
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ මේ දක්වා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.4ක මුදලක් ලබාදී ඇති බව මහබැංකුව පවසයි.
ඔවුන් මේ බව සඳහන් කළේ, එම අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ණය පහසුකම යටතේ සිදු කළ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරමිනි.
මෙරට ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට සහාය දැක්වීම සඳහා විශේෂ ගැනුම් හිමිකම් අමෙරිකානු ඩොලර් මිලියන 695ක පමණ මූල්‍යන පහසුකමක් වෙත ක්ෂණි ප්‍රවේශයක් ලබාදී ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය සඳහන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා වූ විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදු කළ පස්වන සහ හයවන ඒ්කාබද්ධ සමාලෝචනය ඊයේ (27) අවසන් කර ඇත.
ඒ අනුව විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ කාර්ය සාධන සාමාන්‍යයෙන් ශක්තිමත් මට්ටමක පවතින බව එම අරමුදල පෙන්වා දෙයි.
ඉන්ධන සහ පිරිවැය ආවරණ කෙරෙන විදුලි මිලකරණය යළිත් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් පූර්ව ක්‍රියාමාර්ග අවශ්‍යතා ශ්‍රී ලංකාව විසින් සපුරා ඇත.
නව විදේශීය ගෙවීම් හිඟයන් ඇතිවීමට ඉඩ නොතැබීම සහ ආනයන සීමා අළුතින් පැනවීම සහ තීව්‍ර නොකිරීම පිළිබඳව අඛණ්ඩ කාර්ය සාධන නිර්ණායක සපුරා නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි.
https://youtu.be/G-mUuDgXoQ8

















































