header logo
SLIC
උණුසුම් පුවත්
පොලිසියේ 3කගේ සේවා කාලය පසුදාතම කිරීමට ගත් තීරණයට එරෙහි තීන්දුවක්
May 27, 202609:38 PM
පොලිසියේ 3කගේ සේවා කාලය පසුදාතම කිරීමට ගත් තීරණයට එරෙහි තීන්දුවක්
Mobitel 1278

පොලිස් අධිකාරිවරු දෙදෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ සේවා කාලය පසුදාතම කොට (Backdate) සැකසීමට එවක පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිසම විසින් ගනු ලැබූ තීරණය, නීතියට පටහැනි බවත් ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) තීන්දු කළේය.

ඒ අනුව පොලිස් අධිකාරිවරුන් වන බී.එම්.ඒ. බණ්ඩාරනායක, මනෝජ් රණගල සහ සහකාර පොලිස් අධිකාරී ඒ.ආර්.පී.ජේ. අල්විස් යන අයට උසස්වීම් පිරිනැමීමේදී ඔවුන්ගේ සේවා කාලය පසුදාතම කොට නිර්දේශ කරමින් 2020 වසරේ ජනවාරි මස 27 වනදා පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිසම වෙත යොමු කර තිබූ ලේඛන බල රහිත බව තීන්දුවේ සඳහන් විය.

වගඋත්තරකාර නිලධාරීන් තිදෙනාගේ සේවා කාලය පසුදාතම කිරීම අභියෝගයට ලක්කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු පිරිසක් විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් විභාග කිරීමෙන් අනතුරුව මහින්ද සමයවර්ධන, සම්පත් විජේරත්න යන මහත්වරුන්ගේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එවක පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ජාතික පොලිස් කොමිසම සහ එහි සාමාජිකයින් නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සන්කරුවන් කියා සිටියේ වගඋත්තරකාර පොලිස් අධිකාරිවරු දෙදෙනා සහ සහකාර පොලිස් අධිකාරිවරයාගේ සහකාර පොලිස් අධිකාරි සේවා කාලය 2018 වසරේ ජනවාරි මස 1වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පසුදාතම කොට ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා කළ නිර්දේශය හා ඒ මත කටයුතු කරමින් ජාතික පොලිස් කොමිසම විසින් ගනු ලැබූ තීරණය තුළින් තමන්ට දැඩි අගතියක් සිදුවන බවය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරුවරයා ප්‍රකාශ කළේ වගඋත්තරකාර පොලිස් අධිකාරිවරු දෙදෙනා සහ සහකාර පොලිස් අධිකාරිවරයාට ඔවුන්ගේ සේවා කාලයේ පසුදාතම කොට සකස් කිරීම සාධාරණීකරණය කිරීමට හේතුවන කරුණු අධිකරණයට ඉදිරිපත් වී නොමැති බවය.

ඒ අනුව පොලිස්පතිවරයාගේ ජාතික පොලිස් කොමිසමේ ක්‍රියා කලාපය තුළින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බව තීන්දුකළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වගඋත්තරකාර නිලධාරීන් තුන්දෙනාගේ සේවා කාලයේ පසුදාතම කිරීමට අදාළ සියලු ලේඛන බලශුන්‍ය බවට තීන්දු කරන බවත් සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට