header logo
SLIC
උණුසුම් පුවත්
2026 වසරේ පළමු මාස 3දී වාහන ආනයනය සඳහා අ. ඩො මිලියන 600ක් වැය වෙයි
May 18, 202607:24 PM
2026 වසරේ පළමු මාස 3දී වාහන ආනයනය සඳහා අ. ඩො මිලියන 600ක් වැය වෙයි
Mobitel 1278

2026 වසර තුළ වාහන ආනයනය සඳහා අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි විදේශ විනිමය වැය වන ලකුණු පෙනී ය බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ, පසුගිය වසරේ වාහන ආනයනය සඳහා ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2ක මුදලක් වැය වී ඇති බවය.

එය මුලින් අපේක්ෂා කළ අමෙරිකානු ඩොලර් බිලියන 1.5ත් 1.7ත් අතර ප්‍රමාණයට වඩා ඉහළ අගයක් බවද ඔහු පැවසීය. ඒ හේතුවෙන් භාණ්ඩාගාරයට අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි ආදායමක් හිමි වූ බවද ඔහු පෙන්වා දුන්නේය.

මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, 2026 වසරේ පළමු මාස තුන තුළ පමණක් වාහන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 600කට ආසන්න මුදලක් වැය වී ඇති බවය.

එම ප්‍රවණතාව වසර පුරාම පැවතුණහොත් වසර අවසානය වනවිට වාහන ආනයන වියදම අමෙරිකානු ඩොලර් බිලියන 2.4 දක්වා ඉහළ යා හැකි බවද ඔහු සඳහන් කළේය.

2026 වසර සඳහා මුදල් අමාත්‍යාංශය විසින් සිදුකර තිබූ පුරෝකථන අනුව පසුගිය වසරට වඩා අඩු වාහන ප්‍රමාණයක් ආනයනය වනු ඇතැයි අපේක්ෂා කර තිබූ නමුත්, මේ වනවිට පවතින දත්ත අනුව එම ඉලක්කය ඉක්මවා යාමේ ඉඩකඩක් පවතින බව මහ බැංකු අධිපතිවරයා පැවසීය.

කෙසේ වෙතත්, වාහන ආනයනය ඉහළ යාම හේතුවෙන් රජයේ බදු ආදායම් ඉලක්කවලට අහිතකර බලපෑමක් එල්ල වන බවක් මේ වනවිට නොපෙනෙන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

"ගිය වසරේ වාහන ආනයයකළා අමෙරිකානු ඩොලර් බිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් එතකොට ගිය අවුරුද්දේ ආදායම වැඩිවීමේ එක හේතුවක් තමයි බලාපොරොත්තු වඩා වැඩියෙන්... අපි හිතුවේ අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් 1.7ක් වගේ ගණනකින් නවතී කියලා බිලිය දෙකක් ගියාම භාණ්ඩාගාරයේ ආදයම ඊටත් වඩා වැඩි වුණා එතකොට අමෙරිකානු ඩොලර් බිලියන දෙකක වාහන ආනයනය. දැන් මේ වෙනකොට තියෙන දත්ත අනුව 2026 පළමු මාස තුනේ අමෙරිකානු ඩොලර් මිලයන 600ක ගණන ප්‍රමාණයක් වාහන ආනයනය වෙලා තියෙනවා. එහෙම අවුරුද් අවසාන වෙනතුරු ගියොත් එනම් අවුරුද්ද ඇතුළත 600 ගාණේ ගියොත් අවුරුද්ද අවසානයේ අමෙරිකානු ඩොලර් බිලියන 2.4ක්. එ කියන්නේ ගිය අවුරුද්දටත් වඩා වැඩි ප්‍රමාණයක්. මේ අවුරුද්ද ඇත්තවශයෙන්ම පුරෝකථනය කරලා තිබුණේ මුදල් අමාත්‍යාංශය ගිය අවුරුද්දට වඩා අඩු වාහන ප්‍රමාණයක් මේ අවුරුද්දේ ආනයනය වෙයි කියන බලාපොරොත්තුව ඇතුළේ තමයි. ආදයම් ඉලක්ක මට හරියමට කියන්න දන්නේ නැහැ ඒක මුදල් ආමත්‍යාංශයේ කාර්යයක් අයවැයේ මට මතක හැටියට සංඛ්‍යා අනුව වාහන මත බදුවලින් බලාපොරොත්තු වන ආදායම වාහනවලට වියදම් කරන මුදල අමෙරිකානු ඩොලර් බිලියන 2කට වඩා අඩුවෙන් තමයි අපේ පුරෝකථනය දුන්නේ 2026 අවුරුද්දට නමුත් දැන් පේන විදිහට කොහොමත් ඒ ප්‍රමාණය හෝ ඊට වැඩි ප්‍රමාණයක් මේ වසර තුළ එන්න පුළුවන් බොහෝ ඉඩකඩ තියෙනවා ඒ නිසා රජයේ ආදායමට එකෙන් බලපෑමක් වෙයි කියලා දැනට පෙන්නේ නැහැ."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප