header logo
SLIC
උණුසුම් පුවත්
මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්
May 21, 202612:00 PM
මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්
Mobitel 1278

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අතිරේක ලේකම්වරයා වශයෙන් පත් කළ ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතාගේ සේවය අවශ්‍ය නොවන බව සඳහන් කරමින් එම නිලධාරියා අවමානයට හා මානසික කනස්සල්ලට ලක්කිරීම තුළින් එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් එම නිලධාරියාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුකර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණි.

තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් එම අතිරේක ලේකම්වරයා විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ආචාර්ය සෝභිත රාජකරුණා, ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා විසින් මෙම තීන්දුව පෙරේදා (19) ප්‍රකාශයට පත් කළේය.

පෙත්සම්කරු සඳහන් කළේ, තමා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ සේවයේ නිලධාරියකු වන අතර වසර 30ක් පමණ රාජ්‍ය පරිපාලන සේවයේ විවිධ තනතුරු දරා තිබෙන බවය.

2024 වසරේ දෙසැම්බර් මස 18 වනදා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මඟින් නිකුත් කළ ලිපියක් මඟින් තමන්ව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අතිරේක ලේකම් තනතුරට පත් කෙරුණු බව ඔහු පෙත්සමේ සඳහන් කර තිබුණි.

ඉන් අනතුරුව 2024 වසරේ දෙසැම්බර් මස 18 වනදා තමන් සේවයට වාර්තා කළ බවත් ඔහු කියා සිටියේය.

එදින දහවල් 12.30 පමණ තම කාමරයට පැමිණි වගඋත්තරකාර අමාත්‍යාංශ ලේකම්වරයා තම සේවය අවශ්‍ය නොවන බවත් කාර්යාලයෙන් පිටව යන ලෙස දැනුම් දුන් බවත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් චෝදනා කර තිබුණි.

එහිදී වගඋත්තරකාර අමාත්‍යංශ ලේකම්වරයා උසස් නිලධාරියකුට සුදුසු නොවන ආකාරයෙන් කටයුතු කළ බවත් මේ තුළින් තමා අවමානයට මෙන්ම දැඩි මානසික කනස්සල්ලට පත් වූ බවත් සිය පෙත්සම තුළින් පෙන්වා දී තිබුණි.

වගඋත්තරකාර අමාත්‍යංශ ලේකම්වරයාගේ ක්‍රියා කලාපය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔහු මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකළේය.

සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා 2022 වසරේ දෙසැම්බර් 14 වන දා නිකුත් කළ අංක 2310/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ රජ්‍ය සේවා කොමිෂන් සභාවේ ක්‍රියා පටිපාටික රීතිවල 107 වන රීතියට අනුව අතිරේක ලේකම්වරයෙකු පත් කිරීමේ බලය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විෂය පථයට අයත් බව පෙන්වා දුන්නේය.

එම රීතිවල අන්තර්ගත 61 වගන්තියට අනුව පුද්ගලයෙකු නීත්‍යානුකූල රාජකාරියක් ඉටු කිරීමේදී හැර සෘජුව හෝ වක්‍රව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හෝ එහි කමිටුවක් යටතේ බලය පවරා තිබෙන රාජ්‍ය නිලධාරියෙකුගේ තීරණයකට බලපෑම් කරන හෝ බලපෑම් කිරීමට උත්සාහ කරන හෝ බාධා කරන ඕනෑම පුද්ගලයෙකු වරදකට වරදකරු වන බවත් එසේ වරදකරු වූ විට රුපියල් ලක්ෂයක් නොඉක්මවන දඩයකට හෝ වසර හතක් නොඉක්මවන කාලයක් සඳහා සිර දඬුවමකට හෝ එම දඬුවම් දෙකටම වුවද යටත්වීමට සිදුවන බවත් තීන්දුවේ සඳහන් කර තිබුණි.

ඒ අනුව අදාළ තනතුර සඳහා පෙත්සන්කරුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් පත්කර තිබියදී වග උත්තරකාර අමාත්‍යංශය ලේකම්වරයා එම තීරණයට මැදිහත් වීම තුළින් රාජ්‍ය සේවා කොමිසමේ බලතලවලට ඇඟිලි ගසා තිබෙන බවත් එය නීතියේ ආධිපත්‍යය අඩපණ කිරීමක් බවත් තීන්දුවේ සඳහන් කර තිබේ.

මෙම ක්‍රියාව තුළින් වගඋත්තරකාර අමාත්‍යාංශ ලේකම්වරයා ජනතාව ඔහු කෙරෙහි තබා තිබෙන විශ්වාසය උල්ලංඝනය කර තිබෙන බවත් තීන්දුවේ සඳහන් වුණි.

වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා "රාජ්‍ය නිලධාරියෙකු යනු ජනතාවගේ භාරකරුවකු බවත් ඔහුට පැවරී ඇති බලතල විශ්වාසය මත ක්‍රියාත්මක කළ යුතු බව මතක තබා ගත යුතුයි. සෑම රාජ්‍ය නිලධාරියෙකුගෙන්ම එවැනි හැසිරීමක් අපේක්ෂා කිරීමට මෙරට ජනතාවට අයිතියක් ඇත. අමාත්‍යාංශ ලේකම්වරයෙකුට අධීක්ෂණ බලතල පැවරී තිබුණද රාජ්‍ය නිලධාරීන් පත් කිරීම සහ මාරු කිරීම සම්බන්ධයෙන් වූ රාජ්‍ය සේවා කොමිසමේ බලතලවලට මැදිහත් වීම හෝ ඒවා තමා යටතට පවරා ගැනීමට උත්සාහ කිරීම බරපතළ කරුණක්. එය රාජ්‍ය සේවා කොමිසමට පැවරී ඇති ව්‍යවස්ථාපිත බලතල උල්ලංඝනය කිරීමක්." යනුවෙන් ප්‍රකාශ කළේය.

ඒ අනුව වගඋත්තරකාර අමාත්‍යංශය ලේකම්වරයා පෙත්සම්කරුට මිනිසෙකු වශයෙන් මෙන්ම රාජ්‍ය නිලධාරියකු වශයෙන් භුක්ති විඳීමට ඇති ගෞරවනීය අයිතිය උල්ලංඝනය කර ඇති බවත් ඒ තුළින් ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට තිබෙන මූලික මිනිස් අයිතිය උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

වග උත්තරකාර අමාත්‍යංශය ලේකම්වරයාගේ අත්තනෝමතික ක්‍රියාමාර්ග හේතුවෙන් පෙත්සම්කරුට අත්විඳීමට සිදු වූ අගෞරවය සහ නින්දාව කිසිදු ආකාරයකින් යථා තත්ත්වයකට පත් කළ නොහැකි බව තම අදහස යැයි සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ අනුව වන්දි හෝ නඩු ගාස්තු සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන බවත් තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප