header logo
SLIC
උණුසුම් පුවත්
කපිල චන්ද්‍රසේනගේ නීතිඥයින් සාක්ෂියට කැඳවනවාද ? නැද්ද?
May 29, 202611:18 AM
කපිල චන්ද්‍රසේනගේ නීතිඥයින් සාක්ෂියට කැඳවනවාද ? නැද්ද?
Mobitel 1278

අබිරහස් ලෙස මරණයට පත්වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂිය සඳහා ජනාධිපති රියන්සි අර්සකුලරත්න සහ නීතිඥ උදාර මුහන්දිරම්ගේ යන අය සාක්ෂියට කැඳවනවාද? නැද්ද? යන නියෝගය ජුනි 2 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) තීන්දු කළේය.

මෙම මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

ඒ අවස්ථාවේදී කපිල චන්ද්‍රසේන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවේ නීතිඥවරු වශයෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ ඔහුගේ කනිෂ්ට නීතිඥ උදාර මුහන්දිරම්ගේ යන අය අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඉන් අනතුරුව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ තේජිත කෝරලගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අධිකරණය විසින් සිතාසි නිකුත් කර නොතිබුණද මාධ්‍යවලින් පළවූ වාර්තාවලට අනුව අධිකරණයට ගරු කිරීමක් වශයෙන් ජනාධිපති නීතිඥවරයා සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අද අධිකරණය හමුවේ පෙනී සිටින බව සඳහන් කළේය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්,

"ස්වාමීනී.... අපරාධ නඩු විධාන සංග්‍රහයේ 370(5) වගන්තිය යටතේ ජනාධිපති නීතිඥවරයා සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා මෙම මරණ පරීක්ෂණයේදී සාක්ෂි දීම අවශ්‍යදැයි සොයා බලන ලෙස ඉල්ලා සිටිනවා.

සාක්ෂි ආඥා පනතේ 126 සහ ශ්‍රේෂ්ඨාධිකරණ රීති 30 සිට 34 දක්වා ප්‍රතිපාදනවලට අනුව නීතිඥවරයෙකු සිය සේවාදායකයා සමග සිදු කරනු ලබන උපදේශාත්මක කාරණා සම්බන්ධයෙන් රහස්‍යභාවය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. එය නීතිඥවරයෙකුට පැවරී තිබෙන වගකීමක්.

මෙම මරණ පරීක්ෂණයේදී සිදුවන්නේ මරණකරුගේ මරණය සිදුවූ හේතුව සොයා ගැනීමයි. ඒ නිසා නීතිඥවරයෙකු හා සේවාදයකයෙකු අතර හුවමාරු වූ අදහස් මෙම කාරණය ස්වාගැනීමට කොයිතරම් අදාලවේද යන්න සලකා බලන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් අධිකරණයේ අවධානය යොමු කරනවා. එම නිසා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 370(5) යටතේ මෙම ජනාධිපති නීතිඥවරයාගේ සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාගේ සාක්ෂිය කැඳවීමට අවශ්‍යද යන්න නිගමනය කරන ලෙසත් මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා"
යනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා පැවසීය.

ඉන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා පොලිසිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම ජනාධිපති නීතිඥවරයාගෙන් සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේදැයි ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සඳහන් කළේ එම ප්‍රකාශය සටහන් කරගෙන හැක බවය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා මතුකළ කාරණා සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට නියම කළේය.

ඊට පිළිතුරු දෙමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කියා සිටියේ,

"2026 වසරේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මියගිය කපිල චන්ද්‍රසේන මහතාට රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 3ක් නියම කර තිබෙනවා. පසුව ඇපකරුවන් ඉදිරිපත් කිරීමේදී ඇති වූ අක්‍රමිකතාවයක් නිසා ඔහුට ඇප ලබාගැනීමට බැරිවෙනවා.

ඉන් පසුව ඇපකරුවන් ඉදිරිපත් කර ඒ මහතා මැයි මස 6 වනදා බන්ධනාගාරයෙන් පිටව යනවා. පසුව මැයි මස 7 වනදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් කපිල චන්ද්‍රසේන මහතාට යළි වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

එදින හවස් යාමයේ අරවින්ද ද සිල්වා මාවතාගේ නිවසට පිරිසක් ඇවිත් තිබෙනවා. එම පිරිස පසුව ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න මහතාගේ නිල මැදිරියට ගොස් සාකච්ඡා කර තිබෙන බවත් පරීක්ෂණ වලදී හෙළිවෙලා තිබෙනවා.

එම ස්ථානයේදී අරවින්ද ද සිල්වා මහතාගේ බිරිඳගේ ජංගම දුරකථනයෙන් රියැන්සි අර්සකුලරත්න මහතා සහ මියගිය කපිල චන්ද්‍රසේන මහතා අතර සංවාදයක් ඇති වී තිබෙන බව බවටත් විමර්ශනවලදී කරුණු අනාවරණය වෙලා තිබෙනවා.

එහිදී සාකච්ඡා වූ කරුණු කුමක්ද? යන්න අනාවරණය කර ගැනීම සඳහායි එම නීතිඥවරු සාක්ෂියට කැඳවා තිබෙන්නේ" යනුවෙන් පොලිසිය පැවසීය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා වන උදාර මුහන්දිරම්ගේ යන අය සාක්ෂියට කැඳවනවාද නැද්ද යන නියෝගය ජූනි මස 02 වනදා ප්‍රකාශයට පත්කරන බවය.

ඒ අනුව ඉදිරියේදී අධිකරණයෙන් සිතාසියක් ලැබුණොත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥ උදාර මුහන්දිරම්ගේ යන මහත්වරුන්ට අවවාද කළේය.

මෙම පරීක්ෂණයට සාක්ෂිදීම සඳහා කැඳවා තිබූ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුට එදින අධිකරණ යාමේ පෙනී සිටින ලෙස දන්වා මහෙස්ත්‍රාත්වරයා දැක්වීය.

මෙහිදී විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ කොළඹ අපරාධ කොට්ඨාශය cctv දර්ශන හා දුරකථන ඇමතුම් ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු කරන බවත් දැනුම් දුන්නේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප