
සර්වජන බලය පක්ෂය සතුව ඇත්තේ පුද්ගල කේන්ද්‍රීය වැඩපිළිවෙළ නොවන බවත්, එය රට ජයග්‍රහණය කරා රැගෙන යාමේ වැඩපිළිවෙළක් බවත් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
ප්‍රශ්නය - පොදු විපක්ෂය ඒකාබද්ධ වෙනවානම් විපක්ෂ නායක ධුරය භාරගන්න ඔබතුමා සූදානම්ද ?
"අපි විපක්ෂනායක වෙන්න දේශපාලනය කරන්නේ නැහැ. අපි දේශපාලනය කරන්නේ රටේ බලය ගන්න. විපක්ෂනායකකම ගන්න දේශපාලනය කරන අය ඇති. අපිට එහෙම දේශපාලනය කරන්න හේතුවක් නැහැ. පුද්ගල කේන්ද්‍රීය දේශපාලනයක් අපේ නැහැ. රට ජයග්‍රහණය කරවන්න අපි එකතුවෙලා තියෙන්නේ. තනතුරු ගැන නොහිතා දේශපාලනය කරන්නේ."

















































