
2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ 'F' කණ්ඩායම යටතේ පැවැති නෙදර්ලන්තය සහ ජපානය අතර තරගය ජය පැරදුමකින් තොරව අවසන්විය.
ඒ, තරගය නිමාවනවිට කණ්ඩායම දෙකම ගෝල 2-2ක් ලබා සිටීම හේතුවෙනි.
තරඟයේ පළමු අර්ධය කණ්ඩායම් දෙකටම කිසිදු ගෝලයක් ලබා ගැනීමට නොහැකිව නිමාවට පත්විය.
කෙසේ වෙතත්, දෙවන අර්ධය ආරම්භ වී 50 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ නෙදර්ලන්ත කණ්ඩායම පළමු ගෝලය වාර්තා කරමින් තම කණ්ඩායම පෙරමුණට ගෙන ආවේය.
නමුත් ඉන් මිනිත්තු 6කට පසු ජපානය කණ්ඩායම ගෝලයක් ලබා ගනිමින් ලකුණු තත්ත්වය 1-1 ක් ලෙස සම කිරීමට සමත් විය.
තරඟයේ 63 වන මිනිත්තුවේදී නෙදර්ලන්තය නැවතත් ගෝලයක් ලබා ගනිමින් ලකුණු තත්ත්වය 2-1 ක් ලෙස ඉදිරියට ගෙන ගියද, තරඟය නිමාවීමට මිනිත්තු දෙකක් තිබියදී 88 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක ජපානය දෙවන ගෝලය වාර්තා කරමින් තරඟය 2-2ක් ලෙස සම කළේය.







































