header logo
SLIC
උණුසුම් පුවත්
වසර දෙකහමාරකට පසු ඩොලරය රු.329 පනී
May 14, 202607:49 PM
වසර දෙකහමාරකට පසු ඩොලරය රු.329 පනී
Mobitel 1278

ශ්‍රී ලංකා රුපියල මත තිබෙන පීඩනය තවදුරටත් තීව්‍ර කරමින් අද දිනයේදී අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 329 යි ශත 92ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම අගය 2023 ‍දෙසැම්බර් 27 වැනිදායින් පසු ඩොලරයක් වෙනුවෙන් මෙරට වාර්තා වූ ඉහළම මිලයි.

2022 මාර්තු 07 දක්වා රුපියල් 202.99ක ස්ථාවර අගයක පැවති පැවති අමෙරිකානු ඩොලරයේ රුපියල් වටිනාකම, 2022 මාර්තු 08 දින සිට රුපියල පා කිරීමට ගත් තීරණයත් සමගින් ශීඝ්‍රයෙන් ඉහළ ගියේය.

එහි ප්‍රතිඵලයක් ලෙස 2022 මැයි 12 වන විට රුපියල් 377.49ක් දක්වා ඩොලරයේ විකුණුම් මිල ඉහළ ගියේය.

කෙසේවෙතත් ඉන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හමුවේ ක්‍රමයෙන් රුපියල අවප්‍රමාණය පාලනය වූ අතර 2023 වසර අවසානය වන විට රුපියල් 328.77ක් දක්වාත් පහළ ගියේය.

ඉන් පසු මේ දක්වා වාර්තා වූ ඩොලරයක අඩුම විකුණුම් මිල 2024 දෙසැම්බර් 13 වෙනිදා වාර්තා වුණි.

ඒ රු. 294.49ක් ලෙසින්ය.

මෙවන් පසුබිමක 2023 ‍දෙසැම්බර් 27 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම විකුණුම් මිල අද දිනයේදි වාර්තා වී තිබේ.

ඒ රුපියල් 329.92ක් ලෙසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තාවලට අනුව 2026 වසරේ ජනවාරි 01 සිට මැයි 08 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 3.6කින් අවප්‍රමාණය වී තිබේ.

රුපියල දිගින්දිගටම යළි අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් මහබැංකු අධිපතිවරයා මෙලෙස කරුණු පැහැදිලි කළේය.

ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

"මූල්‍ය ප්‍රතිපත්ති රාමුව අනුව විනිමය අනුපාත සකස්වීම සාමාන්‍යයෙන් දක්නට ලැබෙන තත්ත්වයක්. නමුත් මේ වසරේ අපට දක්නට ලැබෙන්නේ බාහිර තත්ත්වයන් වෙනස්වීම, හේතුවෙන් ශ්‍රී ලංකා රුපියල විතරක් නෙවෙයි, අනෙක් ඊට සමාන විනිමයත් අව ප්‍රමාණය වීම සහ අමෙරිකානු ඩොලරය ශක්තිමත් වීමයි. ගෝලීය අවිනිශ්චිතභාවයයි ඊට හේතු වී තිබෙන්නේ. උදාහරණයක් විදියට ඇතැම් මාධ්‍ය අද වාර්තා කරල තිබුණා. ඉන්දීය රුපියල ඉතිහාසයේ දුර්වලම මට්ටමට දැන් පත්වී ඇතිබව. ඒක සිදුවෙලා තිබෙන්නේ ඉන්දීය සංචිත බැංකුව සතුව ඩොලර් බිලියන 700ක විදේශ සංචිත තිබියදීයි. පිලිපීන මහ බැංකුව, තායිලන්ත මහබැංකුව ගත්තොත් එම රටවල විනිමයත් අවප්‍රමාණවීමත් එක්ක ඔවුනුත් යම් මට්ටමකට මැදිහත්වෙමින් විනිමය අනුපාත නිශ්චිත මට්ටමක පවත්වාගන්න කටයුතු කරනවා. අපේ විනිමයට අද සිදුවෙලා තිබෙන්නේ ඇත්තටම බාහිර කම්පනයට මුහුණ දීමට සිදුවීමයි"

රුපියල දිගින්දිගටම අවප්‍රමාණය පිළිබඳව විග්‍රහයක් ඉදිරිපත් කරන ඇඩ්වොකාටා ආර්ථික පර්යේෂණ ආයතනය පෙන්වා දෙන්නේ මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය ඩොලර් ඉල්ලුම මත වැඩි බලපෑමක් සිදු කිරීම මේ තත්ත්වයට බලපා ඇති බවයි.

එමෙන්ම බොරතෙල් වෙළඳපොළේ අස්ථාවරත්වය හා නැව් ගාස්තු ඉහළ යෑම මෙම තත්ත්වයට හේතු වි තිබේ.

ඇඩ්වොකාටා ආයතනය තවදුරටත් පෙන්වා දෙන්නේ සෘජු ලෙස ආනයනවල මිල ක්‍රමයෙන් ඉහළ යෑමටත් අපනයන ආදායම වැඩිවීමටත් මෙම තත්ත්වය බලපාන අතර , ණය ගෙවීමේදි මෙලෙස රුපියල අවප්‍රමාණය වීම යම් අවාසිසහගත බලපෑමක් ඇති කරන බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...