ගත වූ පැය 24 තුළ දියේ ගිලීමෙන් 5ක් මරුට

ගත වූ පැය 24 තුළ දියේ ගිලීමෙන් 5ක් මරුට

May 18, 2026   06:43 am

ගත වු පැය 24ක කාලය තුළ සිදුවු දියේ ගිලීම් අනතුරුවලින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කැකිරාව සහ තෙල්දෙණිය යන ප්‍රදේශවලින් මෙම අනතුරු වාර්තා වු බව පොලීසිය සඳහන් කළේය.

කැකිරාව සමගිගම ප්‍රදේශයේ දී අතහැර දමා තිබු ගල්වලක දිය නෑමට ගිය එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදි සහ 41 හැවිරිදි හපුතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙකි.

මේ අතර තෙල්දෙණිය, වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගොස් සිටියදී දියේ ගිලී අතුරුදන්ව සිටි අනෙක් තරුණයාගේ මළ සිරුර ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

තරුණයින් සිව් දෙනෙකු තෙල්දෙණිය බඹරගල පන්සල අසල ප්‍රදේශයෙන් ඊයේ (17) පස්වරුවේ වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගොස් සිටියදී ඔවුන්ගෙන් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබුණි.

එහිදි තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු එම අවස්ථාවේ දී සොයාගත් අතර අනෙක් තරුණයාගේ මළ සිරුර පසුව සොයාගත් බව පොලීසිය පැවසීය.