header logo
SLIC
උණුසුම් පුවත්
ඕනෑම අර්බුදකාරී තත්ත්වයක් හමුවේ අධ්‍යාපනය රැකගත යුතුයි - අග්‍රාමාත්‍යවරිය
Jun 13, 202607:17 PM
ඕනෑම අර්බුදකාරී තත්ත්වයක් හමුවේ අධ්‍යාපනය රැකගත යුතුයි - අග්‍රාමාත්‍යවරිය
Mobitel 1278

ලෝකය තුළ උද්ගතවන ඕනෑම ගෝලීය අර්බුදකාරී තත්ත්වයක් හමුවේ අධ්‍යාපනය රැකගත යුතුයි යන හැඟීම රජය සතුව පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ, ගාල්ල, දඩල්ල අල්-මුබාරක් විද්‍යාලයෙහි තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවය අමතමිනි.

අධ්‍යාපනයේ වටිනාකම හොඳින් අවබෝධ කරගත් රජයක් ලෙස විවිධ ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවත් රටේ මානව සම්පත සංවර්ධනය සඳහා අයවැය ප්‍රතිපාදන ඔස්සේ විශාල මුදලක් යොදවා ඇති බව ද ඇය ප්‍රකාශ කළාය.

"පාසල ගමට ඉතාමත්ම කිට්ටු සම්බන්ධයක් තිබිය යුතු තැනක්. මෙතන අපි දැක්කා පාසල ගැන ගමේ ජනතාවගේ සිත් තුළ තියෙන හැඟීම. අඩු සම්පත් ප්‍රමාණයක් තිබුණු පාසලක් ගමේ දරුවන් වෙනුවෙන් ආරක්ෂා කරගැනීමේ අදිටනින් ප්‍රදේශවාසීන් සියලුදෙනාම එකතුවෙලා එම පාසල ගොඩනගන්න එකතුවීම ඇත්තෙන්ම මුළු රටටම ලබාදෙන විශිෂ්ට ආදර්ශයක්.

ඔබ දන්නවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ අපේ දරුවන්ට ලෝකේ තියෙන අලුත්ම තාක්ෂණය ළඟාකරදීමේ අධිෂ්ඨානයක ඉන්නවා. ඒ නිසා තමයි සියලුම ද්විතීයික පාසල් සඳහා අවම වශයෙන් එක smart board එකක් හරි ලබාදෙන්න කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම පාසල්වලට අවශ්‍ය අන්තර්ජාල පහසුකමුත් මේ වනවිට පාසල් 4000කට පමණ ලබාදීලා තියෙනවා. ඉතිරි පාසල් සඳහාත් මේ වසර අවසානයට පෙර අන්තර්ජාල පහසුකම් ලබාදීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පොරොන්දුවෙලා තියෙනවා.

හැබැයි තාක්ෂණය කියන්නේ නිවැරදි දේ දරුවන්ට ලබාදීම සඳහා භාවිතා කළයුතු මෙවලමක්. ඒ නිසා තමයි තාක්ෂණික අන්තර්ගතය දියුණු කිරීම සඳහා ගුරු පුහුණු, සම්බන්ධිත පන්තිකාමර වැනි වැඩසටහන් අප සංවිධානය කරන්නේ. රටක් විදියට අපට තියෙන සම්පත් ප්‍රමාණය සීමිතයි. අපගේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අවශ්‍ය මානව සම්පත අප ගොඩනඟමින් යන්නේ. අප ඉලක්ක කරන මට්ටමට රට ගොඩනැගෙනතුරු අපට පුළුවන් තාක්ෂණය හරහා දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙන්න.

අපගේ රටේ ආර්ථිකය ගොඩනගමින් යන මේ මොහොතේ කුමන තත්ත්වයකදී වුණත් අධ්‍යාපනය අප රැකගතයුතුයි යන අධිෂ්ඨානය තුළ රජයක් ලෙස අප වැඩකරනවා. අපේ රටේ සංවර්ධිත ඉලක්ක ළඟාකරගන්න නම් සියලුදෙනා කැපවීමෙන් වැඩකරන්න සිද්ධ වෙනවා. අධ්‍යාපනයට විතරක් නෙමෙයි රටක් හදන්නෙත් මෙහෙමයි. රටක් හදන්නත් පුරවැසියන් හැටියට රජය, නිලධාරීන්, දේශපාලන අධිකාරිය යන සියලුදෙනාම එකට එකතුවී එක ඉලක්කයක එක ගමනක් හැටියට යන්න පුළුවන්නම් අපිට කරන්න බැරිදෙයක් නෑ කියන එක මේ දඩල්ල ප්‍රදේශයේ ගම්වාසීන් අද ඔප්පු කරලා තියෙනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි