බහරේනයේ පුද්ගලයින් 9දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්
May 25, 2026 06:09 pm
ඉරානය සමඟ සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 9 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කිරීමට බහරේනය පියවර ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා පවසා ඇත්තේ, ඉරාන ඉස්ලාමීය විප්ලවීය හමුදාව සමඟ එක්ව බහරේනය තුළ ත්‍රස්ත ප්‍රහාර දියත් කිරීමට සැළසුම් කිරීම සම්බන්ධයෙන් අදාළ පුද්ලයින් 9 දෙනාට චෝදනා එල්ලවී ඇති බවයි.
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර යුදමය වාතාවරණය ආරම්භ වීමෙන් අනතුරු පසුගිය මාර්තු මාසයේදී අදාළ පුද්ගලයින් බහරේන පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණි.
ඔවුන් බහරේනය තුළ පිහිටා ඇති අමෙරිකානු හමුදා කදවුරු සහ බහරේනයේ ආර්ථික මර්මස්ථාන සම්බන්ධයෙන් ඡායාරූප ඇතුළු අධි සංවේදී තොරතුරු ඉරානය වෙත සපයා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
