header logo
SLIC
උණුසුම් පුවත්
නන්දනී මියගියේ රෝහලේ වරදින් ද?
Jun 13, 202601:59 PM
නන්දනී මියගියේ රෝහලේ වරදින් ද?
Mobitel 1278

හතිය ආශ්‍රීත රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාන්තාවක් යළි නිවසට පැමිණීමෙන් පසුව මියයෑමේ සිදුවීමක් මහනුවර, යටිනුවර ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මහනුවර, යටිනුවර ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි කේ.ඒ. නන්දනී කලන්සූරිය නමැති කාන්තාවකි.

ඇය සිය රෝගී තත්ත්වයට වසර 20කට අධික කාලයක සිට පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති අතර, වෛද්‍යවරුන් 2005 වර්ෂයේදී නිර්දේශ කර ඇත්තේ ඇමොක්සලීන් ඖෂධය ඇයට ආසාත්මික බවටය.

ඉකුත් 5 වැනිදා අසනීප තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඇය පේරාදේණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුගිය 10 වැනිදා නැවත සුවය ලබා නිවසට පැමිණ තිබේ.

එහිදී නන්දනී මහත්මියට නිවසේදී භාවිත කිරීම සඳහා රෝහලෙන් ඖෂධ නිකුත් කර ඇති අතර, ඥාතීන් චෝදනා කරන්නේ ඇයට ආසාත්මික බවට මීට පෙර වෛද්‍යවරුන් නිර්දේශ කර තිබූ ඇමොක්සලීන් නම් ඖෂධය ඇයට ලබා දී තිබූ බවටය.

එදිනම රාත්‍රී එම ඖෂධය ලබාගැනීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයට පත්වූ ඇය රෝහල්ගත කරන විටත් ජීවිතයෙන් සමුගෙන ඇත් බව සඳහන්.

මේ සම්බන්ධයෙන් අප පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් රෝහලට මෙතෙක් පැමිණිල්ලක් ලැබී නැති බවය.

එලෙස පැමිණිල්ලක් ලැබුණු වහාම විමර්ශනයක් ආරම්භ කරන බවද අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර සිටියේය.

කෙසේවෙතත්, මරණය සම්බන්ධයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ රෝහල් පොලිසියට මෙන්ම පේරාදෙණිය පොලිසියටද පැමිණිලි කර ඇති බව මියගිය කාන්තාවගේ ඥාතීන් පවසයි.

නන්දනී කලන්සූරිය මහත්මියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේදී සිදුකර ඇති අතර, එහිදී ඒ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් නිකුත් කර‍ මියගිය කාන්තාවගේ සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බව වාර්තා වේ.

ඊට අදාළ වාර්තා ලැබීමෙන් අනතුරුව මෙම මරණයට හේතුව ප්‍රකාශ කරන බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා දැනුම් දී තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි