header logo
SLIC
උණුසුම් පුවත්
රථවාහන දඩ මුදල් වංචාවක් ගැන මහජනතාවට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්
May 27, 202609:57 PM
රථවාහන දඩ මුදල් වංචාවක් ගැන මහජනතාවට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්
Mobitel 1278

රථවාහන වැරදි සිදු කරන රියැදුරන් CCTV දර්ශන මඟින් හඳුනාගත් බවට හඟවමින් ශ්‍රී ලංකා පොලීසිය විසින් යොමු කරන ලෙස හැඟී යන ආකාරයට මේ දිනවල එම රියැදුරන්ට ව්‍යාජ දුරකථන අංක කිහිපයකින් SMS හා Whatsapp පණිවිඩ යොමු කිරීමේ සිද්ධීන් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය අංශ පවසයි.

මෙලෙස යොමු කරන ලද පණිවිඩය කියවීමෙන් පසුව අදාළ වැරදි සඳහා දඩ මුදල් ගෙවීමට https://thecourierguy.cu.cc/lk දරණ ව්‍යාජ වෙබ් අඩවියට පිවිසෙන ලෙස දන්වනු ලබයි.

එයට පිවිසෙන රියැදුරන්ට දඩ මුදල ගෙවීම සඳහා බවට හඟවමින් වෙබ් අඩවියේ සැකසුම ඔස්සේ තවදුරටත් ඉදිරියට යාමට සලස්වා ඒ හරහා එම පුද්ගලයාගේ ණය කාඩ්පත් තොරතුරු ඇතුළු වෙනත් තොරතුරු ඉතා සූක්ෂමව මෙම වංචාකරුවන් ලබා ගැනීමට කටයුතු කර ඇති බවට ද වැඩි දුරටත් නිරීක්ෂණය වී ඇති බව පොලීසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ගෙවීම් කටයුතු සිදු කිරීමේ පහසුව සඳහා නිර්මාණය කර ඇති govpay වෙබ් අඩවියට සමාන ලෙස ඉහත වෙබ් අඩවිය නිර්මාණය කර ඇති අතර, මෙය මහජනතාව නොමග යැවීමේ අරමුණින් සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද වෙබ් අඩවියක් බව පොලීසිය පවසයි.

මෙමගින් ශ්‍රී ලංකා පොලීසියේ කීර්ති නාමයට සහ මහජන විශ්වාසයට දැඩි හානියක් සිදුවිය හැකි බවට නිරීක්ෂණය වන අතර ව්‍යාජ SMS හා Whatsapp පණිවිඩවල සඳහන් සබැඳි (Links) වෙත පිවිසීමෙන් වළකින ලෙසත් රථවාහන වැරදි සිදු කළ බවට ලැබෙන මෙවැනි පණිවිඩ සම්බන්ධයෙන් ඉතා අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසටත් ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවට දන්වා සිටී.

තවද, වර්ථමානයේදී ඔබ යම් රථවාහන වරදක් සිදුකිරීමෙන් පසු ඒ බවට පොලිස් නිලධාරියෙකු විසින් දැනුම් දීමකින් අනතුරුව ඔබ වරද පිළිගත් විටකදී පමණක් govpay යෙදවුමෙන් දඩ පත්‍රිකාවක් ලබා ගැනීමෙන් පසු පමණක් අදාළ දඩ මුදල ගෙවීමට වග බලාගන්නා ලෙසටත් වැඩි දුරටත් දැනුම් දී තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට