header logo
Vallibel FD
උණුසුම් පුවත්
2025 වසරේ සිට මේ දක්වා වනාන්තර 81ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්වෙයි
Jun 01, 202611:06 AM
2025 වසරේ සිට මේ දක්වා වනාන්තර 81ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්වෙයි
Mobitel 1278

2025 වසරේ ආරම්භ කෙරෙුණු වනස්පති වැඩසටහන යටතේ මේ දක්වා වනාන්තර 81ක් රක්ෂිත ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

එමෙන්ම එළැඹෙන ජුනි මස 5 වැනි දින තවත් රක්ෂිත 5ක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඒ අනුව සමස්ත රක්ෂිත ප්‍රමාණය 86ක් දක්වා ඉහළ යනු ඇත.

එළැඹෙන ජුනි 5 වැනි දින රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරෙනුයේ රිටිගල, අලියාවැටුණුවැව රක්ෂිතය, බුලාගල, කෝන්කැටියාව සහ, කල්ලංචි නම් රක්ෂිත වේ.

අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසුවේ 2025 වසරේ රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරෙුණු වනාන්තර 29 තුළ දළ වශයෙන් හෙක්ටයාර 50,000ක් පැවැති බවය.

ඉන් පසු ජගත් වනාන්තර දිනයේදී රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරෙුණු වනාන්තර 50 තුළ රක්ෂිත හෙක්ටයාර 12,989ක් පැවැති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

"වනස්පති වැඩසටහන අපි නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ 2025 ජූලි 15 වෙනිදා ගම්පහ බජ්ජංගොඩ රක්ෂිතයේදී. 2025 වසරෙදි පමණක් අපිට හැකියාව ලැබුණා වනාන්තර 29ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරන්න. මෙම වනාන්තර 29 තුළ දළ වශයෙන් හෙක්ටයාර 50,000ක් අපි පළවෙනි වසර තුළදි රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළා.

ඊට පස්සේ 2026 වසරෙදි අපි ජගත් වනාන්තර දිනයයේදි තවත් වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළා. එම රක්ෂිත දිස්ත්‍රික් 4ක් නියෝජනය කළා අම්පාර, බදුල්ල, නුවරඑළිය, මාතර දිස්ත්‍රික්කවල වනාන්තර 50ක් අපි රක්ෂිත ලෙස ප්‍රකාශට පත් කළා ඒ තුළ තිබුණා හෙක්ටයාර් 12,989ක්. මෙම වනාන්තර තුළ තිබුණා අපේ රටේ මධ්‍ය කඳුකරයේ අඩි 5,000ට වඩා උස ප්‍රදේශවල තියෙන රක්ෂිතත් අපි මේ වනනාන්තර 50 තුළට අඩංගු කර ගත්තා.

ඉන් පස්සේ පසුගිය අප්‍රේල් මාසයේදී පැවතුණු ඒහිපස්සිකෝ සාම පාගමන. මේ සාම පාගමනට සමගාමිව තවත් වනාන්තර 2ක් අප්‍රෙල් මාසේ 24 වැනිදා රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළා. එක් වනාන්තරයක් මාතලේ දිස්ත්‍රික්කයේ නුගගහමුල යාය වනාන්තරය, අනික කෑගල්ල දිස්ත්‍රික්කයේ පදිගම් පැලැල්ල කියන වනාන්තර 2ක රක්ෂිත ලෙස ප්‍රකාශටයට පත් කළා. මේ රක්ෂිත ගොන්නට තවත් රක්ෂිත 5ක් එළැඹෙන ජගත් පරිසර දිනයේදී එකතු කරන්න තීරණය කරලා තිබෙනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. ඒ රක්ෂිත 5ම තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ.

ප්‍රධාන වශයෙන් අපේ රටේ විශේෂ සංවේදී කලාපයක් වන රිටිගල රක්ෂිතය, අලියාවැටුණු වැව රක්ෂිතය, බුලාගල රක්ෂිතය, කෝන්කැටියාව රක්ෂිතය, කල්ලංචි කියන රක්ෂිත 5 අපි එළැඹෙන 2026 ජුනි 5 වැනිදා ජගත් පරිසර දිනයේදී රක්ෂිත හැටියට ප්‍රකාශයට පත් කරන්න සූදානම්. ඒ තුළ හෙක්ටයාර 2,169ක ප්‍රමාණයක් තිබෙනවා."

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgOczWBouN1PE_mi69wXGzxUoX7oZmJtXdhaOB9DCLWwO0wR5eL5TbRgQEXD81u2xmPbdtUtRS1US-11ErYRZW2aikDr9S86uLBk-qhEDzfgkdnKBjP2nxX2B7X8KDFguanQkRwkCN0rriTM_OZApBIAG_pEABebuMvWN-8YZ73vQwhXAO6eiPO3VTg_sIZ/s1600/650x433.jpg

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්