header logo
SLIC
උණුසුම් පුවත්
මීගොඩ අනතුරට සම්බන්ධ කැබ් රථයේ හිමිකරු සහ අනෙක් පුද්ගලයා පොලිසියට භාර වූ හැටි
Jun 06, 202610:14 PM
මීගොඩ අනතුරට සම්බන්ධ කැබ් රථයේ හිමිකරු සහ අනෙක් පුද්ගලයා පොලිසියට භාර වූ හැටි
EDEX

සය දෙනෙකුට මරු කැඳවමින් මීගොඩ ප්‍රදේශයේ දන්සලක් අසල සිදුවූ රිය අනතුරින් පසු පලාගොස් සැඟව සිටි, කැබ් රථයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙක් ජුනි 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද (06) නියෝග කළේය.

ඒ , අනතුරින් දින 6 ක් පුරා සැඟවී සිටි ඔවුන් දෙදෙනා නීතිඥවරයෙක් මාර්ගයෙන් අද මීගොඩ පොලිසියට භාරවීමෙන් පසුවය.

වෙසක් පොහොය නිමිත්තෙන් මීගොඩ හන්දිය ආසන්නයේ පැවති රොටි දන්සලක පෝලිමේ සිටි පිරිසක් වෙත බීමත් රියදුරෙක් පැදවූ කැබ් රථයක් කඩාවැදුණේ පසුගිය මැයි 31 වැනිදා මධ්‍යම රාත්‍රීයේදීය.

අනතුරින් පුද්ගලයින් 6 දෙනෙකුට දිවි අහිමි වී තවත් 7 දෙනෙකුට තුවාල සිදුවිය.

අනතුරින් පසු පලාගිය සැකකාර රියදුරු ලුහුබැඳ ගොස් ගොඩගම ප්‍රදේශයේදී අල්ලාගැනීමට පොලිසිය සමත් විය.

ඒ වනවිට අධික ලෙස බීමත්ව සිටි බව කියන සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙකි.

මනුෂ්‍ය ඝාතන සිදු කිරීම, රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම, අනතුරක් වළක්වා නොගැනීම ඇතුළු චෝදනා 10 ක් යටතේ ඔහු එදිනම හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රියදුරු ජුනි 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි.

අනතුර සිදුකළ අවස්ථාවේදී කැබ් රථයේ තවත් පුද්ගලයින් කිහිපදෙනෙක් සිටි බවටත්, අනතුරෙන් පසු ඔවුන් රථයෙන් බැස පලාගොස් ඇති බවටත් පොලිසියට තොරතුරු අනාවරණ වී තිබුණි.

ඒ අනුව පලාගිය පිරිස දින ගණනක් පොලිසියෙන් සැඟව සිටීම නිසා ඔවුන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කරමින් ඔවුන් සොයාගැනීමට පොලිසිය ඊයේ මහජන සහාය ද ඉල්ලා සිටියේය.

ඊට අනුව කැබ් රථයේ ලියාපදිංචි අයිතිකරු ලෙස පොලිසිය හඳුනාගෙන තිබුණේ පිළියන්දල , සිද්ධමුල්ලේ පදිංචි අත්තනායකගේ දොන් වසන්ත නැමැත්තෙකි.

මීට අමතරව පැලැන්වත්තේ පදිංචි එස්.කේ. කුමාර නොහොත් සෙල්ලමුත්තු සෙල්ලකුමාර් සහ පන්නිපිටියේම පදිංචි දොන් සරත් හෙට්ටිගේ යන අයද අදාළ අවස්ථාවේ රථයේ සිට ඇති අතර ඔවුන් පිළිබඳ තොරතුරක් ඇත්නම් දැනුම් දෙන ලෙසයි පොලිසිය ඊයේ (05) ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙවන් පසුබිමක මීගොඩ දන්සල් පෝලිමේ අනතුරට සම්බන්ධ සැඟව සිටි කැබ් රථයේ හිමිකරු වන අත්තනායකගේ දොන් වසන්ත සහ සෙල්ලමුත්තු සෙල්ලකුමාර් යන අය අද පෙරවරුවේ නීතිඥවරයෙක් මාර්ගයෙන් මීගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් වූහ.

එම අවස්ථාවේදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවය පොලිසිය පැවසුවේය.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබුණේ මීගොඩ දන්සල් අනතුර සිදුවූ වෙසක් පොහෝදා කැබ් රථයේ රියදුරු සහ සෙසු තිදෙනා මත්පැන් පානය කර නැවත පැමිණෙමින් සිටියදී අදාළ අනතුර සිදුවූ බවය.

අනතුරින් පසු ගොඩගම මංසන්ධියට ආසන්න ස්ථානයකදී රියදුරු හැර සෙසු තිදෙනා කැබ් රථයෙන් බැස තිබුණි.

පසුව වෙරි මතින් සිටි රථයේ හිමිකරු සහ සෙල්ලමුත්තු සෙල්ලකුමාර් නැමැත්තා ත්‍රීරෝද රථයකින් සිය පන්නිපිටිය, පැලැන්වත්තේ පිහිටි නිවසට ගොස් ඇත.

අනතුරින් පසු කලබලයට පත්ව සිටි එම දෙදෙනා සිය නිවාසවල සිටි පවුලේ සාමාජිකයින් වෙනත් ඥාතී නිවාස වෙත පිටත් කර යවා තිබේ.

පසුව හයිලෙවල් මාර්ගය වෙත පැමිණ ඇති ඔවුන් බස් රථයකින් කතරගම බලා පිටත්ව ගොස් තිබූ බව සඳහන්ය.

එතැන් සිට ඊට පසුදින දක්වා ඔවුන් දෙදෙනා රැඳී සිට තිබුණේ කතරගම දේවාල භූමියේය.

පසුව සැකකරුවන් දෙදෙනා යළි කොළඹට පැමිණ තිබුණේ නීතිඥවරයෙක් හමුවීම සඳහාය.

නමුත් නීතිඥවරයා හමුවීමට නොහැකි වීම නිසා ඔවුන් බස් රථයකින් නුවරඑළියට ගොස් එහි නවාතැන්පොළක නවාතැන් ගෙන තිබුණි.

ඊට පසු යළි කොළඹට පැමිණි මෙම සැකකරුවන් දෙදෙනා යම් පුද්ගලයෙකුගේ නිවසක සැඟවී සිටි බවට පොලිසියට පවසා ඇත.

පොලිසිය ඊයේ (05) මෙම සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමෙන් පසු තමන් අද (06) දිනයේ නීතිඥවරයෙක් මාර්ගයෙන් පොලිසියට භාර වූ බව සැකකරුවන් ප්‍රකාශ කර තිබේ.

සැකකරුවන් දෙදෙනා අද (06) පස්වරුවේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

මේ අතර මෙම සැකකරුවන් දෙදෙනා සමඟ අනතුර සිදුවූ අවස්ථාවේ කැබ් රථයේ සිටි දොන් සරත් හෙට්ටිගේ නැමැත්තා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර ඔහු තවදුරටත් සැඟවී සිටියි.

https://youtu.be/bHh24HZDJ6I
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana