
මස්කෙළිය, ග්ලැන්ටිල්වත්ත ප්‍රදේශයේ දී පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ක් වූ ග්ලැන්ටිල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ පුද්ගලයා තම නිවස ආසන්නයේ තවත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා පස් ඉවත් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.
මස්කෙළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.







































