header logo
SLIC
විශේෂාංග
බරපතළ සෞඛ්‍ය අවදානමක් ගැන වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීම්
May 28, 202612:31 PM
බරපතළ සෞඛ්‍ය අවදානමක් ගැන වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීම්
Mobitel 1278

වර්තමාන ලෝකයේ දරුවන් පෙර පරම්පරාවලට වඩා ශාරීරිකව අක්‍රිය වෙමින් පවතින බවත්, එය ඔවුන්ගේ අනාගත සෞඛ්‍යයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවත් විද්‍යාඥයෝ අනතුරු අඟවති.

මේ වන විට ලොව පුරා සෑම දරුවන් සහ යොවුන් වියේ පසුවන්නන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු අධික තරබාරුකමෙන් (Obesity) පෙළෙන අතර, එක තැනකට වී සිටින කාලය වැඩිවීම, මානසික ආතතිය, ආහාරවල ගුණාත්මකභාවය අඩුවීම සහ ක්‍රීඩාවලට යොමුවීම අඩුවීම මීට ප්‍රධාන හේතු වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව දරුවෙකු දිනකට අවම වශයෙන් විනාඩි 60ක ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත විය යුතුය.

ළමා වියේ පවතින අක්‍රියතාව වැඩිහිටි වියේදී ද අක්‍රිය පුද්ගලයෙකු වීමට බලපාන බවත්, ළමා වියේදී ක්‍රියාශීලී වන දරුවන් වැඩිහිටියන් වූ පසුව ද සෞඛ්‍ය සම්පන්නව ජීවත්වන බවත් පර්යේෂකයන් සොයාගෙන ඇත.

දෙවන ලෝක යුද්ධයේ ප්‍රවීණයන් 712 දෙනෙකු ඇසුරින් වසර 50ක් තිස්සේ කරන ලද දීර්ඝකාලීන අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ, පාසල් වියේදී ක්‍රීඩාවල නිරත වූවන් වයස අවුරුදු 70 වන විටත් වඩාත් සෞඛ්‍ය සම්න්නව සහ ක්‍රියාශීලීව පසු වූ බවය.

එමෙන්ම ඔවුන් වෛද්‍යවරුන් වෙත යොමුවීමේ ප්‍රතිශතය ද බෙහෙවින් අඩු වී තිබූ බව සඳහන් වේ.

අමෙරිකාවේ රෝඩ් අයිලන්ඩ් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය නිකොල් ලෝගන් පවසන්නේ ශාරීරික ක්‍රියාකාරකම් මඟින් දරුවන්ගේ ශරීර ස්කන්ධ දර්ශකය (BMI) සහ ඉණ වට ප්‍රමාණය නිසි ලෙස පවත්වා ගැනීමට අමතරව, ඔවුන්ගේ බුද්ධිමය වර්ධනය සහ අවධානය යොමු කිරීමේ හැකියාව ද ඉහළ නංවන බවය.

මහාචාර්ය ලෝගන් සහ කණ්ඩායම විසින් සිදුකළ මාස නවයක පර්යේෂණයකදී, පාසලෙන් පසු සතියට දින 5ක් මධ්‍යස්ථ හෝ දැඩි ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වූ තරබාරු දරුවන්ගේ බුද්ධිමය මට්ටම සහ ප්‍රතිචාර දැක්වීමේ වේගය, එවැනි ක්‍රියාකාරකම්වල නොයෙදුණු දරුවන්ට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පවතින බව තහවුරු වී තිබේ.

ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වටා තැන්පත් වන මේදය මඟින් ඇති කරන ප්‍රදාහයන් මොළයේ ක්‍රියාකාරිත්වය අඩපණ කරන අතර, ව්‍යායාම මඟින් එම මේදය දහනය වී මොළයේ ඒකාග්‍රතාවය සහ ධාරණ ශක්තිය වර්ධනය වේ.

ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ සායනික මහාචාර්ය Ulla Toft පවසන්නේ, ළමා තරබාරුකම වැළැක්වීම සඳහා දරුවන් අවට ඇති ආහාර පරිසරය වැඩිදියුණු කිරීම, තිර දෙස බලා සිටින කාලය සීමා කිරීම සහ නින්ද ක්‍රමවත් කිරීම අත්‍යවශ්‍ය බවය.

එක්සත් රාජධානියේ පාසල් 30ක් ආශ්‍රිතව කරන ලද මෑතකාලීන පර්යේෂණයකදී, ගුරුවරුන් විසින් දරුවන් එක තැන වාඩි වී සිටින කාලය අඩු කිරීමට පියවර ගෙන තිබුණි.

එහිදී ප්‍රශ්නවලට පිළිතුරු දීමේදී නැගී සිටීමට සැලැස්වීම සහ පන්ති කාමරය තුළ ඇවිදීමට ඉඩ දීම වැනි සරල වෙනස්කම් හේතුවෙන් දරුවන්ගේ උදරයේ මේද ප්‍රතිශතය 8% කින් අඩු වූ අතර, ක්‍රීඩාවලට ඇති උනන්දුව 10% කින් ඉහළ ගියේය.

ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් හි Flaminia Ronca සඳහන් කරන්නේ, "මෙය දැඩි ව්‍යායාම පිළිබඳ ප්‍රශ්නයක් නොව, එක තැන වාඩි වී සිටින කාලය අවම කිරීමේ වැදගත්කම" බවයි.

විනාඩි 30ක සරල ශාරීරික ක්‍රියාකාරකමකින් පසුව දරුවන්ගේ අවධානය සහ බුද්ධිමය කාර්ය සාධනය ක්ෂණිකව ඉහළ යන බව ද ඇය පෙන්වා දෙයි.

විශේෂයෙන්ම යොවුන් වියට එළඹෙන විට, ගැහැණු ළමයින්ගේ ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීමේ ප්‍රවණතාවක් පවතී.

එවැනි අවස්ථාවලදී දෙමාපියන් දිරිගැන්වීම් කරන්නේ නම් සහ ඔවුන් සමඟ එක්ව බයිසිකල් පැදීම, දිවීම වැනි සරල ක්‍රියාකාරකම්වල නිරත වන්නේ නම් දරුවන් නිරන්තරයෙන් ක්‍රියාශීලීව තැබිය හැකිය.

එමෙන්ම, බ්‍රිතාන්‍යයේ ස්වන්සී විශ්වවිද්‍යාලයේ Michaela James පවසන්නේ දරුවන්ට තදින් සැලසුම් කරන ලද ක්‍රීඩා වෙනුවට, ඔවුන් කැමති ක්‍රියාකාරකම් තෝරා ගැනීමට නිදහස දිය යුතු බවය.

පාසල් ක්‍රීඩා පිටි තුළ ලී ලෑලි, ටයර් වැනි සරල ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් නිදහසේ සෙල්ලම් කිරීමට ඉඩ දීමෙන් දරුවන්ගේ මානසික සුවය සහ ආත්ම විශ්වාසය දැඩි කරණ බව සඳහන් වේ.

වැරදිවලට දඬුවම් ලෙස දරුවන්ගේ සෙල්ලම් කරන කාලය කපා හැරීම නොකළ යුතු බව ද ඇය පෙන්වා දී තිබේ.

අවසාන වශයෙන් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ගසකට නැගීම, ක්‍රීඩා පිටියක දිවීම හෝ සෙල්ලම් කිරීම වැනි ඕනෑම ආකාරයක සරල චලනයක් වුව ද දරුවෙකුගේ සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රීතිමත් අනාගතයකට අතිශයින්ම වැදගත් වන බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප