header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සලේ කළ යුතු හොඳම දේ, දන්නා සියල්ල හෙළි කිරීමයි - ඇමති නලින්ද
Jun 16, 202603:57 PM
සලේ කළ යුතු හොඳම දේ, දන්නා සියල්ල හෙළි කිරීමයි - ඇමති නලින්ද
Mobitel 1278

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම සඳහා, හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාට කළ හැකි නිවැරදිම දෙය වන්නේ තමන් සතු සියලු තොරතුරු හෙළි කරමින් විමර්ශනවලට සහාය වීම බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (16) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ, හිටපු බුද්ධි නිලධාරියෙකු සහ හමුදා නිලධාරියෙකු ලෙස ඔහු දන්නා තොරතුරු සඟවාගෙන සිටීමෙන් කිසිදු පලක් නොවන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

“කොහොම වුණත් බුද්ධි නිලධාරියෙක් හැටියට හා හමුදා නිලධාරියෙකු හැටියට සුරේෂ් සලේ මහතාට කළ හැකි හොඳම දේ තමයි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු දන්නා දේවල් ප්‍රකාශයට පත්කිරීම. ආරක්ෂක අංශවලට සහාය ලබාදීම.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහෙම නැතුව අපරාධ පරීක්ෂකයා මාරු කිරීම සඳහා අරගල කිරීම නොවෙයි. තමන්ගේ ලැප් එකේ හෝ ෆෝන් එකේ හෝ තිබෙන තොරතුරු ලබාදෙන්න. ඒක හංගන් හිටියට තේරුමක් නෑ...”

රැඳවුම් භාරයේ පසුවන සුරේෂ් සලේ මහතාගේ සුවදුක් සහ ඔහු රඳවා තබා ඇති පරිසරය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කළේය.

ඔහු වෙනුවෙන් කිසිදු විශේෂ සිරකුටියක් හෝ විශේෂ පහසුකම් සලසා නොමැති බවත්, පෙර පැවැති ආණ්ඩුවල රැඳවුම් නියෝග මත පුද්ගලයන් රඳවා තැබූ සාමාන්‍ය ක්‍රමවේදයම ඔහු වෙනුවෙන් ද ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත්, සුරේෂ් සලේ මහතාට අවශ්‍ය වෛද්‍ය සහ මානුෂීය පහසුකම් උපරිමයෙන් සලසා දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් කැබිනට් ප්‍රකාශකවරයා ඒ බව තහවුරු කළේය.

"මහජන ආරක්ෂක අමාත්‍යතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා සුරේෂ් සලේ මහතා විසින් සමහර වෛද්‍ය ප්‍රථිකාර අවශ්‍ය බව පැවසු විගස ප්‍රමාදයකින් තොරව ලබා දී තිබෙනවා කියලා. රෝහලේදී ඥාතීන්ට බලන්න අවසර දිලා තියෙන්නේ. ආහාර ලබා දෙන්නේ ඥාතීන් විසින්. එයා ඉල්ලා හැමදේම ලබා දෙමින් ඉන්නවා."

"ඔහු වෙනුවෙන් විශේෂ කාමරයක් හඳලා නෑ. මීට පෙර කට්ටිය රඳවාගෙන සිටිය විදියටමයි එයාවත් රඳවාගෙන සිටින්නේ. මීට පෙර සිටි අය එහෙම කම්ප්ලේන් කළා කියලා දැනුම්වත් වීමක් නෑ. සලේ මහත්තයා වෙනුවෙන් වෙනම සිර කුටියක් අපි හදලා නෑ. සමාන්‍ය ක්‍රමයටමයි ඇතුළත් කරලා තියෙන්නේ. කලින් ආණ්ඩුවලත් රැඳවුම් නියෝග මත සිරකරුවෝ හිටපු විදියටම තමා ඔහු ඉන්නේ. ඔහුට අවශ්‍යකරණ පෝෂණය දෙනවා. සෞඛ්‍ය අංශත් ආරක්ෂක අංශත් ඒ ගැන දැඩිව අවදානයෙන් ඉන්නවා."

https://www.youtube.com/watch?v=cBnitzO8nhg
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්