header logo
SLIC
උණුසුම් පුවත්
බ්‍රිතාන්‍ය බලා යාමට තැත්කළ සංක්‍රමණිකයන් 300කට අත් වූ ඉරණම
Jun 09, 202605:14 PM
බ්‍රිතාන්‍ය බලා යාමට තැත්කළ සංක්‍රමණිකයන් 300කට අත් වූ ඉරණම
EDEX

බ්‍රිතාන්‍යය බලා ගමන් කිරීමට උත්සාහ කළ සංක්‍රමණිකයන් 300කට අධික පිරිසක් පැහැරගෙන ගොස්, දරුණු ලෙස වධහිංසා පමුණුවා, ඔවුන්ගේ වකුගඩු බලහත්කාරයෙන් ඉවත් කරන බවට තර්ජනය කර ඇති බවට විදෙස් වාර්තා පවසයි.

පසුගිය වසරේ දී මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ ඉරාක කුර්දිස්ථාන කලාපයේ පදිංචිව සිටි තරුණයන් පිරිසකි.

ලිබියාවේ ක්‍රියාත්මක සන්නද්ධ කල්ලියක් විසින් මොවුන්ව වටලා, එක් අයෙකුගෙන් අමෙරිකානු ඩොලර් 5,000 බැගින් කප්පම් මුදල් ඉල්ලා ඇති අතර, එම මුදල් කඩිනමින් නොගෙවුවහොත් ඔවුන්ගේ වකුගඩු ඉවත් කරන බවට තර්ජනය කර ඇති බව සඳහන් වේ.

එම පිරිසෙන් නිදහස ලබා පැමිණි ප්‍රාණඇපකරුවන් කිහිපදෙනෙකු බීබීසී පුවත් සේවය සමඟ පැවති සාකච්ඡාවකදී ඔවුන්ට මුහුණදීමට සිදු වූ වධහිංසා පිළිබඳ සාක්ෂි පෙන්වා තිබේ.

එක් කුඩා සිරකුටියක පුද්ගලයන් 180කට ආසන්න සංඛ්‍යාවක් සිරකර තැබූ බව ඔවුන් පවසා ඇත.

නිදහස් වූ 16 හැවිරිදි තරුණයෙකු ප්‍රකාශ කර ඇත්තේ , "අපි මාස හයක් තිස්සේ ඉර එළිය දැක්කේ නැහැ. ඉඩකඩ නැතිකම නිසා හැමෝටම නිදාගන්න වුණේ වාඩිවෙලා" යනුවෙනි.

ඔවුන් සියලු දෙනාටම තිබී ඇත්තේ එක් වැසිකිළියක් පමණක් වන අතර, එහි ප්‍රමාද වන අයට දරුණු ලෙස පහර දී ඇත. දිනකට ලැබී ඇත්තේ පාන් කැබැල්ලක් පමණි.

මෙම වධහිංසා හේතුවෙන් එක් ප්‍රාණ ඇපකරුවෙකු මියගොස් ඇති බව සඳහන් වේ.

මෙම සංක්‍රමණිකයන්ව ලිබියාව හරහා මධ්‍යධරණී වෙරළ තීරයට රැගෙන යාමට මෙම සන්නද්ධ කල්ලිය එකඟ වී තිබුණි.

නමුත් මෙම ගමන සංවිධානය කළ "නෝවා ආරොන්" නැමැති ඉරාක කුර්දි ජාතික මිනිස් ජාවාරම්කරු සහ සන්නද්ධ කල්ලිය අතර මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුව ඇත.

නෝවා ආරොන් දැනටමත් මුදල් විශුද්ධිකරණය සහ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් ප්‍රංශයේ වසර 10ක සිරදඬුවමක් විඳිමින් සිටී.

ලිබියාවේ පවතින දුර්වල රාජ්‍ය පාලනය හේතුවෙන් මෙවැනි සන්නද්ධ කල්ලිවලට ඕනෑ එපාකම් පියවා ගැනීමට මඟ පෑදී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපදේශක ඇන්තනි ඩන්කර්ලි පවසයි.

කප්පම් මුදල් නොගෙවන්නේ නම් වකුගඩුවක් ලබාගන්නා බවට තර්ජනය කරමින් සන්නද්ධ කල්ලිය විසින් ප්‍රාණඇපකරුවන්ගේ දරුණු වීඩියෝ සහ ඡායාරූප ඔවුන්ගේ පවුල් වෙත යවා තිබුණි. එක් වීඩියෝවක දැක්වෙන්නේ තරුණයෙකුගේ වකුගඩුව ඉවත් කිරීම සඳහා වෛද්‍යවරයෙකු වෙත රැගෙන යන බව පවසන දර්ශනයකි.

ඉරාක රජය මැදිහත් වී සංවිධානය කළ ගුවන් යානයකින් පසුගිය ජනවාරි මාසයේදී ප්‍රාණඇපකරුවන් 110 දෙනෙකු නැවත ගෙන්වා ගෙන ඇත.

මෙවැනි බිහිසුණු තත්ත්වයන් පැවතුණද, ඉරාක කුර්දිස්ථානයේ සිට යුරෝපය බලා යන නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගේ පැමිනීම් නතර වී නොමැති බව කුර්දිස්ථාන බලධාරීන් පවසයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට