header logo
SLIC
උණුසුම් පුවත්
චීනය සිය සඳ ගමනේ මූලික පියවර අරඹයි
May 25, 202606:18 PM
චීනය සිය සඳ ගමනේ මූලික පියවර අරඹයි
Mobitel 1278

චීනය වසර 2030 වන විට සිදු කිරීමට අපේක්ෂා කරන මිනිසුන් සහිත සඳ ගමනේ මූලික පියවරක් ලෙස, වසරක කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටින විශේෂ ගගනගාමියෙකු ද ඇතුළත්ව ගගනගාමීන් තිදෙනෙකු රැගත් "Shenzhou-23" යානය ඊයේ (24) රාත්‍රියේ සාර්ථකව ගුවන්ගත කර තිබේ.

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ ගගනගාමියෙකු තනි මෙහෙයුමක් සඳහා වසරක් වැනි දීර්ඝ කාලයක් රැඳී සිටින පළමු අවස්ථාව මෙය වේ.

වයඹදිග චීනයේ Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ඊයේ රාත්‍රී 11:08 ට "Long March-2F Y23" රොකට්ටුව ආධාරයෙන් මෙම යානය ගුවන්ගත කර ඇත.

මෙම මෙහෙයුම සඳහා එක්ව සිටින කණ්ඩායමට අණදෙන නිලධාරී ෂු යැන්ග්ෂු , ගුවන් නියමු ෂැන්ග් යුවාන්ජි සහ පේලෝඩ් විශේෂඥ ලී ජියායින්ග් ඇතුළත් වෙති.

මෙහි විශේෂත්වය වන්නේ ලී ජියායින්ග් මහත්මිය මීට පෙර හොංකොං පොලිස් පරීක්ෂකවරියක ලෙස සේවය කර ඇති අතර, ඇය චීන අභ්‍යවකාශ මෙහෙයුමකට එක්වන හොංකොං රාජ්‍යයේ පළමු ගගනගාමියා වීමයි.

මෙම තිදෙනාගෙන් එක් අයෙකු චීනයේ "Tiangong" අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වසරක කාලයක් රැඳී සිටිමින් දීර්ඝ කාලීන අභ්‍යවකාශ වාසය මිනිස් සිරුරට බලපාන ආකාරය පිළිබඳව පර්යේෂණ සිදු කිරීමට නියමිතය.

කෙසේ වෙතත්, වසරක් පුරා රැඳී සිටින එම ගගනගාමියා කවුරුන්ද යන්න මෙහෙයුමේ ප්‍රගතිය අනුව පසුව තීරණය කරන බව චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ කළේය.

NASA ආයතනය චීනයට වසර දෙකකට පෙර, එනම් 2028 දී මිනිසුන් සහිත සඳ ගමනක් යාමට සැලසුම් කර ඇති අතර චීනයේ ඉලක්කය වනුයේ 2030 වසරයි.

අමෙරිකාව සහ චීනය අතර චන්ද්‍ර තරගය දැඩි වී ඇති පසුබිමක, චීනය සඳ මත ජනපද පිහිටුවීමට සහ එහි සම්පත් ලබා ගැනීමට උත්සාහ කරන බවට අමෙරිකාව චෝදනා කරන නමුත් බීජිං පාලනය එම චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරයි.

චීනයේ දිගුකාලීන ඉලක්කය වනුයේ රුසියාව සමඟ එක්ව 2035 වන විට සඳ මත ස්ථාවර මධ්‍යස්ථානයක් පිහිටුවීමය.

මෙම දීර්ඝ කාලීන මෙහෙයුමේදී විකිරණවලට නිරාවරණය වීම, අස්ථි ඝනත්වය අඩුවීම සහ මානසික ආතතිය පිළිබඳව පර්යේෂණ කිරීමට අමතරව, චීන විද්‍යාඥයින් විසින් ලොව ප්‍රථම වරට අභ්‍යවකාශයේදී මිනිස් "කෘතිම කලල" පිළිබඳ පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.

මිනිසාට දිගුකාලීනව අභ්‍යවකාශයේ ජීවත් වීමට සහ ප්‍රජනන ක්‍රියාවලිය සිදු කිරීමට ඇති හැකියාව අධ්‍යයනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

මීට අමතරව, චීනය විසින් පාකිස්තාන ගගනගාමීන් දෙදෙනෙකුට ද පුහුණුව ලබා දෙමින් සිටින අතර, ඔවුන්ගෙන් අයෙකු ද මේ වසරේදී කෙටි කාලීන මෙහෙයුමක් සඳහා ටියැන්ගොන්ග් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යාමට නියමිත බව වාර්තා වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට