header logo
SLIC
සයුරෙන් එතෙර
බංග්ලාදේශයේ පැතිර යන සරම්ප රෝගයෙන් මාස 2ක් තුළ දරුවන් 500ක් මරුට
May 24, 202606:52 PM
බංග්ලාදේශයේ පැතිර යන සරම්ප රෝගයෙන් මාස 2ක් තුළ දරුවන් 500ක් මරුට
EDEX

බංග්ලාදේශයේ සරම්ප රෝගය වේගයෙන් පැතිර යාම හේතුවෙන් මේ වන විට දරුවන් 500කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

ඩකා අගනුවර රෝහල් මේ වන විට රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර, සරම්ප රෝගීන් සඳහාම වෙන්වූ විශේෂ වාට්ටු ද පිහිටුවා ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, දැඩි සත්කාර ඒකකවල ඇඳන් හිඟකම හේතුවෙන් වෛද්‍ය අංශ දැඩි අර්බුදයකට මුහුණ දී සිටී.

එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව, ගත වූ පැය 24 තුළ පමණක් දරුවන් 13 දෙනෙකු මියගොස් ඇති අතර, මාර්තු 15 වෙනිදා සිට මේ දක්වා වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 512ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම වසංගතය මර්දනය කිරීම සඳහා බංග්ලාදේශය පුරා මහා පරිමාණ එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ එරට ප්‍රධානී රනා ෆ්ලවර්ස් ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට දරුවන් මිලියන 18කට එන්නත් ලබා දී ඇති බවය.

නමුත් මෙම එන්නත්කරණයේ සම්පූර්ණ ප්‍රතිඵල දැකීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

යුනිසෙෆ් ආයතනය බදාදා ප්‍රකාශ කළේ, 2024 වසරේදී බංග්ලාදේශයේ පැවති ඒකාධිපති රජය පෙරළා දැමූ මහජන නැගිටීම සහ ඉන් පසුව ඇතිවූ අවුල් සහගත තත්ත්වය හේතුවෙන් දරුවන්ට නිසි කලට එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ අඩාල වූ බවය.

මේ හේතුවෙන් විශාල දරුවන් සංඛ්‍යාවකට රෝගයෙන් ආරක්ෂා වීමේ අවස්ථාව අහිමි වී තිබේ.

සරම්ප යනු කැස්ස සහ කිවිසුම් යාම මඟින් ඉතා වේගයෙන් බෝවන රෝගයක් වන අතර, රෝගය වැළඳුණු පසු ඒ සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් නොමැත.

රෝගය උත්සන්න වීමෙන් මොළය ඉදිමීම සහ දරුණු ශ්වසන අපහසුතා ඇති විය හැක. මෙම රෝගය ඕනෑම අයෙකුට වැළඳිය හැකි වුවද, දරුවන් අතර වඩාත් බහුලව දක්නට ලැබේ.

සෞඛ්‍ය සේවකයන් පවසන්නේ මෙයින් වඩාත්ම පීඩාවට පත්ව ඇත්තේ අඩු ආදායම්ලාභී පවුල්වල මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් බවය.

ඔවුන්ගෙන් බහුතරයකට නිතිපතා ලබාදෙන එන්නත් මඟ හැරී තිබීම හෝ දුර්වල පෝෂණය හේතුවෙන් ප්‍රතිශක්තිකරණය අඩු වීම හෝ මෙම හේතු දෙකම බලපා තිබේ.

වත්මන් වසංගත තත්ත්වය තුළ බංග්ලාදේශයෙන් වාර්තා වන රෝගීන්ගෙන් බහුතරය මාස 6ත් අවුරුදු 5ත් අතර වයසේ පසුවන දරුවන් වේ.

වෛද්‍යවරුන් පවසන්නේ රෝහල් වෙත ඇතුළත් කරන විටත් බොහෝ දරුවන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට