header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඕනෑම අර්බුදකාරී තත්ත්වයක් හමුවේ අධ්‍යාපනය රැකගත යුතුයි - අග්‍රාමාත්‍යවරිය
Jun 13, 202607:17 PM
ඕනෑම අර්බුදකාරී තත්ත්වයක් හමුවේ අධ්‍යාපනය රැකගත යුතුයි - අග්‍රාමාත්‍යවරිය
Mobitel 1278

ලෝකය තුළ උද්ගතවන ඕනෑම ගෝලීය අර්බුදකාරී තත්ත්වයක් හමුවේ අධ්‍යාපනය රැකගත යුතුයි යන හැඟීම රජය සතුව පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ, ගාල්ල, දඩල්ල අල්-මුබාරක් විද්‍යාලයෙහි තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවය අමතමිනි.

අධ්‍යාපනයේ වටිනාකම හොඳින් අවබෝධ කරගත් රජයක් ලෙස විවිධ ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවත් රටේ මානව සම්පත සංවර්ධනය සඳහා අයවැය ප්‍රතිපාදන ඔස්සේ විශාල මුදලක් යොදවා ඇති බව ද ඇය ප්‍රකාශ කළාය.

"පාසල ගමට ඉතාමත්ම කිට්ටු සම්බන්ධයක් තිබිය යුතු තැනක්. මෙතන අපි දැක්කා පාසල ගැන ගමේ ජනතාවගේ සිත් තුළ තියෙන හැඟීම. අඩු සම්පත් ප්‍රමාණයක් තිබුණු පාසලක් ගමේ දරුවන් වෙනුවෙන් ආරක්ෂා කරගැනීමේ අදිටනින් ප්‍රදේශවාසීන් සියලුදෙනාම එකතුවෙලා එම පාසල ගොඩනගන්න එකතුවීම ඇත්තෙන්ම මුළු රටටම ලබාදෙන විශිෂ්ට ආදර්ශයක්.

ඔබ දන්නවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ අපේ දරුවන්ට ලෝකේ තියෙන අලුත්ම තාක්ෂණය ළඟාකරදීමේ අධිෂ්ඨානයක ඉන්නවා. ඒ නිසා තමයි සියලුම ද්විතීයික පාසල් සඳහා අවම වශයෙන් එක smart board එකක් හරි ලබාදෙන්න කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම පාසල්වලට අවශ්‍ය අන්තර්ජාල පහසුකමුත් මේ වනවිට පාසල් 4000කට පමණ ලබාදීලා තියෙනවා. ඉතිරි පාසල් සඳහාත් මේ වසර අවසානයට පෙර අන්තර්ජාල පහසුකම් ලබාදීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පොරොන්දුවෙලා තියෙනවා.

හැබැයි තාක්ෂණය කියන්නේ නිවැරදි දේ දරුවන්ට ලබාදීම සඳහා භාවිතා කළයුතු මෙවලමක්. ඒ නිසා තමයි තාක්ෂණික අන්තර්ගතය දියුණු කිරීම සඳහා ගුරු පුහුණු, සම්බන්ධිත පන්තිකාමර වැනි වැඩසටහන් අප සංවිධානය කරන්නේ. රටක් විදියට අපට තියෙන සම්පත් ප්‍රමාණය සීමිතයි. අපගේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අවශ්‍ය මානව සම්පත අප ගොඩනඟමින් යන්නේ. අප ඉලක්ක කරන මට්ටමට රට ගොඩනැගෙනතුරු අපට පුළුවන් තාක්ෂණය හරහා දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙන්න.

අපගේ රටේ ආර්ථිකය ගොඩනගමින් යන මේ මොහොතේ කුමන තත්ත්වයකදී වුණත් අධ්‍යාපනය අප රැකගතයුතුයි යන අධිෂ්ඨානය තුළ රජයක් ලෙස අප වැඩකරනවා. අපේ රටේ සංවර්ධිත ඉලක්ක ළඟාකරගන්න නම් සියලුදෙනා කැපවීමෙන් වැඩකරන්න සිද්ධ වෙනවා. අධ්‍යාපනයට විතරක් නෙමෙයි රටක් හදන්නෙත් මෙහෙමයි. රටක් හදන්නත් පුරවැසියන් හැටියට රජය, නිලධාරීන්, දේශපාලන අධිකාරිය යන සියලුදෙනාම එකට එකතුවී එක ඉලක්කයක එක ගමනක් හැටියට යන්න පුළුවන්නම් අපිට කරන්න බැරිදෙයක් නෑ කියන එක මේ දඩල්ල ප්‍රදේශයේ ගම්වාසීන් අද ඔප්පු කරලා තියෙනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්