
රැඳවුම් නියෝග මත සිය භාරයේ සිටි හිටපු බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ - කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම්දී තිබේ.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මාර්ගයෙන් මේ බව දැනුම්දී ඇත
එම දෙපාර්තමේන්තු භාරයේ සිටි සුරේෂ් සලේ මහතා හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඊයේ (07) රාත්‍රියේදී ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණ ඒ මහතා මේ දක්වා පසුවුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේය.
එහිදී තමාට අමානුෂික වදහිංසා සිදුකරන බවට පවසමින් ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළම ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කර තිබුණි.
ඉන් අනතුරුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයේ ඇති වූ පිරිහීමත් සමඟ මෙලෙස කොළඹ ජාතික රෝහලට සුරේෂ් සලේ මහතාව ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්ය.


















































