header logo
SLIC
උණුසුම් පුවත්
රුපියල් මිලියන 765 ක අතිනවීන මැමෝග්‍රැෆි යන්ත්‍ර 5 ක් රෝහල් පද්ධතියට
May 31, 202602:49 PM
රුපියල් මිලියන 765 ක අතිනවීන මැමෝග්‍රැෆි යන්ත්‍ර 5 ක් රෝහල් පද්ධතියට
Mobitel 1278

මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නංවමින් ජනතාවට ලබාදෙන ප්‍රතිකාර සේවාවන් වඩාත් විධිමත් සහ කාර්යක්ෂම කිරීමේ අරමුණින් අතිනවීන මැමෝග්‍රැෆි යන්ත්‍ර (Mammography Machines) 5 ක් දිවයිනේ ප්‍රධාන රෝහල් පහක් වෙත ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ ක්‍රියාවට නැංවෙන සුවිශේෂී සැලසුමක ප්‍රතිඵලයක් ලෙස මෙම යන්ත්‍ර ලබාදීමට කටයුතු සූදානම් කර තිබේ.

කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන පියයුරු පිළිකා සහ පියයුරුවල ඇති වන වෙනත් අසාමාන්‍ය ගැටිති හෝ වෙනස්කම් ඉතා මුල් අවධියේ දී ම හඳුනා ගැනීමට සහ පසු ප්‍රතිකාර සේවා සඳහා මෙම යන්ත්‍ර භාවිත කෙරේ.

මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන සමස්ත මුදල රුපියල් මිලියන 765 කි.

එහිදී එක් මැමෝග්‍රැෆි යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියන 153 ක් වන අතර, සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (HSEP) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් මේ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා ඇත.

මෙම අතිනවීන යන්ත්‍ර 5 ස්ථාපිත කිරීමට නියමිත ප්‍රධාන රෝහල් වන්නේ,

කොළඹ ජාතික රෝහල

ගාල්ල කරාපිටිය ජාතික රෝහල

නුවර ජාතික රෝහල

අනුරාධපුර ශික්ෂණ රෝහල

අපේක්ෂා රෝහල

මෙම ප්‍රධාන වැඩපිළිවෙළට අමතරව, පවතින හදිසි අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල් දෙක සඳහා ද භාවිත කරන ලද මැමෝග්‍රැෆි යන්ත්‍ර දෙකක් ලබාදීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මේ වනවිට දිවයින පුරා රෝහල්වල සක්‍රීය සේවයේ පවතින්නේ මැමෝග්‍රැෆි යන්ත්‍ර 16 ක් පමණි. නව යන්ත්‍ර ද සමඟින් එම සංඛ්‍යාව 23 දක්වා ඉහළ යනු ඇත. දැනට කොළඹ, කරාපිටිය, කළුබෝවිල, පේරාදෙණිය, මඩකලපුව, අනුරාධපුර, රාගම, යාපනය, පොළොන්නරුව, කුරුණෑගල, බදුල්ල, රත්නපුර, කල්මුණේ, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය යන රෝහල්වල මෙම යන්ත්‍ර ක්‍රියාත්මක වේ.

රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව රෝගියෙකු ලියාපදිංචි වී දින කිහිපයක් ඇතුළත සියලුම පරීක්ෂණ අවසන් කළ යුතු වුවද, අධික රෝගීන් සංඛ්‍යාව සහ පවතින සීමිත යන්ත්‍ර පහසුකම් හේතුවෙන් වර්තමානයේ මැමෝග්‍රැෆි පරීක්ෂණයක් කරගැනීම සඳහා සති කිහිපයක සිට මාස කිහිපයක් දක්වා දිගු පොරොත්තු ලේඛන (Waiting lists) පවතී.

සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ මෙම නවීන තාක්ෂණික යන්ත්‍ර සෞඛ්‍ය පද්ධතියට එක්වීමත් සමඟ එම පොරොත්තු ලේඛන අවම කරමින්, රෝගීන්ට ගුණාත්මක, කඩිනම් සහ කාර්යක්ෂම සේවාවක් සැපයීමට හැකිවන බවයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට