header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහා පොදු වෙබ් අඩවියක්
May 18, 202610:32 PM
ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහා පොදු වෙබ් අඩවියක්
Mobitel 1278

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නවීකරණය කරන ලද නිල වෙබ් අඩවිය සහ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සඳහා වූ නව පොදු වෙබ් අඩවි වේදිකාව අද (18) නිල වශයෙන් දියත් කෙරුණි.

අමාත්‍යාංශයේ ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති මෙම උත්සවය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේ ඩිජිටල් පරිවර්තනය යනු හුදෙක් නව තාක්‍ෂණය හඳුන්වා දීම පමණක් නොව, රජයේ ආයතන මගින් මහජනතාව වෙත සපයන සේවාවන්හි කාර්‌යක්ෂමතාවය, ප්‍රවේශ්‍යතාවය, විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවීම බවය.

මෙම නව ඒකාබද්ධ ඩිජිටල් වේදිකාව හරහා මෙරට පුරවැසියන්, විදේශගත ශ්‍රී ලාංකිකයින්, විදේශීය ආයෝජකයින්, සංචාරකයින් සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ පවතින සන්නිවේදනය තවදුරටත් ශක්තිමත් වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම පොදු වෙබ් අඩවි වේදිකා ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල 07 ක් මෙම ඒකාබද්ධ පද්ධතියට ඇතුළත් කර ඇත.
ඒවා නම්,

නව දිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

මාලේහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්‌යාලය

වෙලිංටන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

බුකාරෙස්ට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසීලියාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

හේග්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

කයිරෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ඉදිරියේදී අදියර කිහිපයක් යටතේ විදේශයන්හි පිහිටි සියලුම ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ කාර්යාල මෙම ඒකාබද්ධ සහ ප්‍රමිතිගත ඩිජිටල් වේදිකාව යටතට ගැනීමට නියමිතය.

අමාත්‍යාංශයේ මහජන රාජ්‍යතාන්ත්‍රික අංශය, සාමාන්‍ය පරිපාලන අංශය සහ තොරතුරු තාක්ෂණ ඒකකය එක්ව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය (SLCERT), ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.

මෙහි තාක්ෂණික සහයෝගීතාවය Frontwalker පුද්ගලික සමාගම විසින් සපයා තිබේ.

නවීන සයිබර් ආරක්ෂණ ක්‍රමවේද, විශ්වසනීයත්වය සහ පරිශීලක-හිතකාමී (User-friendly) බහුකාර්ය ලක්ෂණ කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් මෙම වෙබ් අඩවි පද්ධතිය නිර්මාණය කර ඇති අතර, මෙය පුරවැසි කේන්ද්‍රීය රාජ්‍ය සේවාවක් උදෙසා තැබූ වැදගත් පියවරක් ලෙස සැලකේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්