header logo
SLIC
උණුසුම් පුවත්
ශ්‍රී ලංකාවේ නව වතිකානු තානාපතිවරයා ශුද්ධෝත්තම පාප් වහන්සේ වෙත අක්තපත්‍ර පිළිගන්වයි
May 28, 202606:56 AM
ශ්‍රී ලංකාවේ නව වතිකානු තානාපතිවරයා ශුද්ධෝත්තම පාප් වහන්සේ වෙත අක්තපත්‍ර පිළිගන්වයි
Mobitel 1278

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තානාපති සුමිත් දසනායක මහතා, වතිකානු පුරවරයේ අපොස්තලික මාලිගයේදී ශුද්ධෝත්තම දහහතරවන ලියෝ පාප් වහන්සේ වෙත සිය අක්තපත්‍ර පිළිගන්වා තිබේ.

ඒ අනුව ඒ මහතා ජිනීවාහි පදිංචිව සිටිමින් ශුද්ධ වූ ආසනයේ ශ්‍රී ලංකාවේ මීළඟ තානාපතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

මැයි 21 වෙනිදා පැවැති මෙම අක්තපත්‍ර ප්‍රදානෝත්සවය අමතමින් ශුද්ධෝත්තම දහහතරවන ලියෝ පාප් වහන්සේ ප්‍රකාශ කර සිටියේ, "තමන්ගේ ආධිපත්‍යය තහවුරු කරගැනීමේ කොන්දේසියක් ලෙස ආයුධ මඟින් සාමය සෙවීමට උත්සාහ කරන මෙවන් කාලවකවානුවක, ද්විපාර්ශ්වික, කලාපීය සහ බහුපාර්ශ්වික යන සෑම මට්ටමකින්ම සංවාදයන් ප්‍රවර්ධනය කරන සහ එකඟතාවන් සොයා යන රාජ්‍ය තාන්ත්‍රිකභාවයකට නැවත නැඹුරු වීමේ හදිසි අවශ්‍යතාවක් පවතින" බවය.

තානාපතිවරුන්ගේ සේවය, අදාළ රටවල් සහ ශුද්ධ වූ ආසනය අතර විශ්වාසය සහ සහයෝගීතාවය ගොඩනංවන වැදගත් පාලමක් වන බව ද පාප් වහන්සේ මෙහිදී අවධාරණය කළහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ, "අපගේ ඒකාබද්ධ උත්සාහයන් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සබඳතා සඳහා නව පණක් ලබාදීමට දායක වනු ඇති අතර, අපගේ සමාජයන්හි කොන්වී සහ අමතක වී සිටින ජනතාව වෙත අවධානය යොමු කිරීමට ද උපකාරී වනු ඇත. ඒ ඔස්සේ වඩාත් සාධාරණ, සහෝදරත්වයෙන් පිරි සහ සාමකාමී ලෝකයක් සඳහා ශක්තිමත් පදනමක් දැමීමට අපට එක්ව කටයුතු කළ හැකියි" යනුවෙන් ද පැවසූහ.

මෙහිදී තානාපති සුමිත් දසනායක මහතා විසින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උණුසුම් සුබපැතුම් ශුද්ධෝත්තම පාප් වහන්සේ වෙත පිරිනැමූ අතර, ශ්‍රී ලංකාව සහ එහි ජනතාව වෙනුවෙන් යාච්ඤා කරන ලෙස ද උන්වහන්සේගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාව සහ ශුද්ධ වූ ආසනය අතර පවතින දිගුකාලීන මිත්‍රශීලී සබඳතා සිහිපත් කළ තානාපති සුමිත් දසනායක මහතා, 2027 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දහහතරවන ලියෝ පාප් වහන්සේ වෙත දැනටමත් කර ඇති ආරාධනය නැවත වරක් සිහිපත් කළේය.

මෙම අක්තපත්‍ර ප්‍රදානෝත්සවයට සමගාමීව, තානාපති සුමිත් දසනායක මහතා වතිකානු රාජ්‍ය ලේකම්, අතිඋතුම් පීටර් පැරොලින් කාදිනල්තුමා ද හමුවී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කළ බව එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම, ශ්‍රී ලංකාව සහ ශුද්ධ වූ ආසනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර 50 වැනි සංවත්සරය සැමරීම සඳහා 2025 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ, රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු Paul Richard Gallagher හිමි ද තානාපතිවරයා විසින් හමුවිය.

එහිදී අගරදගුරු Paul Richard Gallagher හිමි තමන්ගේ ශ්‍රී ලංකා සංචාරය, එහි වැදගත්කම සහ ශ්‍රී ලංකාවෙන් ලැබුණු උණුසුම් ආගන්තුක සත්කාර පිළිබඳව අගය කරමින් සිහිපත් කළ බව ද වාර්තා වේ.

තානාපති සුමිත් දසනායක මහතා සමඟ සියෙරා ලියොන්, බංග්ලාදේශය, යේමනය, රුවන්ඩාව, නැමිබියාව, මුරුසිය සහ චැඩ් යන රටවල මෙරට නේවාසික නොවන තානාපතිවරුන් ද එදිනම දහහතරවන ලියෝ පාප් වහන්සේ වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට