header logo
SLIC
උණුසුම් පුවත්
ඔන්ලයින් වංචා සහ නීතිවිරෝධී සූදු මැඩලීමට ශ්‍රී ලංකා-චීන ඒකාබද්ධ මෙහෙයුම්
Jun 05, 202611:59 AM
ඔන්ලයින් වංචා සහ නීතිවිරෝධී සූදු මැඩලීමට ශ්‍රී ලංකා-චීන ඒකාබද්ධ මෙහෙයුම්
Mobitel 1278

ඔන්ලයින් සූදු, විදුලි සංදේශ වංචා සහ ඒවා ආශ්‍රිත අපරාධ සිද්ධීන්වලට සම්බන්ධ කණ්ඩායම් වෙනත් රටවල සිට ශ්‍රී ලංකාව වෙත සංක්‍රමණය වීමේ වැළැක්වීම සඳහා චීනය සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කර තිබේ.

නිවේදනය නිකුත් කරමින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ඒ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, මුදල් සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ඇතුළු අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය වැඩිදියුණු කර ඇති අතර දෙරටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන අතර ප්‍රායෝගික සහයෝගිතාව ද වර්ධනය වී ඇති බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකා බලධාරීන් විසින් සිදුකළ වැටලීම් සහ විමර්ශනවලදී නීතිවිරෝධී සූදු හා වංචා මධ්‍යස්ථාන රැසක් වටලා සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද එහි සඳහන් වේ.

එම සැකකරුවන් අතර විවිධ රටවල ජාතිකයන් සිටින අතර, වංචා ක්‍රියාකාරකම්වලට සම්බන්ධ චීන ජාතිකයන් කිහිපදෙනෙකු චීන බලධාරීන් වෙත භාර දී ඇති බවද තානාපති කාර්යාලය පවසයි.

දේශසීමා ඉක්මවා සිදු කෙරෙන සූදු කටයුතු සම්බන්ධයෙන් චීන රජයේ ස්ථාවරය දැඩි බවත්, චීන පුරවැසියන්ට විදේශීය කැසිනෝ මෙහෙයවීම හෝ ඒවාට සම්බන්ධ වීම තහනම් බවත් නිවේදනයේ දැක්වේ.

එමෙන්ම එවැනි ක්‍රියාකාරකම් මුදල් විශුද්ධිකරණය, පැහැර ගැනීම්, මිනිස් ජාවාරම් සහ නීතිවිරෝධී දේශසීමා තරණය ඇතුළු බරපතළ අපරාධවලට මග පාදන බවද අවධාරණය කර ඇත.

එසේම, සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නැගෙනහිර හා අග්නිදිග ආසියාවේ සිට වඩාත් අවදානම් සහිත ප්‍රදේශ වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවත්, වංචා මධ්‍යස්ථාන, භූගත බැංකු ජාල සහ නීතිවිරෝධී ඔන්ලයින් වෙළෙඳපොළවල් අතර සම්බන්ධතා වර්ධනය වෙමින් ඇති බවත් චීන තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව තුළ නීතිවිරෝධී සූදු, ඔන්ලයින් සූදු සහ විදුලි සංදේශ වංචා මැඩලීමට කඩිනම් හා දැඩි පියවර නොගතහොත් එය රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට, මහජන ආරක්ෂාවට සහ සමාජ ස්ථාවරත්වයට බරපතළ බලපෑම් එල්ල කළ හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.

චීනය සහ ශ්‍රී ලංකාව එක්ව මෙම අපරාධ ජාල මර්දනය කිරීම, සැකකරුවන් නීතිය හමුවට පමුණුවීම සහ ඔවුන්ගේ මූල්‍ය හා සංවිධාන ව්‍යුහ බිඳ දැමීම තුළින් දෙරටේ ජනතාවගේ ජීවිත, දේපළ සහ නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හැකි වනු ඇති බවද චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි