header logo
SLIC
උණුසුම් පුවත්
විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුවට විසඳුම්
Jun 09, 202605:56 PM
විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුවට විසඳුම්
EDEX

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් වසර ගණනාවක් තිස්සේ ඉල්ලා සිටි වැටුප් ගැටලුවට ස්ථිර විසඳුම් ලබා දෙමින්, ඔවුන්ගේ ආරම්භක වැටුප් පියවර විධිමත් කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අංක 03/2014 (I) දරන නව චක්‍රලේඛය නිකුත් කර තිබේ.

2026 මැයි මස 11 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලැබුණු අනුමැතියට අනුව මෙම නව වැටුප් සංශෝධනයන් සිදු කර ඇත.

උසස් වීමක් සේ සලකා වැටුප් ගණනය කිරීමට අනුමැතිය

මීට පෙර ක්‍රියාත්මක වූ 03/2014 චක්‍රලේඛයේ 01 වගන්තිය සහ එහි උප වගන්ති වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.

ඒ වෙනුවට ආයතන සංග්‍රහයේ I කාණ්ඩයේ, VII වන පරිච්ඡේදයේ, 05 වන වගන්තිය ප්‍රකාරව නව වගන්‍ති ආදේශ කිරීමට පියවර ගෙන ඇත.

මෙම නව සංශෝධනයට අනුව, මින් ඉදිරියට විදුහල්පතිවරුන්ගේ වැටුප් ගණනය කිරීම "උසස් වීමක් සේ සලකා" සිදු කිරීමට අවශ්‍ය අනුමැතිය හිමිව තිබේ.

මෙය විදුහල්පති සේවයේ නිලධාරීන් මුහුණ දුන් බරපතළ වැටුප් විෂමතාවක් මඟහැරවීමට ගත් සාධනීය පියවරක් බව සඳහන් වේ.

උසස් වීම් සුදුසුකම් සපුරා ගැනීමට විශේෂ සහන කාලයක්

වැටුප් සංශෝධනයට අමතරව, විදුහල්පති සේවයේ උසස්වීම් ක්‍රියාවලියේදී පැනනැඟී තිබූ ප්‍රායෝගික ගැටලුවලට සහනයක් සැලසීමටද අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

විශේෂයෙන්ම 2009 නොවැම්බර් 13 වන දින ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 වන පන්තියට බඳවාගනු ලැබූ නිලධාරීන්ගේ, 1 වන ශ්‍රේණිය දක්වා වන උසස්වීම් ක්‍රියාවලිය විධිමත් කිරීම මෙහි අරමුණ වේ.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාවය ඇතිව එම නිලධාරීන් වෙනුවෙන් විශේෂ සහන කාලසීමාවක් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව, අදාළ විදුහල්පතිවරුන්ට තමන්ගේ උසස් වීම් සඳහා වන සුදුසුකම් සපුරා ගැනීම වෙනුවෙන් 2027 දෙසැම්බර් 31 වන දින දක්වා දීර්ඝ සහන කාල සීමාවක් හිමිවන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට