header logo
SLIC
උණුසුම් පුවත්
පරාජයත් සමඟ දඹුල්ලේ දී නොසන්සුන් වූ සූරියවංශි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමඟ ගැටෙයි
Jun 15, 202610:39 PM
පරාජයත් සමඟ දඹුල්ලේ දී නොසන්සුන් වූ සූරියවංශි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමඟ ගැටෙයි
EDEX

15 හැවිරිදි සුපිරි ඉන්දීය යොවුන් ක්‍රීඩක වෛභව් සූරියවංශි (Vaibhav Sooryavanshi), අද (15) දඹුල්ලේදී පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සමඟ උණුසුම් වචන හුවමාරුවක සහ තල්ලු කරගැනීමක් සිදුකර ගත්තේය.

සුපිරි පන්දුවාරය දක්වා ඇදී ගිය මෙම තීරණාත්මක තරගයෙන් ඉන්දියා 'ඒ' කණ්ඩායම පරාජයට පත්වීමෙන් පසු මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති විය.

සුපිරි පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 17ක් අවශ්‍ය වූ අතර, ශ්‍රී ලංකා 'ඒ' පිලේ වේගපන්දු යවන ක්‍රීඩක කගුදාස් මතුලන් හමුවේ ඉන්දීය පිලට රැස්කරගත හැකි වූයේ ලකුණු 9ක් පමණි.

එහිදී අවසන් පන්දු තුනට මුහුණ දුන් සූරියවංශිට ලබාගත හැකි වූයේ එක් හතරේ පහරක් ඇතුළුව ලකුණු 6ක් පමණි.

තරගය අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ජයග්‍රහණය සැමරීමට පටන් ගත්තේය.

සූරියවංශි සහ ඔහුගේ සහායක ක්‍රීඩක සූර්යන්ශ් ෂෙඩ්ජ් යළි ක්‍රීඩාගාරය දෙසට ගමන් කරමින් සිටියදී, ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු ඔවුන් දෙසට යම් ප්‍රකාශයක් සිදුකර ඇති බව පැවසේ.

එයින් කෝපයට පත් සූරියවංශි, ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නා වූ මතුලන් දෙසට වේගයෙන් කඩා වැදුණු අතර පසුව ඇතිවූ බහින්බස්වීම දුරදිග යාමත් සමඟ සූරියවංශි විසින් ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයේකුව තල්ලු කර දමන ආකාරය වීඩියේ දර්ශන වල පටිගත වී තිබේ.

තත්ත්වය වඩාත් නරක අතට හැරීමට පෙර ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල වහා මැදිහත් වී ක්‍රීඩකයන්ව දෙපසට කර ගැටුම සමනය කිරීමට පියවර ගත්තේය.

මීට පෙර, තරගය අවසන් වූ අවස්ථාවේදී සුපිරි පන්දුවාරයක් පැවැත්වීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බව පවසමින් ඉන්දීය නායක තිලක් වර්මා විනිසුරුවන් සමඟ විනාඩි 10ක් පමණ උණුසුම් සාකච්ඡාවක නිරත විය‍.

එහිදීද සූරියවංශි විනිසුරුවන් සමඟ වාද කිරීමට පැමිණි නමුත් ඉන්දීය ප්‍රධාන පුහුණුකරු විසින් ඔහුව මැඩපැවැත්වීමට කටයුතු කර තිබුණි.

මෙම විනය විරෝධී හැසිරීම් සම්බන්ධයෙන් ක්‍රීඩකයන්ට නිල දඬුවම් පනවන්නේද, නැතහොත් අවවාද කර මුදාහරින්නේද යන්න පිළිබඳව මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව සඳහන් වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට