header logo
Vallibel FD
උණුසුම් පුවත්
පාතාලය මෙරටදී ගිනිඅවි නිපදවීම අරඹලාද?
Jun 03, 202608:31 PM
පාතාලය මෙරටදී ගිනිඅවි නිපදවීම අරඹලාද?
Mobitel 1278

දිවයින පුරා ක්‍රියාත්මක දැඩි පොලිස් වැටලීම් සහ විදේශීය රටවලින් නීතිවිරෝධී ලෙස ගිනිඅවි මෙරටට ගෙන්වීමට පවතින දැඩි දුෂ්කරතා හේතුවෙන්, මෙරට ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි තමන්ට අවශ්‍ය ආයුධ මෙරට තුළම නිෂ්පාදනය කිරීමට පෙළඹී ඇති බවට පොලිසිය සැක පළ කරයි.

මෙම නවතම අපරාධ උපක්‍රමය පිළිබඳව ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අනාවරණය වී ඇත්තේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අද (03) දෙමටගොඩ ප්‍රදේශයේ සිදුකළ සාර්ථක වැටලීමකිනි.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් පසුගියදා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45ක් සමග පුද්ගලයෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබුණේ එම මත්ද්‍රව්‍ය තොගය මරණීය දණ්ඩනය නියමව සිටින අපරාධකරුවකු වන දෙමටගොඩ චමින්දගේ පුත්‍රයා වන, ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින 'මලීෂ' නමැත්තා විසින් මෙරටට එවා ඇති බවය.

රඳවාගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු හෙළිකළ තොරතුරු මත, මලීෂ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන පුද්ගලයාද ගාල්ල, නෙළුව ප්‍රදේශයේදී අද අළුයම අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ විමර්ශන අංශ අංක 3හි ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිත් ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙම දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කළේය.

එහිදී එම නිවසේ බෆල් එකක් තුළ සඟවා තිබූ ටී කටස් ගිනිඅවි 19ක්, ඒ සඳහා යොදන ටී 56 උණ්ඩ 24ක් මෙන්ම නිවසෙහි තිබී තවත් මත්පෙති තොගයක්ද සොයාගැනුණි.

කෙසේ නමුත් අදාළ ගිනිඅවි සඟවා තිබූ නිවසේ හිමිකරු පළාගොස් ඇති බවය පොලිසිය පැවසීය.

දෙමටගොඩ චමින්දගේ පුත්‍ මලීෂ නමැත්තාගේ සමීපතමයෙකු වන නිවෙස් හිමිකරු, මලීෂට අයත් මත්ද්‍රව්‍ය සැඟවීම සිදුකරන බව විමර්ශනවලදී මේ වනවිට අනාවරණ වී ඇත.

එමෙන්ම ගිනිඅවි සම්පූර්ණයෙන්ම මලීෂගේ මෙහෙයවීමෙන් මෙරටදී නිපදවා ඇති බවටත්, මේ වනවිට දිගින් දිගටම අපරාධකරුවන් සතු ගිනිඅවි අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඔවුන් දේශීයව ගිනිඅවි නිපදවීම ආරම්භකර ඇති බවටත් පොලිසිය සැක පළකරයි.

කෙසේවෙතත් අදාළ ගිනිඅවි තොගය කුමන ස්ථානයක, කෙලෙස නිෂ්පාදනය කළේද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර  | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

කාලගුණයේ අලුත්ම දැනුම්දීම - පොළොන්නරුවට සහ මුලතිව්වල හවසට ගිගුරුම් සහිත වැසි | Ada Derana

කාලගුණයේ අලුත්ම දැනුම්දීම - පොළොන්නරුවට සහ මුලතිව්වල හවසට ගිගුරුම් සහිත වැසි | Ada Derana

 පක්ෂයේ අතීත මතක අතරින් නව පිම්මකට සැරසෙන හිටපු ජනපති රනිල්

පක්ෂයේ අතීත මතක අතරින් නව පිම්මකට සැරසෙන හිටපු ජනපති රනිල්

 විසිරුණු පක්ෂ එක තැනකට එක්කළ එජාපයේ 80 වැනි සැමරුම...

විසිරුණු පක්ෂ එක තැනකට එක්කළ එජාපයේ 80 වැනි සැමරුම...

 තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට