header logo
SLIC
උණුසුම් පුවත්
මෙනින්ජිටිස් රෝගය පැතිරීම වැළැක්වීමට විශේෂ උපදෙස් මාලාවක්
May 25, 202605:00 PM
මෙනින්ජිටිස් රෝගය පැතිරීම වැළැක්වීමට විශේෂ උපදෙස් මාලාවක්
Mobitel 1278

මෙනින්ජිටිස් රෝගී තත්ත්වය පැතිරීම පාලනය සහ වැළැක්වීම පිළිබඳ සියලු අංශ සහ ආයතන වෙත වසංගත රෝග විද්‍යායතනයෙන් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

එම විශේෂ මාර්ගෝපදේශණ මාලාවට රෝග ලක්ෂණ (සැකකටයුතු රෝගී තත්ත්වයන්), සායනික රෝග විනිශ්චය සහ වර්ගීකරණය, රෝගය බෝවන ආකාරය සහ රෝග ලක්ෂණ, ප්‍රතිකාර සහ රෝග විනිශ්චය, රෝගය පාලනය සහ වැළැක්වීමේ පියවර, පොදු සෞඛ්‍ය පුරුදු, පාසල් සඳහා උපදෙස්, සාම්පල එකතු කිරීම සහ රසායනාගාර පරීක්ෂණ, සායනික කළමනාකරණය, ආයතනික සහ ප්‍රජා මට්ටමේ පාලන පියවර, උත්සව සහ ප්‍රජා රැස්වීම් මාර්ගෝපදේශ ආදී කරුණු ඇතුළත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය පවසයි.

මෙම රෝගය ප්‍රධාන වශයෙන්ම පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව නිරීක්ෂණය වී ඇති බව ද වසංගත රෝග විද්‍යා අංශය මෙම උපදෙස් මාලාව තුළ පෙන්වා දෙයි.

එමෙන් ම උණ, හිසරදය සහ වමනය මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර, මෙනින්ජිටිස් රෝගී තත්ත්වයන් දින 7ක් ඇතුළත සුව අතට පත්වන බව ද වසංගත රෝග විද්‍යා අංශය අවධාරණය කරයි.

පවිත්‍ර වූ ජලය, ආහාර සහ දෑත් නිසි ලෙස පිරිසිදු නොකිරීම මගින් (මළ-මුඛ මාර්ගයෙන්) මෙන්ම, රෝගියෙකු කැස්ස හෝ කිවිසීමේදී පිටවන බිදිති (Droplets) මගින් සහ සමීප ඇසුරෙන් ශ්වසන පද්ධතිය හරහා රෝගය බෝ විය හැකි බවත්, වෛරසයට නිරාවරණය වී දින 3 සිට 7 දක්වා කාලය තුළ රෝග ලක්ෂණ මතු වන බව ද එම වාර්තාවේ සඳහන් ය.

රෝග පාලනය සහ වැළැක්වීමේ පියවර ලෙස සබන් සහ ජලය යොදා දෑත් හොඳින් සේදීම, කැස්ස හෝ කිවිසීමේදී වැලමිට ඇතුළු පැත්තෙන් හෝ ලේන්සුවකින්/ටීෂු එකකින් මුඛය සහ නාසය වැසීම, රෝග ලක්ෂණ ඇති අය සමග සමීප සබඳතා පැවැත්වීමෙන් වැළකීම, නිවෙස් සහ ගොඩනැගිලි තුළ හොඳින් වාතාශ්‍රය ලැබීමට සැලැස්වීම යන කරුණු වසංගත රෝග විද්‍යාඅංශය මගින් නිකුත් කළ මාර්ගෝපදේශණ මාලාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දෙන ලද උපදෙස් හා මඟපෙන්වීම් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් මෙම උපදෙස් මාලාව සකස් කර ඇත.

මෙම උපදෙස් මාලාව මුළු දිවයිනම ආවරණය වන පරිදි සියලුම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන් සහ වෛද්‍ය අධිකාරිවරුන්, පළාත් සහ දිස්ත්‍රික් උපදේශක ප්‍රජා වෛද්‍යවරුන්, වසංගත රෝග විද්‍යා වෛද්‍ය නිලධාරින් මෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් ද දැනුවත් කරමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා විසින් නිකුත් කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට