header logo
SLIC
උණුසුම් පුවත්
කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය අපායක්වී ඇති බව එරංග කියයි
May 15, 202606:04 PM
කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය අපායක්වී ඇති බව එරංග කියයි
Mobitel 1278

මෙරට ප්‍රධාන නගරයේ ඉදිකර ඇති පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය මේ වනවිට පාවෙන නගරයක් නොව පාවෙන අපායක් බවට පත්ව ඇති බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (15) බේරේ වැව ආශ්‍රිතව ඉදිකර ඇති පාවෙන වෙළඳ මධ්‍යස්ථානයේ පවතින තත්ත්වය සහ එහි ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමටත් බේරේ වැව සංවර්ධනය සඳහාත් අවශ්‍ය සැලසුම් සකස් කිරීම වෙනුවෙන් එහි ක්ෂේත්‍ර පරීක්ෂණයකට එක්වෙමිනි.

මෙම ව්‍යාපෘතියේ ආරම්භක සැලැස්ම අතරමගදී වෙනස් කර පසුගිය පාලන සමයේ දේශපාලන ක්‍රියාමාර්ග සමඟ ගත් තීන්දු හේතුවෙන් අද වනවිට අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.

ඉන් කොළඹ නගරයටත් ජනතාවට සහ පරිසරයට දැඩි අහිතකර තත්ත්වයක් නිර්මාණයවී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

2014 වසරේ ආරම්භ කරන ලද පාවෙන මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු වෙළදසැල් 92ක් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ මෙම වෙළදසැල් වසර 5ක බදු පදනමක් මත ව්‍යාපාරිකයින්ට පිරිනමා ඇති බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ වනවිට මෙහි ක්‍රියාත්මක වන්නේ වෙළඳසැල් 16ක් පමණක් බවත් නිසි ලෙස නඩත්තු නොකිරීමෙන් වෙළදසැල් පරිශ්‍ර දැඩි ලෙස විනාශයට පත්ව මේ වනවිට පාරිභෝගිකයින් නොපැමිණෙන ස්ථාන බවට පත්ව ඇති බව සඳහන්ය.

දිනෙන් දින මෙහි වෙළඳසැල් සහ ඒ ආශ්‍රිත යටිතල පහසුකම් විනාශයට පත්වෙමින් පවතින අතර දැව හා ලෝහ ආශ්‍රිතව සිදු කර ඇති ඉදිකිරීම් දිරාපත්වීම හේතුවෙන් දැඩි අනාරක්ෂිත තත්ත්වයක් ද උද්ගතව ඇති බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය පැවසීය.

එමෙන්ම කොළඹ බැස්ටියන් මාවත සහ ඩී. ආර්. විජේවර්ධන මාවත භාවිත කරන රාජ්‍ය සේවකයින් ඇතුළු ජනතාව Floating Market සංකීර්ණය හරහා ඉදිකර ඇති මාර්ගයේ ගමනාගමනයේ යෙදෙති.

එහි යකඩ තහඩු හා අත්වැට ගැලවී මෙම හරස් මාර්ගය ද දැඩි ලෙස අනාරක්ෂිතවී තිබේ.

බස් හා දුම්රිය සේවා ලබා ගනු ලබන ජනතාව දිවා රාත්‍රී ගමනාගමනයට කෙටි මාර්ගයක් ලෙස මෙය භාවිත කරනු ලැබීය.

මෙහි සියලුම විදුලි පද්ධති අක්‍රියවී අනාරක්ෂිත තත්ත්වයට අමතරව විවිධ අපචාර සිදුවන ස්ථානයක් බවට ද පත්ව ඇති බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පාවෙන වෙළඳ සංකීර්ණ පරිශ්‍රයේ සියලුම ප්‍රවේශයන් භෞතිකව නිරීක්ෂණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ, පවතින අනාරක්ෂිත තත්ත්වයට කඩිනම් විසඳුම් ලබාදී ජනතාවගේ හා ව්‍යාපාරික ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසය.

අනතුරු පවතින ස්ථාන හා ඉවත් කළ අබලි ද්‍රව්‍ය, කසල බැහැර කිරීම් විධිමත්ව සිදුකරන ලෙසත් භාෂා ත්‍රිත්වයෙන් දැනුම්වත් කිරීමේ පුවරු සටහන් කර ආරක්ෂිත තත්ත්වයන් ස්ථාවර කරන ලෙසට නියෝජ්‍ය අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

පැවතියාට වඩා උසස් තැනකට මෙම ව්‍යාපෘතිය නැවත පරිවර්තනය කිරීමට ප්‍රමිතිගත වැඩපිළිවෙලක් සිදුකිරීමේ අවශ්‍යතාවය ද බේරේ වැවේ ජල තලය මතුපිට පවිත්‍ර කිරීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව මගින් දෛනිකව සිදුකිරීමේ අවශ්‍යතාවය ද ඔහු එහිදී අවධාරණය කර සිටියේය.

හෙක්ටයාර් 65ක් පුරා විහිදී පවතින බේරේ වැව සංවර්ධනයට අවශ්‍ය තිරසර සැලසුම් වෙනුවෙන් බේරේ වැවේ ස්ථාන තුනකින් නිරීක්ෂණයට ද එරංග ගුණසේකර මහතා එක්විය.

ඒ, බේරේ වැව මගින් උද්ගතව ඇති සෞඛ්‍ය හා පාරිසරික ප්‍රශ්නත් එහි සංවර්ධනය බලපාන ගැටළුත් සොයාබැලීම අරමුණෙනි.

නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් නැගෙනහිර බේරේ, බටහිර බේරේ සහ ගංගාරාම බේරේ යන ස්ථානවලින් නිරීක්ෂණයන් සිදු කළ අතර, එහි පවතින තත්ත්වයන් සමීපව අධ්‍යනය කළේය.

දැනට දිරාපත් වෙමින් අනාරක්ෂිතව පවතින බේරේ වැවේ රැහැන් පාලම සහ ‘කලාදූවේ බුබ්බුලාකාර සෙවණ’ පරිශ්‍රය ද නිරීක්ෂණය කිරීම මීට සමගාමීව අමාත්‍යවරයා විසින් සිදු කළ බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප