
මුදල් ඔට්ටුවට කැට ගැසීමේ නිරත වූ සූදු පොළක් පාදුක්ක පොලීසිය විසින් වටලා තිබේ.
පොලීසිය පැවසුවේ වැටලීමෙන් කාන්තාවන් 08 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගත් බවය.
කලක සිට මෙම කැටගැසීම පාදුක්ක උඩමුල්ල ලඳු කැලෑවක් තුළ පවත්වාගෙන ගොස් ඇති නමුත් පොලීසිය අවස්ථා කිහිපයකදීම සූදු පොළ වැටලීමට උත්සාහ කළද ප්‍රදේශයේ තැරැව්කරුවන් හේතුවෙන් නොහැකි වී තිබේ.
මෙම සූදු පොළ සඳහා අතුරුගිරිය, හෝමාගම, ඉංගිරිය, ගෝනපොල, කපුගල යන ප්‍රදේශවලින් පිරිස පැමිණ ඇති බව පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් අද (15) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

















































