header logo
SLIC
උණුසුම් පුවත්
රුපියලේ ශක්තිමත් භාවය ගැන IMF කතා කරයි - ඉන්ධන සහනාධාරය ගැනත් කියයි
May 28, 202607:25 PM
රුපියලේ ශක්තිමත් භාවය ගැන IMF කතා කරයි - ඉන්ධන සහනාධාරය ගැනත් කියයි
Mobitel 1278

ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ පස් වන සහ හය වන සමාලෝචනය සම්පූර්ණ කරමින් ඒ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අද (28) අනුමැතිය හිමිවිය.

‍ඒ අනුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් හිමිවෙයි.

මේ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝජියෝ අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වනු ලැබීය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝජියෝ,

"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ පස්වැනි සහ හයවැනි සමාලෝචනය සම්පූර්ණ කර තිබෙනවා. මෙම තීරණය මගින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 695ක් සඳහා ප්‍රවේශය ලබාදෙන අතර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට මේ දක්වා ලබාදී ඇති සම්පූර්ණ මූල්‍ය ණය ඩොලර් බිලියන 2.4ක් දක්වා ඉහළ යනවා."

ප්‍රශ්නය 01 - මගේ ප්‍රශ්නය තමයි ශ්‍රී ලංකාවේ විනිමය අනුපාත පිළිබඳ දැන් ඇති වී තිබෙන තත්ත්වය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ තත්ත්වය දකින්නේ කොහොමද? IMF ශ්‍රී ලංකා මහබැංකුවෙන් ඉල්ලා සිටි කරුණක් තමයි විනිමය අනුපාත වඩාත් නම්‍යශීලී ආකාරයෙන් පවත්වාගත යුතු බව. ඔබ ඒ විදියට කොයිතරම් නම්‍යශීලීතාවක්, කොපමණ කාලයක් පවත්වාගත යුතුදැයි අපේක්ෂා කරනවාද?

පිළිතුර - "ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය සහ විනිමය අනුපාත ප්‍රතිපත්තීන් ස්ථාවරත්වය පවත්වාගැනීම සහ උද්ධමනය පාලනය කිරීමේ පදනම මත පවත්වාගෙන යන ආකාරයයි අප දකින්නේ. උද්ධමනය 2022 වසරේ අර්බුදය සමයේ පැවති 60%ක 70% ක උපරිම මට්ටමක සිට කැපී පෙනෙන විදියට එක් දශාංශයක් දක්වා පහත වැටී තිබෙනවා. දැන් පසුගිය මාසයේ උද්ධමනයේ තාවකාලික ඉහළයාමක් දක්නට ලැබුණා. මැදපෙරදිග අර්බුදය හේතුවෙන් මේ තත්ත්වයෙන් පිළිබිඹු වන්නේ නිසි මූල්‍ය පිළිවෙත් අනුගමනය කිරීම මිස මුදල් මුද්‍රණ්‍ය කිරීම නිසා නෙවෙයි. මහබැංකුව මූල්‍ය අරමුදලේ වැඩසටහන අයවැය පරතරය පියවීම සඳහා යොදා ගැනීමෙන් වැළකී සිටිනවා. ප්‍රතිපත්ති පොලී අනුපාත 5%ක උද්ධමනය ඉලක්කය අනුව පවත්වාගෙන යනු ලබනවා. විනිමය අනුපාත ඉහළ නම්‍යශීලීතාවක් පෙන්නුම් කරමින් විදේශ සංචිතය යළි ගොඩනැංවීමට දායක වන අයුරින් පවතින බව පැවසිය හැකියි. එම සංචිත ගොඩනැංවීම මැදපෙරදිග අර්බුදය හේතුවෙන් මන්දගාමී වී ඇති නිසා එය ගොඩනැංවීමට සහායක් ලබාදිය යුතු වනවා."

ප්‍රශ්නය 02 - වර්තමානයේ ක්‍රියාත්මක ඉන්ධන සහනාධාර ක්‍රමවේදය තවත් මාස කිහිපයක් පවත්වාගෙන යා හැකිද? නැතහොත් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් සමග දේශීය ඉන්ධන මිල ගණන් ගැලපිය යුතුද?

පිළිතුර - "තාවකාලික සහනාධාර පැකේජය IMF ඉලක්ක අනුව පවත්වාගෙන යාම පිළිබඳව අප බලධාරීන් සමග සාකච්ඡා කර තිබෙනවා. පසුගිය මාසයේ කොළඹදී අප සාකච්ඡා කළ ආකාරයට එහි පරාමිතීන් අප අවබෝධ කරගෙන තිබෙනවා. රුපියල් බිලියන 100ක මේ සහනාධාර පැකේජය තාවකාලික එකක්. එය ලබන සැප්තැම්බර් මාසයේ අවසන්වීමට නියමිතව තිබෙනවා. එය භාවිත කරන ආකාරයන් ඊටත් කලින් අවසන් විය හැකියි. මේ නිසා එම ඉලක්කය පිළිබඳව අප බලධාරීන් සමග සාකච්ඡා කර තිබෙන්නේ."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට