හික්කඩුව බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිම පීලි පනී
May 24, 2026 06:00 pm
මරදානේ සිට හික්කඩුව බලා දිනපතා ප.ව. 6.10ට ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිම අද (24) පස්වරුවේ මරදානේදී පිලී පැනීමකට ලක්ව තිබේ.
අදාළ දුම්රිය එන්ජිම අංගනයේ සිට මරදාන වේදිකාවේ නවතා ඇති එම දුම්රියේ මැදිරි වෙත ලඟා වීමේ දී මරදාන පාලම අසලදී මෙම පිලී ගැනීමට ලක්ව ඇති බව සඳහන්ය.
එහි රෝද 4ක් පිලී පැනීමකට ලක්ව ඇති අතර, මේ හේතුවෙන් මරදාන හා කොළඹ කොටුව අතර එක් දුම්රිය මාර්ගයක් අවහිරවී ඇති බව වාර්තා වේ.
