header logo
SLIC
උණුසුම් පුවත්
කපිල මිය ගිය අරවින්දගේ නිවසේ CCTV දත්ත ගබඩා වෙලා නැහැ
May 14, 202607:23 PM
කපිල මිය ගිය අරවින්දගේ නිවසේ CCTV දත්ත ගබඩා වෙලා නැහැ
Mobitel 1278

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා සැකකටයුතු ලෙස මිය ගොස් සිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාට අයත් නිවසේ ආරක්ෂ කැමරා පද්ධතියේ දත්ත ගබඩාවී නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාස අද (14) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දැනුම්දී තිබේ.

ඒ පිළිබඳ කරුණු වාර්තා කරමින් විමර්ශන නිලධාරීන් කියා සිටියේ, එම නිවසේ ආරක්ෂක කැමරා පද්ධතිය ක්‍රියාත්මක තත්ත්වයේ පැවතියද, එහි දත්ත ගබඩාවීමක් සිදුනොවන බව විමර්ශනයේදී අනාවරණය වූ බවය.

සැකකටයුතු ලෙස මරණයට පත්වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම අද (14) දෙවැනි දිනටත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදු කෙරිණි.

සිදුකෙරෙමින් පවතින විමර්ශන සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳට අයත් නිවසක් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව ඉකුත් 12 වැනිදා සෝදිසියට ලක්කළ බවත්, එම නිවසෙහි තිබී Laptop පරිගණක 02ක් සහ ලිපිගොනු කිහිපයක් නඩු භාණ්ඩ ලෙස සිය භාරයට ගත් බවත් එම නිලධාරීන් මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නහ.

එහිදී "මරණකරු මියගොස් සිටි නිවසේ සියලු CCTV කැමරා දර්ශන මේ වනවිට විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත්ද" යන්න මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරින්ගෙන් ප්‍රශ්න කර සිටියේය.

ඊට පිළිතුරු දෙමින් විමර්ශන නිලධාරියා සඳහන් කළේ, අදාළ නිවසේ CCTV කැමරා පද්ධතිය ක්‍රියාත්මක තත්ත්වයේ පැවතියද, එහි දත්ත ගබඩාවීමක් සිදුනොවන බව සිදුකළ විමර්ශනයේදී අනාවරණ වූ බවය.

එබැවින් එම නිවසට අදාළව විමර්ශනයට යොදාගත හැකි CCTV දර්ශන හමුනොවූ නමුත්, ආසන්න නිවාස 02ක CCTV කැමරා පද්ධතිවලින් 2026 මැයි 06 වැනිදා සිට මැයි 08 වැනිදා දහවල් දක්වා වූ කාලයට අදාළව ඉදිරිපස හා පැති දර්ශන ඇතුළත් CCTV දර්ශන සිය භාරයට ගෙන ඇති බව විමර්ශන නිලධාරියා ප්‍රකාශ කළේය.

එහිදී "මරණකරු රැඳීසිටී නිවසේ ප්‍රවේශ දොරටු කීයක් තිබේද?" යන්න මහේස්ත්‍රාත්වරයා යළි විමසා සිටියේය.

අදාළ නිවසට ප්‍රවිෂ්ටවීමට එක් ප්‍රවේශ දොරටුවක් පමණක් ඇති බවට පිළිතුරු දුන් විමර්ශන නිලධාරියා සඳහන් කළේ, නිවසට ඇතුල්වන සහ පිටවන පුද්ගලයින් සම්බන්ධයෙන් වූ දර්ශන දැනට සිය භාරයට ගෙන ඇති CCTV දත්ත පද්ධතිය තුළ ඇතුළත් බවය.

අනතුරුව සැකකටයුතු ලෙස මියගොස් සිටි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරික්ෂණයේ දෙවැනි දින සාක්ෂි විමසීම ආරම්භ විය.

එහිදි අරවින්ද සිල්වා මහතාගේ නිවසේ කාමරයක් තුළ කපිල චන්ද්‍රසේන මහතා මියගොස් සිටී දර්ශනය මුලින්ම දැක තිබූ නීතිඥ ප්‍රියන්ත අමරසිංහ මහතා සාක්ෂි ලබා දුන්නේය.

" ස්වාමිනි, 2026 මැයි මස 08 වැනිදා මම අරවින්ද සිල්වා මහතාගේ නිවසට ගියේ ඊට පෙර දින රාත්‍රියේ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා කරපු දැනුම් දීමකට අනුව. පෙර දින රාත්‍රී 9.30ට විතර රියෙන්සි සර් මට කතා කරලා කිව්වා,"කපිල චන්ද්‍රසේනව අධිකරණයට ඉදිරිපත් කරන්න තියෙනවා. සර්ගේ චේම්බර් එකේ මෝෂන් එක හදලා තියෙන්නේ. උදේම ගිහිල්ලා මෝෂන් එක දාලා සර් එනකල් නඩුව Keep Down කරන්න" කියලා. ඒ වගේම "කපිල රිමාන්ඩ් වෙයි කියලා බයේ ඉන්නේ, ගිහින් කපිලව හම්බවෙලා මේ මෝසම දාන්නේ වරෙන්තුව ආපසු කැඳවන්න කියන එක පැහැදිළි කරන්න" කියලාත් කිව්වා. පස්සේ එදා රෑ 11ට විතර Mr. රියෙන්සි කතා කරන්න කිව්වා කියලා අරවින්ද ද සිල්වා මට කතා කළා. ඒ වෙලාවේ කපිලත් එතන ඉන්නවා කියලා අරවින්ද මට කිව්වා. "31 ද 21 ද මන්දා Section එකක් ගැන කපිල හැමවෙලේම කියවනවා, ඒක කියකිය රිමාන්ඩ් වෙයි කියලා බයේ ඉන්නේ" කියලත් අරවින්ද මට කිව්වා. පස්සේ මම අරවින්දට කිව්වා "පහුවෙනිදා උදේ 7.15ට විතර එයාගේ නිවසට එන්නම්" කියලා. පහුවෙනිදා උදේ 7.15ට විතර නිවසට ගිහිල්ලා Call කරපුවාමයි අරවින්ද ඇහැරුණේ. මම නිවස ඇතුළට ගියාම අරවින්ද උඩ තට්ටුවේ ඉඳලා පහළට බහින ගමන් කියාගෙන ආවා "මම කපිලට Call කළා Answer කරන්නේ නැහැ" කියලා. පස්සේ මම කිව්වා "දොරට තට්ටු කරලා බලන්න" කියලා. අරවින්ද උඩට ගිහින් දොරට තට්ටු කරලා ඇවිල්ලා කිව්වා "දොර අරින්නේ නැහැ" කියලා. පස්සේ මමයි, අරවින්දයි, බිරිඳයි උඩට ගියා. අරවින්ද Wash Room එකට ගියාම මම ඔහුගේ බිරිඳගෙන් ඇහැව්වා "Master Key එකක් තියෙනවාද" කියලා. බිරිඳ Master Key එක ගෙනල්ලා දොර ඇරියා. එතකොට 7.35 වගේ වෙන්න ඇති. දොර අරද්දිම මම දැක්කා ඇඳේ ඇතිරිල්ල ගුලිවෙලා වගේ තියෙනවා. කවුරුත් ඇඳේ නැති නිසා වම්පස බැලුවා. එහි දොරක උඩ ටයි පටියක් වගේ එකක් එල්ලිලා තිබුණා. ඊට පහළ බිම නිල්පාට වගේ පුටුවක් උඩ තට්ටය සහිත ඔළුවක් දැක්කා. දොර උඩ තිබ්බ පටියේ කොටසක් බෙල්ලෙත් තියනවා නිරීක්ෂණය කළා. පස්සේ මම අරවින්දගේ නෝනාව අතින් පිටිපස්සට කරගෙන කාමරයෙන් එළියට ආවා. ඒ වෙලාවේ අරවින්ද එතනට ආවා. මම අරවින්දට කිව්වා "මැරිලා වගේ, දන්න ඩොක්ටර් කෙනෙක්ට කතා කරන්න" කියලා. ඒක අහපුගමන් ඔහුත් බියට පත්වුණ බව මම දුටුවා. පස්සේ ඔහු Call ගද්දිත් කලබලවෙලා කියලා මට පේන්න තිබුණා "

අනතුරුව සැකකටයුතු ලෙස මියගොස් සිටී කපිල චන්ද්‍රසේන මහතාගේ දේහය මුල්වරට පරික්ෂා කළ පෞද්ගලික රෝහලක වෛද්‍ය යශෝදා ලක්ෂානි ලියනගේ ද මරණ පරීක්ෂණයට අදාළව සාක්ෂි ලබාදුන්නාය.

" මැයි 08 වැනිදා උදේ 7.45ට විතර අපේ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ලද ඇමතුමකට අනුව කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙක් සමඟින් මම 7.50ට විතර එම ස්ථානයට ගියා. Lawyer කෙනෙක් කියලා හඳුන්වාදුන්න කෙනෙක් අපිව එක්කගෙන ගියා නිදන කාමරයකට. ඇඳ හිස්ව තිබුණේ. වම් පස කොණේ දොරක් තිබුණා. දොර ඉදිරිපස පුටුවක් දොර පැත්තට හරවලා තිබුණා. එතැන පුද්ගලයෙක් වැටිලා හිටියා. පස්සේ මම ඒ පුද්ගලයාගේ ජීවය තියෙනවාද දැනගන්න "Signs of Life" පරික්ෂා කළා. හුස්මගැනීම නතරවෙලා මුහුණේ පැත්තක් පුටුවට තදවෙලා තිබුණේ. නාඩි වැටීමත් නැවතිලා තිබුණා. මගේ පැත්තට වැටිලා තිබුණ දකුණු අත මම උස්සලා බලනකොට බාගෙට ගල්වෙලා තිබුණා. දකුණු ඇසේ කළු ඉංගිරියාව විශාලවෙලා ස්ථිරව නොසෙල්වී තිබුණා. ඒ කියන්නේ මම පරික්ෂා කරනවිටත් ඒ පුද්ගලයා මැරිලා හිටියේ."

වෛද්‍යවරිය මරණකරු පරික්ෂාවට ලක්කළ මොහොත හා බැලීමේදී ඊට කොපමණ වේලාවකට පෙර මරණය සිදුවී තිබුණේද යන්න මෙහිදී සාක්ෂි මෙහෙයවූ පොලිස් නිලධාරියා විමසා සිටියේ ය.

ඊට පිළිතුරු දුන් වෛද්‍යවරිය " පැයක් - දෙකක් ඇතුළත වෙන්න ඕනේ " යැයි සඳහන් කළාය.

අනතුරුව අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබාදුන් කපිල චන්ද්‍රසේන මහතාගේ නිවසේ සේවය කළ සේවකයෙකු වන මනතුංග මුදියන්සේලාගේ සෝමදාස නැමැත්තෙකු මහේස්ත්‍රාත්වරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ, කපිල චන්ද්‍රසේන මහතා ඇප ලබා මැයි මස 06 වැනිදා බාන්ස් ප්‍රදේශයේ නිවසට පැමිණි මොහොතේ සිට මැයි මස 07 වැනිදා යළි අරවින්ද ද සිල්වා මහතාගේ නිවසට පිටව යන මොහොත දක්වා ඔහු හමුවීමට කිසිවකු නිවසට නොපැමිණි බවය.

අනතුරුව කපිල චන්ද්‍රසේන මහතාගේ බාන්ස් පෙදෙසේ පිහිටි නිවසේ සේවය කළ සේවිකාවක් වන සුබ්‍රහිම් ප්‍රමිලා නම් තැනැත්තියද සාක්ෂි ලබාදුන්නාය.

" මැයි 06 වැනිදා කපිල සර් නිවසට ආවේ සවස 05ට විතර. රෑ 08.30ට විතර කෑම කාලා අපි සනීපෙන් ඉන්නවාද, බල්ලන්ට කන්න දුන්නාද වගේ දේවල් පොඩ්ඩක් කතා කරලා ඇඟට අමාරුයි කියලා ගිහින් නිදාගත්තා. පහුවෙනිදා සවස 3.30ට විතර සර් කාර් එකෙන් ගෙදරින් ගියාට ආයේ ගෙදරට ආවේ නැහැ. අරවින්ද සර්ගේ Driver නැවත කාර් එක ගෙනැල්ලා අපේ ගෙදර දාලා මට යතුර දුන්නා. කපිල සර් රෑ 11.30ට විතර මට Call කළා. ඉස්සෙල්ලාම කිව්වේ "රෑට අදින්න ඇඳුමක් බෑග් එකකට දාන්න" කියලා. පස්සේ දෙවැනි පාර ආයෙත් Call කරලා "කන්නාඩි කුට්ටම් 02යි, බෙහෙත් ටිකයි, නිල්පාට බෙල්ට් එකකුයි දාන්න" කිව්වා. "සරම යට නිල්පාට බෙල්ට් එක තියෙනවා" කිව්වා. ඒක සර් Exercise කරන්න පාවිච්චි කරන බෙල්ට් එකක්. සර් ඒක ගන්න වාහනයක් එවනවා කිව්වා. පස්සේ වාහනයක දෙන්නෙක් ආවා. මම ඔවුන්ට එක දුන්නා. පසුදින සර් ආපු නැති නිසා මම උදේ 6.40ට විතර Call කළා. එත් සර් Answer කළේ නැහැ. සර් උසාවියට යන්න ඕන කිව්ව නිසයි මම Call කළේ. "

කපිල චන්ද්‍රසේන උසාවියට යන්න අවශ්‍ය බව පැවසුවේ කිනම් අවස්ථාවකද යන්න මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටියේය.

පෙර දින ඇඳුම් ඇතුළු භාණ්ඩ ගෙන්වාගැනීමට ඇමතූ අවස්ථාවේදී "මට හෙට උසාවි යන්න තියෙනවා. සුදු ඇඳුමක් අයන් කරලා තියන්න" යැයි පැවසූ බවට ඇය පිළිතුරු දුන්නාය.

මෙහිදී වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් සේවිකාව සඳහන් කළේ, මැයි මස 08 වැනිදා උදෑසන 7.25ට පමණ CID යැයි කියමින් පැමිණි 05 දෙනෙකුගෙන් යුත් පිරිසක් නිවස පරික්ෂාකිරීමේ සෝදිසි වරෙන්තුවක් පෙන්වා නිවස පරික්ෂා කළ බවය.

එහිදී "සර්, ගෙදර ඉන්නවා නේද, බොරු කියන්න එපා, ඔයාවත් ගෙනියනවා" යනුවෙන් පැවසූ බවද සේවිකාව කියාසිටියාය.

පෙ.ව. 8.15ට පමණ ඔවුන් පිටවයාමෙන් පසු තමන් කපිල චන්ද්‍රසේන මහතා මියගොස් ඇතැයි දැනගත් බවද එම සේවිකාව අධිකරණය හමුවේ සඳහන් කළාය.

මෙහිදී කපිල චන්ද්‍රසේන මහතාගේ නිවසේ සිට අරවින්ද සිල්වා මහතාගේ නිවසට කපිල චන්ද්‍රසේන මහතාගේ ඇඳුම්, බෙහෙත් සහ බෙල්ට් පටිය ඇතුළත් බෑගය රැගෙන ගිය අරවින්ද ද සිල්වා මහතාගේ රියදුරන් දෙදෙනාගෙන්ද සාක්ෂි සටහන් කරගන්න ලදී.

වැඩිදුර සාක්ෂි විමසීම මැයි 19 වැනිදා දක්වා කල් තැබුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...