header logo
SLIC
උණුසුම් පුවත්
මොජ්තාබා කමේනි නිහඬතාව බිඳියි
May 26, 202604:08 PM
මොජ්තාබා කමේනි නිහඬතාව බිඳියි
EDEX

කලාපීය රටවල් තවදුරටත් අමෙරිකානු හමුදා කඳවුරු සඳහා ආවරණයක් ලෙස ක්‍රියා නොකරන බව ඉරානයේ උත්තරීතර නායකයා වන මොජ්තාබා කමේනි පවසා තිබේ.

හජ් උත්සවය නිමිත්තෙන් රාජ්‍ය රූපවාහිනිය හරහා නිකුත් කළ ලිඛිත පණිවුඩයකින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, “කාලය ආපස්සට හැරවිය නොහැකි අතර, කලාපයේ ජනතාව සහ භූමි තවදුරටත් ඇමෙරිකානු හමුදා කඳවුරු සඳහා ආරක්ෂිත ආවරණ නොවනු ඇත” යනුවෙනි.

එමෙන්ම අමෙරිකාව කලාපයේ සිය බලපෑම දිනෙන් දින අහිමි කරමින් සිටින බවද ඔහු සඳහන් කර තිබේ.

මේ අතර, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසා ඇත්තේ ඉරාන ගුවන් සීමාවට ඇතුළු වූ ඇමෙරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙළූ බවයි.

තවත් වර්ධනයක් ලෙස, චීනය කලාපයේ පවතින අස්ථාවර සටන් විරාමය ගරු කරන ලෙස සම්බන්ධ සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning සඳහන් කළේ, සාමකාමී ආකාරයෙන් ගැටලු විසඳා කලාපයේ සාමය යළි ස්ථාපිත කිරීම වැදගත් බවයි.

ඒ අතර, අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසා ඇත්තේ ඉරානය සමඟ ගිවිසුමක් සම්බන්ධ සාකච්ඡා අවසන් කිරීමට තවත් දින කිහිපයක් ගතවිය හැකි බවයි.

ඔහු පෙන්වා දුන්නේ, දකුණු ඉරානයේ මිසයිල ප්‍රහාර එල්ල කරන ස්ථාන සහ මුහුදු පතුළ තුළ බෝම්බ තැබීමට උත්සාහ කළ බෝට්ටු ඉලක්ක කර ගනිමින් අමෙරිකානු හමුදා “ආරක්ෂක ප්‍රහාර” සිදු කළ බවත්, හෝමූස් සමුද්‍ර සන්ධිය මුහුදු මාර්ගය ඕනෑම ආකාරයකින් විවෘතව පවත්වා ගත යුතු බවත්ය.

අප්‍රේල් මුල සිට සටන් විරාමයක් ක්‍රියාත්මක වුවද, එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා සඳහන් කළේ ඉරාන හමුදා වෙතින් එල්ලවන තර්ජනවලින් සිය හමුදා ආරක්ෂා කර ගැනීම සඳහා නව ප්‍රහාර එල්ල කළ බවයි.

එමෙන්ම ඊශ්‍රායල ජනාධිපති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කළේ, ඉරානය අනුග්‍රහය දක්වන හිස්බුල්ලා සංවිධානයට එරෙහි ප්‍රහාර තවදුරටත් තීව්‍ර කරන බවයි.

ඉන් අනතුරුව, ඊශ්‍රායල ආරක්ෂක හමුදා ලෙබනනයේ බෙකා නිම්නය ඇතුළු ප්‍රදේශ කිහිපයක හෙස්බොල්ලා යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බව නිවේදනය කළේය.

ඊශ්‍රායලය සහ ලෙබනනය අප්‍රේල් මැද භාගයේ සටන් විරාමයකට එකඟ වූ නමුත්, හිස්බොල්ලා සංවිධානය එම ගිවිසුමේ පාර්ශවකරුවෙකු නොවන බැවින් ස්වයං ආරක්ෂාව සඳහා ප්‍රහාර දිගටම සිදු කරන බව ඊශ්‍රායලය ප්‍රකාශ කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට