලයක් ලෙස තමන් කෙරෙහි කිසියම් වෛරයකින් හෝ ද්වේශ සහගත අදහසකින් කටයුතු කිරීමට ඉඩකඩ තිබෙන බවත් පෙත්සමේ සඳහන්ය.

ඒ අනුව ශානි අබේසේකර මහතාට මෙම විමර්ශනය ස්වාධීනව මෙහෙයවීමට හැකියාවක් නොමැති අතර තමන්ව ඕනෑම මොහොතක අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන්ට බලපෑම් කිරීමට ඔහුට හැකියාව ඇති බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරන ලද කොමිෂන් සභා හෝ එම සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප්‍රකාශයට පත් කර ඇති නඩු තීන්දුව තුළින් තමන්ට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල කර නොමැති බවද ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව, එම ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින් පැවැත්වූ විමර්ශනයේ වාර්තාව සහ අසාද් මවුලානා නමැත්තා චැනල් 4 නාලිකාවට සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුව ඒ පිළිබඳව සොයා බැලීමට පත්කළ කොමිසමේ වාර්තාව අධිකරණය හමුවට කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි හිටපු ජනාධිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

එමෙන්ම මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සහ මෙම පෙත්සම විභාගකොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරනතුරු තමන්ව අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි