header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකාය රැස් වේ
Jun 16, 202603:22 PM
Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකාය රැස් වේ
Mobitel 1278

'දිට්වා' ආපදා තත්ත්වය තුළ කඩා වැටුණ ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියෙහි මෙතෙක් ප්‍රගතිය සහ මතුව ඇති ගැටලු විසඳා ගැනීමට ගත යුතු කඩිනම් පියවර සොයා බැලීම වෙනුවෙන් Rebuilding Sri Lanka ජනාධිපති කාර්යසාධක බළකාය රැස් විය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

දිට්වා ආපදා තත්වය තුළ කඩා වැටුණ ජන ජීවිත යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේදී තාක්ෂණ නිලධාරීන්ගේ හිඟයත්, එකවර දිස්ත්‍රික්ක ගණනාවක භුමි පරික්ෂාවන් සිදුකර වාර්තා ලබා දීමේදී ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට මුහුණ දීමට සිදු වන නිලධාරි හිඟයත් දැඩිව බලපා ඇති බවට මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, ඊට යම් සහයක් වන පරිදි මේ වන විට තාක්ෂණික නිලධාරින් 125ක් බඳවාගෙන ඇති බවත් ඔවුන් ලබන සඳුදා සිට අදාළ ආයතන වෙත යොමු කරන බවත් සඳහන් කෙරිණි.

එමෙන්ම, දිට්වා ආපදාවෙන් විපතට පත් වූවන්ට වන්දි ගෙවීම්, පූර්ණ හානි වූ නිවාසවල පදිංචිකරුවන්ට නිවාස ලබා දීම හෝ නිවාස ආධාර ලබා දීම, දුම්රිය සහ මහාමාර්ග බෝක්කු, පාලම් ප්‍රතිසංස්කරණය මෙන්ම හානියට පත් පාසල් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සමාලෝචනය කෙරිණි.

අර්ධ හානි සඳහා වන්දි ගෙවීම් සැලකිය යුතු මට්ටමකින් අවසන් වෙමින් පවතින බවද පුර්ණ හානි වූවන්ට නිවාස ලබා දීමේ ක්‍රියාවලියේදී ඇතැම් දිස්ත්‍රික්කවල මතුව ඇති ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

ඇතැම් දිස්ත්‍රික්කවල නිවසක් ඉදිකර ගැනීම වෙනුවෙන් ලක්ෂ පනහක මූල්‍ය ආධාර ලබා දීම සහ නිවාස ඉදිකිරීම යම් ඉහළ මට්ටමක පැවතුණත් මාතලේ, පුත්තලම, කෑගල්ල, බදුල්ල, රත්නපුර වැනි දිස්ත්‍රික්ක කිහිපයක එම ක්‍රියාවලියේදී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.

එසේම මහා මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණ කිරීම් වේගවත් කිරිමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණු අතර, මහාමාර්ග, පාලම් ඉදිකිරිම් සඳහා චීනය හා ඉන්දියාව ආධාර ලබාදීමට එකඟතාව පළ කර ඇති බවත්, ඒ සඳහා ගිවිසුම් අත්සන් කිරිමට නියමිතව ඇති බවත් සඳහන් කෙරිණි.

රටෙන් තුනෙන් දෙකක් පමණ වන භූමි ප්‍රදේශයකට බලපෑ දිට්වා සුළි කුණාටුව නිසා හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේදි එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක මාර්ග රැසක් එකවර සංවර්ධනය කිරීමට සිදුවීමත් ඒ සියල්ල වෙනත් සංවර්ධන කටයුතු සමගම ක්‍රියාත්මක වීමේ අභියෝගය සහ එහිදී මතුව ඇති ගැටළු විසඳා ගැනීමට ගත යුතු පියවර පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් විය.

යුනිසෙෆ් ආයතනය විසින් ආපදාවට පත් ප්‍රදේශවල කරන ලද සමීක්ෂණයකට අනුව මේ වන විට එම ප්‍රදේශවල පාසල් යන වයසේ පසුවන සියලුම දරුවන් පාසල් යාම ආරම්භ කර ඇති බවද එය සාමාන්‍ය පරිදි සිදුවන බවට එම ආයතනය තොරතුරු වාර්තා කර ඇති බවද මෙහිදී අනාවරණය විය.

නිවාස ඉදිකිරිම් සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා තවදුරටත් රජයෙන් කළ යුතු මැදිහත් වීම් පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර දිස්ත්‍රික් ලේකම්වරුන් කැඳවා ඔවුන් මුහුණ පාන ගැටලු සාකච්ඡා කිරිම පිළිබඳවද අවධානය යොමු විය. එසේම, තවදුරටත් අවශ්‍ය සොයා බැලීම් කිරීමේ වගකීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතා වෙත මෙහිදී පැවරුණි.

කාර්ය සාධක බලකාය නියෝජනය කරන සිවිල් සංවිධානවල නියෝජිතයන් සෘජුවම මහජනතාව සමග සම්බන්ධ වන බැවින් ඔවුන් වඩාත් සක්‍රීයව මෙම වැඩපිළිවෙළ සමග සම්බන්ධ කරගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ග්‍රාමීය සංවර්ධන සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, නිවාස ඉදිකිරිම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් රසල් අපොන්සු, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිෂ් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද, සිවිල් සංවිධාන නියෝජිතයින් වන මන්දනා ස්මයිල් හා රෝහණ හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්