header logo
SLIC
උණුසුම් පුවත්
වැසි සහ සුළං හේතුවෙන් නිවාස 141ක් අර්ධ හානියට
May 16, 202608:46 AM
වැසි සහ සුළං හේතුවෙන් නිවාස 141ක් අර්ධ හානියට
EDEX

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාස 141ක් අර්ධ හානියට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය පැවසුවේ පසුගිය 10 වැනි දින සිට අද (16) දින දක්වා වූ කාලය තුළ මෙම අර්ධ හානි නිවාස ප්‍රමාණය වාර්තා වී ඇති බවය.

එමෙන්ම මෙම ආපදා තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ එක් නිවාසයක් පූර්ණ හානියට ලක්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

අර්ධ හානි වූ නිවාස අතරට වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම නිවාස ගණන 78කි.

මීට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ නිවාස 25ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 12ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 6ක්, කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස 5ක්, මොනරාගල දිස්ත්‍රික්කයේ නිවාස 4, යාපනය දිස්ත්‍රික්කයේ නිවාස 4ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස 3, හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස 2ක් මෙලෙස අර්ධ හානියට ලක්ව ඇත.

මේ අතර පවතින ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාව 4,099ක් බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 48කට අයත් පවුල් 1,263ක පුද්ගලයින් 4,099ක් ආපදාවෙන් බලපෑමට ලක්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට