
වයඹදිග චීනයේ චින්හයි ප්‍රාන්තයේ හයිසි ප්‍රදේශයට රික්ටර් පරිමාණ 6.3 ක ප්‍රබලතාවයෙන් යුතු භූමිකම්පාවක් සිදුව ඇති බව චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.
මෙම භූ කම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර් 10 ක් තරම් ගැඹුරකින් සිදුව ඇති බව වාර්තා වේ.
ඉන් පසුව රික්ටර් පරිමාණ 5 ක පමණ ප්‍රබලතාවයෙන් යුත් පසු කම්පන කිහිපයක් ද හඳුනාගෙන තිබේ.
භූමිකම්පාව හේතුවෙන් සිදු වූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් කිසිවක් වාර්තා වී නොමැති බව සඳහන් වේ.

















































