රන් මත ලබාදෙන ණය සඳහා උපරිම ණය අනුපාතයක් - මහ බැංකුව

රන් මත ලබාදෙන ණය සඳහා උපරිම ණය අනුපාතයක් - මහ බැංකුව

May 25, 2026   06:43 am

රන් ඇපකරයක් මගින් සුරක්ෂිත කරනු ලබන ණය සඳහා වටිනාකම මත උපරිම ණය අනුපාතයක් හඳුන්වාදීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

විචක්ෂණශීලී ණය දීමේ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම, මූල්‍ය ආයතනවල ඔරොත්තු දීමේ හැකියාව සුරක්ෂිත කිරීම සහ පද්ධතිමය අවදානම් ගොඩනැඟීම අවම කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එහි සාර්ව විචක්ෂණ අධිකාරියට අනුකූලව මෙම පියවර ගත් බව සදහන්ය.

මෙම තීරණවලට එළැඹීමේදී, රන් ඇපකරයක් මගින් සුරක්ෂිත කර ඇති ණය පහසුකම්වල මෑතකදී ඇති වූ සැලකිය යුතු වර්ධනය සහ එවැනි ප්‍රවණතා ඉදිරියටත් පැවතීම මගින් මූල්‍ය පද්ධතියට ඇති විය හැකි බලපෑමද සැලකිල්ලට ද ගෙන තිබේ.

ඒ අනුව අද (25) සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම බලපත්‍ර ලාභී වාණිජ්‍ය බැංකු, විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් මගින් රන් භාන්ඩ ඇපයට තබා ලබා දෙන ණය පහසුකම්, එම රන් භාණ්ඩවල වටිනාකමින් 70%ක උපරිම සීමාවකට යටත්ය.

මේ පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නිවේදනය

Press Release-Gold and MV LTV-Sinhala by poornima