header logo
SLIC
උණුසුම් පුවත්
මූලික රෝහල්වල අඩුපාඩු සම්පූර්ණ කරන්න බිලියන 31ක් වෙන් කරයි
Jun 05, 202604:09 PM
මූලික රෝහල්වල අඩුපාඩු සම්පූර්ණ කරන්න බිලියන 31ක් වෙන් කරයි
Mobitel 1278

මෙරට ස්ථාපිත මූලික රෝහල්වල අඩුපාඩු සම්පූර්ණ කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් මේවන විට ක්‍රියාවට නංවා ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

එම ව්‍යාපෘතිය සඳහා බිලියන 31ක මුදලක් වෙන්කිරීමට කටයුතු කරන බව ඊයේ (04) පස්වරුවේ මොනරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය මූලික රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට නිරත වෙමින් ඔහු කීය.

මෙරට රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව හා ඉහළ පහසුකම්වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමඟින් පවත්වා ගෙන යාම මුලික අරමුණකර ගනිමින් මධ්‍යම රජය සහ පළාත් සභාව යටතේ පාලනය වන රෝහල් පද්ධතියේ අඩුපාඩු සොයා බලා පවතින ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් මේවනවිට ක්‍රියාවට නංවා ඇත.

එම වැඩසටහනට අනූව මෙම නිරීක්ෂණ චාරිකාව අමාත්‍යවරයා විසින් සිදුකරන ලදී.

මෙහිදී රෝහලේ බාහිර රෝගී අංශය, සායන පරිශ්‍රය, වාට්ටු, ඖෂධාගාරය, හදිසි ප්‍රතිකාර ඒකකය, මුළුතැන්ගෙය, ඖෂධ ගබඩාව, රුධිර කාන්දුකරණ ඒ්කකය, රසායනාගාරය, ලේ බැංකුව මෙන්ම දැනට ක්‍රියාත්මකවන සංවර්ධන ව්‍යාපෘති, ඇතුළු අංශ අමාත්‍යවරයාගේ විශේෂ නිරීක්ෂණයට ලක්විය.

රෝහල් පරිශ්‍රය නිරීක්ෂණයෙන් අනතුරුව අමාත්‍යවරයා රෝහල් පාලන අධිකාරිය, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද කටයුතු කරන ලදී.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තම සේවාවන් ඉටු කිරීමේදී පවතින ගැටළු පිළිබදව දීර්ඝව කරුණු දැක්වීමක් කළ අතර අදාළ අංශ සහ නිලධාරීන් වෙතින් විමසීම් කරමින් එම ගැටලුවලට එම මොහොතේ ලබා දිය හැකි කාලීන විසදුම් ලබාදීමට ද අමාත්‍යවරයා පියවර ගනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා අඩුපාඩුකම් රාශියක් මධ්‍යයේ වුවද ප්‍රදේශයේ ජනතාවට ප්‍රතිකාර සේවාවන් අඛණ්ඩව සැපයීම වෙනුවෙන් වැල්ලවාය මූලික රෝහලේ සේවයකරන විශේෂඥ වෛද්‍යවරයාගේ සිට සෞඛ්‍ය කාර්ය සහයක දක්වා සිදුකරන්නාවූ කැපවීම පිළිබඳව සිය කෘතඥතාවය ද මෙහි දී පලකර සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය බෝනොවන රෝග සම්බන්ධයෙන් කාර්ය සාධන බලකායක් පිහිටුවා ඒ මගින් එම රෝග තත්ත්වය වළක්වාලීමට ක්‍රියාකරමින් සිටින බව මෙහි දී සඳහන් කළ අමාත්‍යවරයා මේ සඳහා ඇති ඒකක මේ දක්වා වෙන්වෙන් වශයෙන් කටයුතු කිරීම නිසා ලැබිය යුතු ප්‍රතිඵල නොලැබෙන බව නිරීක්ෂණයවී ඇති බැවින් ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කර අවශ්‍ය සංශෝධයන් සිදුකර එම කාර්යය වඩා විධිමත් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී පෙන්වා දෙන ලදී.

ඊට අදාළ කතිකාවකදී මෙරට මෞත්‍ර ලිංගික විශේෂඥ වෛද්‍යවරන්, ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් විද්‍යායතනයක් ලෙස ස්වේච්ජාවෙන් වකුගඩු ගල් සැත්කම් ස්ථාන කිහිපයක මාස කිහියපක් තුළදී සිදුකිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත්කළ බවත්, මේ සඳහා 2000ක පොරෝත්තු ලේඛනයක් තිබෙන බවට අනාවරණය වූ බවත් සඳහන් කළේය.

මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස විශේෂ මැදිහත්වීමක් සිදුකර මීරිගම මූලික රෝහලේ නව ශල්‍යාගාර පහසුකම් සහිත ගොඩනැගිල්ලක මේසදහා අවශ්‍යවන කාර්ය මණ්ඩල අනුමතකරවාගෙන මෙම මස 12වනදා එම ශල්‍යකර්ම සිදුකිරීමේ කාර්ය ආරම්භකරන බව පැවසීය.

එය සෞඛ්‍ය සේවාවේ සාමාන්‍ය ක්‍රමවේදයට ලැබෙන විශේෂ අවස්ථාවක් බවත්, මේ සදහා වැල්ලවාය රෝහල ද භාවිත කර ගැනීමේ ඇති හැකියාව පිළිබදව සොයාබලන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි