header logo
Vallibel FD
උණුසුම් පුවත්
චැනල් 4 ඉදිරි මෙහෙයුම සූදානම්-ප්‍රභාකරන්ගේ බාල පුතුගේ මරණයේ තොරතුරුත් අන්තර්ගතයි
Mar 11, 201210:13 AM
චැනල් 4 ඉදිරි මෙහෙයුම සූදානම්-ප්‍රභාකරන්ගේ බාල පුතුගේ මරණයේ තොරතුරුත් අන්තර්ගතයි
Mobitel 1278

ඡායා රූ-THE INDEPENDENT

බ්‍රිතාන්‍යයේ චැනල් - ෆෝ නාලිකාව මගින් ශ්‍රී ලංකාවේ මානූෂීය මෙහෙයුමේ අවසන් අදියරේ දී සිදුවී ඇති බව කියන තවත් තොරතුරු ඇතුළත් නවතම වීඩියෝ පටයක් සකස් කර තිබේ.

එය මේ සතිය තුළ ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

2009 වසරේ මාර්තු මස 18 වන දින දී සිදුවු බව කියන අදාළ සිදුවීම සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු එයට ඇතුළත් වන අතර ආරක්ෂක අංශ බවට සැක කෙරෙන පිරිස් සිදුකරන ක්‍රියා පිළිබඳ අදාළ වීඩියෝ දර්ශනයෙන් ඉදිරිපත් කෙරෙයි.

එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ බාල පුතු ලෙස සැලකෙන 12 වියැති බාලචන්ද්‍රන්ගේ වෙඩිවැදුණු නිරුවත් මළ සිරුර බිමදිගාකො‍ට තිබියදී ගනු ලැබූ වීඩියෝ දර්ශනද එහි ඇතුළත්ව ඇති බවට ඇතැම් විදෙස් මාධ්‍ය තහවුරු කරයි.

බාලචන්ද්‍රන්ගේ පපුවෙහි වෙඩි සලකුණු 5 ක් පැහැදිලිව හඳුනාගත හැකි බව ඒවායේ දැක්වෙයි.

කෙසේ වෙතත් එම වීඩියෝ දර්ශනය ලබන බදාදා රාත්‍රී 10.55ට චැනල් - ෆෝ නාලිකාවෙන් විකාශය කිරීමට ද නියමිත බව සඳහන් වේ.

මීට පෙර අවස්ථාවකදී දශ්‍රී ලංකාස් කිල්න්ග් ෆීල්ඩ්ස් නමින් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව විසින් මානූෂීය මෙහෙයුමේ දී සිදුවු බව කියන තත්ත්වයන් සම්බන්ධයෙන් වීඩියෝ දර්ශනයක් නිකුත් කරන ලදී.

එසේ වුවද ඒවා ද්වේශ සහගත සකස්කරන ලද අසත්‍ය වීඩියෝ දර්ශන මත පදනම් වූ ඒවා බවට ශ්‍රී ලංකා රජය විසින් එමඟින් එල්ල කරන ලද යුද අපරාධ චෝදනා අවස්ථා ගණනාවකදී ප්‍රතික්ෂේප කෙරිණි.

චැනල්-04 නාලිකාවට එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය විසින් නිල වශයෙන් මැදිහත්වී මෙම වීඩියෝ පටය පිළිබඳ විශේෂඥ පරීක්ෂණයක් සිදුකරන ලද අතර එමගින් එකී විඩියෝ සැබෑ වීඩියෝ දර්ශන බවට තහවුරු කරන ලදී.

කෙසේ වෙතත් පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය සඳහා වූ ජනාධිපති කොමිසම විසින් යුද්ධයේ අවසාන අදියර තුළ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ චෝදනා පිළිබඳ විමර්ශනය කොට වාර්තාවක් ඉදිරිපත් කළ අතර එහි චැනල්-04 වීඩියෝ දර්ශන වලට අදාළව විමර්ශනයක් කළ යුතු බවට නිර්දේශ කර තිබිණි.

එකී නිර්දේශයට අනුව යමින් 2012 වසරේ ජනවාරි මස 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි යුද්ධයේ අවසාන අදියර තුළ සිදුවීයයි කියනු ලබන සිවිල් ඝාතනයන් හා චැනල් ෆෝ නාලිකාව විසින් ප්‍රකාශයට පත් කරන ලද යුද අපරාධ චෝදනා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විමර්ශන අධිකරණයක් ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ජිනීවා හි ජගත් මානව හිමිකම් සමුළුවේ 19 වන සැසිවාරය අමතමින් කියා සිටියේද උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය සඳහා වූ ජනාධිපති කොමිසමේ නිර්දේශයන් දැනටමත් ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරමින් සිටින නිසා එකී නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා යෝජනාවක්‍ ගෙන ඒම සාධාරණ නොවන බවයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 විසිරුණු පක්ෂ එක තැනකට එක්කළ එජාපයේ 80 වැනි සැමරුම...

විසිරුණු පක්ෂ එක තැනකට එක්කළ එජාපයේ 80 වැනි සැමරුම...

 තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට