header logo
Vallibel FD
උණුසුම් පුවත්
මහනුවර දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීම් කඩිනම් කරන්න - ජනපතිගෙන් උපදෙස්
May 12, 202609:41 PM
මහනුවර දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීම් කඩිනම් කරන්න - ජනපතිගෙන් උපදෙස්
Mobitel 1278

දිට්වා ආපදා තත්ත්වයෙන් නිවාස අහිමි වූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කිරීම් කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියෙහි ප්‍රගතිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් විමසා බැලු ජනාධිපතිවරයා මතුව ඇති ගැටලු නිරාකරණය කර ගනිමින්, එම කටයුතු කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (12) පස්වරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මහනුවර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

දිට්වා සුළි කුණාටුවෙන් පසු මහනුවර දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට ගෙන ඒමටත්, යටිතල පහසුකම් සංවර්ධනයටත් ගෙන ඇති පියවර පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලු ජනාධිපතිවරයා අර්ධ හානි නිවාස සඳහා වන්දි ගෙවීමේ ප්‍රගතිය පිළිබඳ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් වෙන් වෙන්ව විමසා බැලීය.

ආපදා තත්ත්වයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 12,169කට අර්ධ හානි සිදුව තිබෙන අතර නැවත පදිංචි කළ යුතු අධිඅවදානම් අර්ධ හානි 1583ක්, ගෙවීම් ගැටලු සහිත අර්ධ හානි 2304ක් සහ NBRI පරික්ෂා කළ යුතු සහ වාර්තා ලැබිය යුතු නිවාස 3795ක් පවතී.

ඒ අනුව දැනට නිශ්චිත ගෙවීම් සිදු කළ හැකි නිවාස ප්‍රමාණය 4488ක් වන අතර එයින්, 3038ක ප්‍රමාණයක් වෙනුවෙන් මේ වන විට ගෙවීම් සිදු කර තිබෙන බව නිලධාරීන් පෙන්වා දුන්හ. ඉතිරි නිවාස සඳහාද ගෙවීම් කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම, අධිඅවදානම් කලාපවලට අයත් වීම හේතුවෙන් වෙනත් ස්ථානවල පදිංචි කළ යුතු
පවුල් වෙනුවෙන් ඉඩම් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, අධිඅවදානම් කලාපවල, ජනතාව පදිංචි වීම වැළැක්වීම රජයේ වගකීම බවත්, ඊට අදාළ තීන්දු තීරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පෞද්ගලික වතුවල ජීවත් වන නැවත පදිංචි කළ යුතු වතු ජනතාවට සහන සැලසීම පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා විශේෂ අවධානය යොමු කළ අතර නැවත පදිංචි කිරීම් සඳහා යෝජිත දැනට පෞද්ගලික සමාගම් භුක්තිවිඳින රජයේ ඉඩම් කඩිනමින් නිදහස් කර ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.

තනි නිවාස නොවන නැවත පදිංචි කිරීමේ නිවාස ව්‍යාපෘතිවල යටිතල පහසුකම් සඳහා ප්‍රතිපාදන ලබා දීම මෙන්ම අර්ධ නිවාස හානි සඳහා ගෙවීම් සිදු කළ නොහැකි නිවාස ඉදිරියෙන් ඇති භූමිය ස්ථාවරව තබා ගැනීම සඳහා පැති බැමි සකස් කර ගැනීම සඳහා වූ වැඩපිළිවෙළ පිළිබඳවද සාකච්ඡා විය.

ව්‍යාපාර හානි ගෙවීම් සහ ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල විචලනය පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර මිල විචලනය පිළිබඳ මතුව ඇති ගැටලුවට ලබන සතිය තුළ විසදුමක් ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අභයකෝන්, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සහ තනුර දිසානායක, ජගත් මනුවර්ණ, ඊ.එම් බස්නායක, රියාස් ෆාරුක් යන මහත්වරු ඇතුළු පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, මහනුවර නගරාධිපති, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ඇතුළු මහජන නියෝජිතයෝද, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍රකීර්ති, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්වරු සහ අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානින් ඇතුළු රාජ්‍ය නිලධාරිහුද, ආරක්ෂක අංශ නියෝජිතයන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්