header logo
SLIC
උණුසුම් පුවත්
කපිලට ඇප තැබූ අයගෙන් සාක්ෂි නොකැඳවූයේ ඇයි? - මහේස්ත්‍රාත් පොලීසියෙන් විමසයි
May 19, 202607:50 PM
කපිලට ඇප තැබූ අයගෙන් සාක්ෂි නොකැඳවූයේ ඇයි? - මහේස්ත්‍රාත් පොලීසියෙන් විමසයි
Mobitel 1278

සැකකටයුතු ලෙස මියගිය ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාට ඇප තැබූ පුද්ගලයන් දෙදෙනාගෙන් පොලිසිය තවමත් සාක්ෂි කැඳවා නොමැති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (19) හෙළිවුණි.

ඒ සම්බන්ධයෙන් පොලිසියෙන් දැඩි ස්වරයෙන් මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ තවමත් ඔවුන්ගෙන් ප්‍රකාශ හෝ සටහන් කරගෙන නොමැතිනම් විමර්ශන සිදුකරන්නේ කෙසේ ද යන්නයි.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම අද තෙවැනි දිනටත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුකෙරුණි.

විමර්ශන නිලධාරින් අද සඳහන් කළේ මරණය සිදුවූ නිවසට රථ ගාල් දෙකකින් ඇතුළුවීමට හැකියාව ඇති අතර එම නිසා අවට තිබූ සී.සී. ටී.වී දර්ශන ද පරීක්ෂා කළ නමුත් 2026 වසරේ මැයි මස 05 වනදා සහ 07 වන දා අතර කිසිඳු බාහිර පුද්ගලයකු එම නිවසට ඇතුළු වී නැතැයි තොරතුරු අනාවරණ වූ බවය.

මෙම නිවසේ මෙන්ම මරණකරු පදිංචිව සිටි නිවසේද සී.සී.ටී.වී. දත්ත ගබඩාවී නැතැයි විමර්ශනවලදී හෙළි වූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුනි.

ඒ අනුව එම සීසීටීවී කැමරාවල ඩී.වී.ආර් යන්ත්‍ර මෙන්ම මරණය සිදුවූ ස්ථානයේ තිබී සොයාගත් හඳුනානොගත් ඖෂධ වර්ග රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවීම සඳහා විමර්ශන නිලධාරින් අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

එම ස්ථානයේ නාඳුනන ඖෂධ පෙති වර්ග දෙකක් තිබූ බවත් පොලිසිය අනාවරණ කළේය.

මේවන විට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙන කපිල චන්ද්‍රෙස්න මහතාගේ ඇපකරුවන් සම්බන්ධයෙන් ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටියේය.

''මෙම සාක්ෂි විභාගයේදී මරණකරුට ඇප තැබූ පුද්ගලයින් දෙදෙනෙකු ගැන තොරතුරු අනාවරණ වුණා. ඒ අය සාක්ෂියට කැඳවන්නේ නැද්ද? "

ඊට පිළිතුරු දෙමින් පොලිසිය සඳහන් කළේ " ස්වාමීනි ඒ අයගෙන් තවම ප්‍රකාශ සටහන් කරගන්න බැරි වුණා." යනුවෙන්ය.

එහිදී මහේස්ත්‍රාත්වරයා දැඩි ස්වරයෙන් "ප්‍රකාශ සටහන් කරගන්න බැරිවුණා කියලා සාක්ෂි කැඳවන්නේ නැතුව ඉන්න පුළුවන්ද? ඒ අයවනේ කලින් සාක්ෂියට කැදවන්න ඕන. ප්‍රකාශ සටහන් කර ගත්තේ නැත්නම් විමර්ශනය කරන්නේ කොහොමද?" යනුවෙන් ප්‍රශ්න කළේය.

ඒ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියා සඳහන්කෙළේ " ස්වාමීනි... මේ ඇපකරුවන් දෙදෙනා රිමාන්ඩ් භාරයට පත් කරලා තියෙන්නේ" යනුවෙන්ය.

ඊට ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරයා " රිමාන්ඩ් බාරයට පත් කරලා තියෙන්නෙ ඒ ඇපකාරයෝ දෙන්න නෙවෙයිනේ. රිමාන්ඩ් භාරයට පත් කරලා තියෙනවනම් ප්‍රකාශයක් ගන්න තවත් ලේසියිනේ. මගෙන් නියෝගයක් අරගෙන ඒක ලේසියෙන්ම කරන්න පුළුවන්" යනුවෙන් ප්‍රකාශ කළේය.

විමර්ශන සඳහා පොලීසිය ඉල්ලා සිටි නියෝග සියල්ල නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි කැඳවන ලෙස නියම කළේය.

ඒ අනුව අද පළමුව සාක්ෂි දුන්නේ කොළඹ පුද්ගලික රෝහලේ හෙද නිලධාරියෙකු වන කෝසල රත්නජීව මහතායි.

''සිද්ධිය වූ දින පෙරවරු 7.45ට පමණ පළමු දුරකථන ඇමතුම ආවා. අපි අදාළ නිවසට ගිලන් රථයෙන් ගියා. පසුව ඒ නිවසේ සිටි ලෝයර් කෙනෙක් අපිව උඩ තට්ටුවට එක්ක ගියා. කාමරයේ ලයිට් ඕෆ් කරලා තිබුණා. ඇඳ උඩ ඇඳුම් බෑග් එකක් තබා තිබුණා. පුද්ගලයෙකු බිම් දිගා වෙලා වගේ හිටියා. බෙල්ලේ රෙදි පටියක් ගැටගහලා තිබුණා. මුහුණ පුටුවක් උඩ තිබුණා. වෛද්‍යවරිය ඒ පුද්ගලයා පරීක්ෂා කළා. ඔහු මියගොස් ඇතැයි තහවුරු කළා. මියගිය පුද්ගලයා කපිල චන්ද්‍රසේන කියලා දැනගත්තා. රෝහල් පාලනාධිකාරියෙන් ලද උපදෙස් අනුව මම කොල්ලුපිටිය පොලිසියට දුරකථනයෙන් දැනුම් දුන්නා " යනුවෙන් සඳහන් කළේය.

එම අවස්ථාවේදී පොලීසිය සාක්ෂිකරුගෙන් විමසා සිටියේ ඔහු අදාළ ස්ථානයේ නිරීක්ෂණය කළේ මොනවාද යන්නයි.

ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු, " මරණය සිදුවූ ස්ථානයේ ඇඳ මත බෑග් එකක් තිබ්බා. බෙහෙත් වර්ගයක් තිබුණා. ඒවා රුධිර සීනි මට්ටම පාලනය කරන බෙහෙත් පෙති බව අපිට පෙනී ගියා." යනුවෙන් පැවසීය.

ඉන් පසු සාක්ෂි ලබාදුන්නේ අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ සේවය කළේ රාජේන්ද්‍ර කුමාර් සිවකුමාර්.

"මැයි 07 වනදා හවස 3.30 ට විතර කපිල මහත්තයා අපේ ගෙදර ආවා. එයා රාත්‍රී කෑම ගත්තේ නෑ. රාත්‍රීයේ කපිල මහත්තයා අරවින්ද සර් එක්ක කතා කරමින් ඉන්නවා දැක්කා. රාත්‍රී 12. 10 විතර මම නිදාගන්න ලෑස්ති වුණා. අන්තිමට මම තේ එකක් හදලා දුන්නා. ඒ වෙනකොට වෙලාව රාත්‍රී 12.00 ත් 12.05 ත් අතර ඇති. මම රාත්‍රි 12.15 ට විතර මම නිදාගන්න ගියා. රාත්‍රී 1.30 ට පමණ වොෂ් රූම් යන්න මම ඇහැරුණා. පැන්ට්‍රි කාමරය පැත්තේ ලයිට් දාලා තියෙනවා දැක්කා. මම ජනේලෙන් එබිලා බැලුවා. ඒ වෙලාවේ මම දැක්කා කපිල මහත්තයා සුදුපාට බෝතලයක් අතේ තියාගෙන ෆිල්ටර් එක ළග හිටියා. මම සර්ගෙන් ඇහුවා මොනවද ඕන කියලා. වතුර ගන්න ආවා කියලා කිව්වා. මම කිව්වා කාමරයේ වතුර තියලා තියෙනවා කියලා. පස්සේ උඩට ගියා. මම නිදාගන්න ගියා" යනුවෙන් සාක්ෂිකරු ප්‍රකාශ කළේය.

පසුව සාක්ෂි ලබාදුන්නේ අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ සීසීටීවී කැමරා සවි කළ ආයතනයේ ඉංජිනේරුවකු වන ක්‍රිෂාන්ත කමලසිරි මහතායි.

''අරවින්ද ද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුව ඔහූගේ නිවසේ කැමරා පහක් සවිකලා. 2022 වසරේ වගේ තමයි ඒවා සවිකළේ. ඒ අවස්ථාවේදී එම නිවසේ සිටි ප්‍රසන්න නමැත්තාට පෙන්නුවා රෙකෝඩ් වෙනවා කියලා. දත්ත මාසයක් පමණ තියාගන්න විදියටයි තිබුණේ. අවුරුද්දකට විතර පස්සේ කතා කරලා කිව්වා එලාම් එකක් වදිනවා බලන්න කියලා. පරීක්ෂා කළාම ඒකේ හාඩ් "ඩිස්ක් එක" ඩැමේජ් වෙලා කියලා දැනගත්තා. පසුව මාරු කළා. මේවා සර්විස් කිරීම ගැන ඇග්‍රීමන්ට් එකක් තිබුණේ නැහැ. මේ කැමරාවල දත්ත ගබඩා නොවෙන්නේ ඇයි කියලා මට කියන්න බෑ. මම පරීක්ෂා කරලා නෑ" යනුවෙන් සඳහන් කළා. අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 22 වනදා දක්වා කල් තැබුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප