header logo
Vallibel FD
උණුසුම් පුවත්
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ෂික සමුළුව අදින් ඇරඹේ
Jun 01, 202611:27 AM
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ෂික සමුළුව අදින් ඇරඹේ
Mobitel 1278

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (114) වන වාර්ෂික සමුළුව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අදින් (01) ආරම්භ වේ.

ඊට සහභාගී වීම සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඊයේ (31) දිවයිනෙන් පිටත්ව ගියහ.

මෙම සමුළුව එළැඹෙන 12 වැනිදා දක්වා ජිනීවා නුවරදී පැවැත්වෙන අතර රජය, සේවායෝජකයින් සහ කම්කරුවන් නියෝජනය කරන ත්‍රෛපාර්ශ්වික නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වේ.

"සමාජ සාධාරණත්වය ඉදිරියට ගෙන යමින් යහපත් රැකියා ප්‍රවර්ධනය කිරීම" යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වේ.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සාමාජික රටවල් 187ක රජයන්, සේවායෝජකයින් සහ කම්කරුවන්ගේ නියෝජිතයින් රක්රැස් කරන මෙම සමුළුව ගෝලිය කම්කරු ප්‍රතිපත්ති සහ කම්කරු ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණ ගැනීම සඳහා වූ ඉහළම ජාත්‍යන්තර වේදිකාව ලෙසත් මෙය සැලකේ.

කම්කරු පාර්ලිමේන්තුව ලෙසද හඳුන්වන මෙම සමුළුවේදී ඩිජිටල් සහ වේදිකා ආර්ථිකය තුළ යහපත් රැකියා ප්‍රවර්ධනය, සේවා ස්ථානවල ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාව, සමාජ සංවාදය ශක්තිමත් කිරීම සහ රජයන්, සේවායෝජකයින් හා කම්කරුවන් අතර ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කිරීම ඇතුළු වැදගත් කරුණු රැසක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරේ.

මෙම සමුළුවට සහභාගී වීම තුළින් ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන් සහ ක්‍රියාකාරකම් පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, වැඩ ලෝකයේ මතුවන නව ප්‍රවණතා සහ අභියෝග සම්බන්ධ ගෝලීය සංවාද සඳහා දායක වීමටත් මෙරටට අවස්ථාව උදා වේ.

එමෙන්ම සාධාරණ සේවා කොන්දේසි, සමාජ සාධාරණත්වය සහ තිරසර ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් ගෙන යන වැඩපිළිවෙළ ජාත්‍යන්තර ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීමටද මෙම සමුළුව වැදගත් අවස්ථාවක් වනු ඇත.

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සමග කම්කරු අමාත්‍යංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද ඇතුළු නිලධාරීන් පිරිසක්ද මේ සඳහා එක්ව සිටිති.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiWIXp0dq3_rna6jFADCXOzwpywKiB6eXuaU2UwoSqDKi6xm4ESE8tnlbUPcZ3K13x_WIcvIjIgQJwx5URF9nRtWUh4ZSC06ZofjtutCqDStH6tXiyd4O4cpHB_g0Zsik4buk2LnjCiOWeQtbWC-53fLeGoay4zhB1VwJZkLK4iQllO2XTn8Q6Ef7DRfrLZ/s1600/650x433.jpg

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්