header logo
SLIC
උණුසුම් පුවත්
ගෝලීය දේශගුණික විපර්යාසයන්හි සැබෑ බිහිසුණු බව අත්විඳින දිල්ලි වැසියන්
Jun 15, 202602:54 PM
ගෝලීය දේශගුණික විපර්යාසයන්හි සැබෑ බිහිසුණු බව අත්විඳින දිල්ලි වැසියන්
EDEX

ඉන්දීය අගනුවර වන නව දිල්ලිය සති කිහිපයක සිට දරුණු උණුසුම් තරංග තත්ත්වයකට මුහුණ දී සිටින අතර, එහි උෂ්ණත්වය නිරන්තරයෙන් සෙල්සියස් අංශක 40 ඉක්මවා යන බව සඳහන් වේ.

පසුගිය අඟහරුවාදා ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිල්ලියේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 43.5ක් ලෙස වාර්තා කළේය. කෙසේ වෙතත්, 'ග්‍රීන්පීස් ඉන්ඩියා' (Greenpeace India) සංවිධානය විසින් භාවිත කරන ලද තාප කැමරාවක් (Thermal Camera) මඟින් නගරයේ වීදි පරික්ෂා කිරීමේදී, ඇතැම් ස්ථානවල මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 64 තරම් ඉහළ අගයක පැවති බව නිරීක්ෂණය වී තිබේ.

මෙම දත්ත දෙක අතර පැහැදිලි වෙනසක් පවතී. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මනිනු ලබන්නේ සම්මත තත්ත්වයන් යටතේ වාතයේ පවතින උෂ්ණත්වයයි. නමුත් තාප කැමරා මඟින් මනිනු ලබන්නේ විවිධ මතුපිටන්හි උෂ්ණත්වයයි. දැඩි හිරු රශ්මිය පවතින දිනවල මාර්ග, කොන්ක්‍රීට්, වාහන සහ වෙනත් විවෘත මතුපිටවල් අවට වාතයට වඩා බෙහෙවින් රත් වේ. මෙලෙස මතුපිට උෂ්ණත්වය ඉහළ යාම නිසා මිනිස් සිරුරට අවශෝෂණය වන තාප විකිරණය වැඩි වන අතර, සෙවන හෝ ශාක පත්‍ර නොමැති නාගරික ප්‍රදේශවල නිල උෂ්ණත්වයට වඩා වැඩි රස්නයක් ශරීරයට දැනේ.

දිල්ලියේ කාර්යබහුලම මංසන්ධියක් වන IIT ගුවන් පාලම අසලදී තාප කැමරාව යොමු කළ විට, ගුවන් පාලමේ සෙවණ ඇති ස්ථානවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. නමුත් සෘජු හිරු රශ්මියට නිරාවරණය වෙමින් සංඥා පුවරු අසල නතර කර තිබූ යතුරුපැදි මත උෂ්ණත්වය අංශක 64ක් දක්වා ඉහළ ගොස් තිබුණි. පර්යේෂකයන් සිටි ස්ථානයේ පොළව මතුපිට උෂ්ණත්වය අංශක 61ක් වූ අතර, එතැනින් අඩි 10ක් පමණ ඈතින් පිහිටි ගසක් සෙවණට ගිය විට එය සෙල්සියස් අංශක 39.8ක් දක්වා ක්ෂණිකව පහත වැටී ඇත.

පර්යේක්ෂකයින් පෙන්වා දෙන්නේ මිනිස් සිරුරේ සාමාන්‍ය අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ක් වන අතර, දිගු වේලාවක් අධික තාපයට නිරාවරණය වීමෙන් එය අංශක 40 ඉක්මවා යා හැකි බවය.

එවිට ශරීරයේ ක්‍රියාකාරිත්වය අඩපණ වී, අධික ලෙස දහඩිය දැමීම, හිසරදය, ක්ලාන්තය, ව්‍යාකූලත්වය සහ වලිප්පුව වැනි ලක්ෂණ ඇති විය හැක. ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් ශරීරයේ ඉන්ද්‍රියයන් අක්‍රිය වී මරණය පවා සිදුවිය හැක. මේ නිසා පිපාසය නොදැනුනත් නිතර ජලය පානය කරන ලෙසත්, සැහැල්ලු ඇඳුම් සහ කුඩ භාවිත කරන ලෙසත්, පෙ.ව. 10:30 සිට ප.ව. 3:00 දක්වා කාලය තුළ එළිමහන් ශ්‍රමිකයන් සේවයේ යෙදවීමෙන් වළකින ලෙසත් ඔවුන් උපදෙස් දී තිබේ.

කෙසේ වෙතත්, මෙවැනි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට දිල්ලියේ දිළිඳු සහ වීදි වෙළෙඳුන්ට හැකියාවක් නැත. පවතින දැඩි රස්නය මධ්‍යයේ වුවද ජීවනෝපාය වෙනුවෙන් ඔවුන්ට සිය රැකියාව සිදු කිරීමට සිදුව ඇත.

දිල්ලියේ සුප්‍රකට චන්ද්නි චව්ක් (Chandni Chowk) ප්‍රදේශයේ පදිකයන් සඳහා ඉදිකර ඇති කොන්ක්‍රීට් කුළුණු සෙවණක් නොමැති නිසා දැඩි ලෙස රත් වී තිබූ අතර, එවැනි එක් කුළුණක උෂ්ණත්වය සෙල්සියස් අංශක 56.9ක් ලෙස සටහන් විය.

දිල්ලියේ 'සුන්දර් නගර්' වැනි අඩු ආදායම්ලාභී නිවාස සංකීර්ණවල තත්ත්වයද මීට වඩා වෙනස් නොවේ.

ගෝලීය දේශගුණික විපර්යාසයන්හි සැබෑ බිහිසුණු බව දිල්ලියේ සාමාන්‍ය වැසියන් මෙලෙස දිනපතා තම සිරුරෙන්ම අත්විඳිමින් සිටිති.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට