header logo
SLIC
උණුසුම් පුවත්
Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකාය රැස් වේ
Jun 16, 202603:22 PM
Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකාය රැස් වේ
Mobitel 1278

'දිට්වා' ආපදා තත්ත්වය තුළ කඩා වැටුණ ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියෙහි මෙතෙක් ප්‍රගතිය සහ මතුව ඇති ගැටලු විසඳා ගැනීමට ගත යුතු කඩිනම් පියවර සොයා බැලීම වෙනුවෙන් Rebuilding Sri Lanka ජනාධිපති කාර්යසාධක බළකාය රැස් විය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

දිට්වා ආපදා තත්වය තුළ කඩා වැටුණ ජන ජීවිත යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේදී තාක්ෂණ නිලධාරීන්ගේ හිඟයත්, එකවර දිස්ත්‍රික්ක ගණනාවක භුමි පරික්ෂාවන් සිදුකර වාර්තා ලබා දීමේදී ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට මුහුණ දීමට සිදු වන නිලධාරි හිඟයත් දැඩිව බලපා ඇති බවට මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, ඊට යම් සහයක් වන පරිදි මේ වන විට තාක්ෂණික නිලධාරින් 125ක් බඳවාගෙන ඇති බවත් ඔවුන් ලබන සඳුදා සිට අදාළ ආයතන වෙත යොමු කරන බවත් සඳහන් කෙරිණි.

එමෙන්ම, දිට්වා ආපදාවෙන් විපතට පත් වූවන්ට වන්දි ගෙවීම්, පූර්ණ හානි වූ නිවාසවල පදිංචිකරුවන්ට නිවාස ලබා දීම හෝ නිවාස ආධාර ලබා දීම, දුම්රිය සහ මහාමාර්ග බෝක්කු, පාලම් ප්‍රතිසංස්කරණය මෙන්ම හානියට පත් පාසල් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සමාලෝචනය කෙරිණි.

අර්ධ හානි සඳහා වන්දි ගෙවීම් සැලකිය යුතු මට්ටමකින් අවසන් වෙමින් පවතින බවද පුර්ණ හානි වූවන්ට නිවාස ලබා දීමේ ක්‍රියාවලියේදී ඇතැම් දිස්ත්‍රික්කවල මතුව ඇති ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

ඇතැම් දිස්ත්‍රික්කවල නිවසක් ඉදිකර ගැනීම වෙනුවෙන් ලක්ෂ පනහක මූල්‍ය ආධාර ලබා දීම සහ නිවාස ඉදිකිරීම යම් ඉහළ මට්ටමක පැවතුණත් මාතලේ, පුත්තලම, කෑගල්ල, බදුල්ල, රත්නපුර වැනි දිස්ත්‍රික්ක කිහිපයක එම ක්‍රියාවලියේදී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.

එසේම මහා මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණ කිරීම් වේගවත් කිරිමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණු අතර, මහාමාර්ග, පාලම් ඉදිකිරිම් සඳහා චීනය හා ඉන්දියාව ආධාර ලබාදීමට එකඟතාව පළ කර ඇති බවත්, ඒ සඳහා ගිවිසුම් අත්සන් කිරිමට නියමිතව ඇති බවත් සඳහන් කෙරිණි.

රටෙන් තුනෙන් දෙකක් පමණ වන භූමි ප්‍රදේශයකට බලපෑ දිට්වා සුළි කුණාටුව නිසා හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේදි එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක මාර්ග රැසක් එකවර සංවර්ධනය කිරීමට සිදුවීමත් ඒ සියල්ල වෙනත් සංවර්ධන කටයුතු සමගම ක්‍රියාත්මක වීමේ අභියෝගය සහ එහිදී මතුව ඇති ගැටළු විසඳා ගැනීමට ගත යුතු පියවර පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් විය.

යුනිසෙෆ් ආයතනය විසින් ආපදාවට පත් ප්‍රදේශවල කරන ලද සමීක්ෂණයකට අනුව මේ වන විට එම ප්‍රදේශවල පාසල් යන වයසේ පසුවන සියලුම දරුවන් පාසල් යාම ආරම්භ කර ඇති බවද එය සාමාන්‍ය පරිදි සිදුවන බවට එම ආයතනය තොරතුරු වාර්තා කර ඇති බවද මෙහිදී අනාවරණය විය.

නිවාස ඉදිකිරිම් සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා තවදුරටත් රජයෙන් කළ යුතු මැදිහත් වීම් පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර දිස්ත්‍රික් ලේකම්වරුන් කැඳවා ඔවුන් මුහුණ පාන ගැටලු සාකච්ඡා කිරිම පිළිබඳවද අවධානය යොමු විය. එසේම, තවදුරටත් අවශ්‍ය සොයා බැලීම් කිරීමේ වගකීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතා වෙත මෙහිදී පැවරුණි.

කාර්ය සාධක බලකාය නියෝජනය කරන සිවිල් සංවිධානවල නියෝජිතයන් සෘජුවම මහජනතාව සමග සම්බන්ධ වන බැවින් ඔවුන් වඩාත් සක්‍රීයව මෙම වැඩපිළිවෙළ සමග සම්බන්ධ කරගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ග්‍රාමීය සංවර්ධන සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, නිවාස ඉදිකිරිම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් රසල් අපොන්සු, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිෂ් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද, සිවිල් සංවිධාන නියෝජිතයින් වන මන්දනා ස්මයිල් හා රෝහණ හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි